බන්දු ව අනුකරණය කරන තරුණයෙක් ගැන පසුගිය දිනෙක යම් ආන්දෝලනයක් මතු වුණා ඔබට අමතක නැතුව ඇති.
පසුගිය දවසක යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වූ කාංචන ඒ සිදුවීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූවා.
පරිස්සමින් ඉන්න අහිංසක චරිතවලට ඇයි නඩු දාන්නේ ?
අයියෝ ඒක ඇත්තටම ලොකු ඛේදවාචකයක් විදිහට පෙන්නන්නේ. ඒක කිසිම තහනමක් කරන්න පිස්සුවක් නෑ. තාත්තාට එහෙම පෞද්ගලික කේන්ති මුකුත් නෑ.
තාත්තා වගේම තවත් චරිතයක් නිසා නීති මාර්ගවලට බැස්සාලූ..?
නීති මාර්ගයට බැස්සේ තාත්තාට අපහාසයක් වෙන විදිහට යම් කිසි දේවල් 2015, 16 කාලයේදී වේදිකා සංදර්ශනවල කරලා තිබ්බා. අනුකරණය කරන ස්භාවය අඩු කරන්න කියලා තමයි නඩු දැම්මේ. කටකතාවල් අවුස්සන්න බලනවා. අපේ තාත්තා හරිම නිශ්ශබ්දයි. ඒ නිසාම පුළුවන් තරම් හැමදේම කියනවා. මගෙනුත් හැමෝම අහනවා. මම කැමති නෑ මේකට මැදිහත් වෙන්න. මොකද මේක තාත්තා කටු කාලා ආපු ගමනක්.
කලාවට ආපු හැටි....
මම පීටර් වන් එකේ රඟපෑවා 2011 දී. මගේ පළවැනි ෆිල්ම් එක. තාත්තා තමයි අධ්‍යක්ෂණය කළේ. ඒක කරලා දමිත් අයියගේ (දමිත් ෆොන්සේකා) ෆිල්ම් එකක් කළා. මම දන් නෑ ප්‍රේක්ෂකයෝ මාව තාත්තා වගේම බලාපොරොත්තු වෙනවා කියලා ඒක වැරදි. මම නම් ආස.. තමන්ගේම ශෛලීයෙන් අනන්‍යතාවය හඳුන ගත්තනම් හොඳයි.
ඇත්තටම අර කියන පුද්ගලයාට නඩු දැම්ම හේතුව?
2016 දී මෙයා රඟපාපු ඒවාගේ නම දැම්මේ සමරසිංහ කියලා. වේදිකාවට එන්නෙත් ටීෂර්ට් එහෙමත් නැතුව. එතන තිබ්බේ බන්දුගේ නම හෑල්ලූ කළා වගේ. මට මතකයි තාත්තාගේ අම්මා නැතිවෙලා, තාත්තා කතාව කියනකොට, සභාවෙන් අවසරයි කියලා කියද්දිත් මිනිස්සු හිනාවුණා. තාත්තා පන්සලකටවත් යන් නෑ. ගියොත් රෑට යන්නෙ. දවාලකට වැඳ වැඳ හිටියොත් පෙන්න පෙන්න හිනාවෙනවා. සුදු ඇඳලා බුදුන් වැඳලා එයා උසාවි යනවා. මගේ තාත්තා උසාවි යන්නේ මොකටද ? 1971 ඉඳන් එයා රැකගත්ත නම ආරක්ෂා කරගන්න උසාවි යනවා. එයා චණ්ඩියෙක් නම්.. දේශපාලන හයියක් තියෙනවා නම් උසාවි යන්න ඕනිද ? ඒවා ඔක්කොම අපේ තාත්තා අප්‍රසාදයට ලක් කරන්න කරන දේවල්...