ඒ වගේම තමයි, ක්ෂේත්‍රයේ නිහතමානී ශිල්පිනියක් විදිහටත් පිළිගන්න තරින්දි පසුගිය දවසක සතිඅන්ත පුවත්පතක් සමඟ පුංචි කතාබහක් කර තිබුණා.
තරින්දිගේ ජීවිතේ ප්‍රේමය තියෙනවාද?
මගේ අක්කයි මගේ තාත්තයි තමයි ජීවිතේ මට වැඩියෙන්ම ආදරේ. ඊට අමතරව අවංක යාලු මිත්‍රයින් කීප දෙනෙක්ම ඉන්නවා. ඒ ඉන්න පිරිස මට හරි ආදරේ. මගේ යාලුවන්ගෙන් මගේ අක්කා සහ තාත්තගෙන් ලැබෙන ආදරය මට අඩුවක් නැතුව ලැබෙනවා. අම්මා ජීවතුන් අතර නැහැ. ඒත් කොහේහරි ඉඳගෙන අම්මා මා දිහා බලාගෙන ආශිර්වාද කරනවා ඇති. අම්මා නැති අඩුව දෙවැනි අම්මා වී අක්කා මට ලබා දෙනවා. අම්මගේ හීනය හැබෑ කරන දවස එනකොට අම්මා මා ළඟ නැහැ. මට තියෙන දුක ඒකයි.
තරින්දි විවාහයේදී බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ ආදරයක් ද ? ප්‍රේමයක් ද ?
විශේෂයෙන්ම විශ්වාසය, තේරුම් ගැනීම, අවබෝධය තිබිය යුතුමයි. මාව හිරකාරියක් කරගන්නෙ නැතුව මට නිදහස දෙන්න ඕනෑ. වෙන දේවල් අවශ්‍ය නැහැ. ගරුත්වය කියන දේ තිබිය යුතුම දෙයක්. මං ගැන එයාට ගරුත්වයක් නැත්තම්, එතන ආදරයක් නැහැනේ. වෙන ලොකු දේවල් බලාපොරොත්තු වෙන් නැහැ.
සටහන - සඳුන් ගමගේ (සඳැල්ල)