Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
23
“....මීරිගම පැත්තෙ තරුණියක් ලේ වලින් ආදරෙයි කියලා එවපු ලියුම දැකල මං හොඳටම බයවුණා ! රොෂාන් කිව්වා ඕවා කියවලා ඔයා අවුල් වෙයි, බලන්න එපා කියලා..” - රොෂාන් ප්‍රනාන්දු ගැන, බිරිඳ තිළිණි කියන රහස් මෙන්න - Photos

- “....මීරිගම පැත්තෙ තරුණියක් ලේ වලින් ආදරෙයි කියලා එවපු ලියුම දැකල මං හොඳටම බයවුණා ! රොෂාන් කිව්වා ඕවා කියවලා ඔයා අවුල් වෙයි, බලන්න එපා කියලා..” - රොෂාන් ප්‍රනාන්දු ගැන, බිරිඳ තිළිණි කියන රහස් මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

කණ්ඩායම් සංගීතය තුළ පෙරළිකාරයෙක් වූ රොෂාන් ප්‍රනාන්දු හැමදාමත් ජනතාවගේ ආදරේ ඉහළින් ම දිනාගත් චරිතයක්.

දරුවෝ තුන් දෙනෙකුට ආදරණීය තාත්තා කෙනෙක් වූ ඔහු සහ ඔහුගේ බිරිඳ තිළිණි, සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක් තමයි මේ..


පසුගිය කාලය පුරාම කණ්ඩායම් සංගීතයට බාධා ආවා නේද..?
කාලෙන් කාලෙට රටේ ඇති වුණු ප්‍රශ්න එක්ක සාමාන්‍ය ජනතාවට වගේම අපිටත් ප්‍රශ්න ආවා. මේ කාලෙත් ඒ ප්‍රශ්න එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා සංගීත ප්‍රසංගවලට සම්බන්ධ වෙන්න විදිහක් නැහැ. විවාහ මංගල උත්සව හා වෙනත් ආරාධනා ලබන උත්සව වලට සම්බන්ධ වෙනවා.

විදෙස් සංචාර සඳහාත් බාධා තියෙනවද..?
විදෙස් සංචාර තුනකට ආරාධනා ලැබුණා. මේ අවුරුද්දට. නමුත් අපි ඒවා ලබන වසරට කල් දා ගත්තා. ප්‍රසංග වලට ගියොත් සල්ලී ලැබෙයි. නමුත් අපිට අපේ පවුල වටිනවා. රටේ තත්ත්වය එක්ක එයාලව තනි කරල යන්න බැහැ. ඒ නිසා කණ්ඩායමේ සියලූම සාමාජීකයින්ගේ පවුල් ගැන හිතලා අපි ඒවා කල් දාගත්තා.

එහෙම කියලා අලුත් නිර්මාණ එළිදක්වන්න බලාපොරොත්තුවක් නැද්ද ..?
මම තනියම කළ ගීත හා කණ්ඩායම එක්ක කළ ගීත කිහිපයක් ම තියෙනවා. නමුත් ඒවා රසවිඳින්න තරම් මනසක් අපේ රටේ ජනතාවට නැහැ. රටේ ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙන නිසා. ඒවා සුදුසු පසු කාලෙක එළිදක්වනවා.

ඔබේ දුවනිත් ගීත ගයනවා, ඒ ගීත පසුගිය කාලේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා..?
වෙනත් ගායකයින්ගේ ගීත කිහිපයක් ඇය ගායනා කළා. ඒ ගීත ට්‍රෙන්ඩ් වුණා. ජනතාව ආදරයෙන් ඇගේ ගීත වැළඳ ගත්තා. ඒ වගේම බොහෝ ප්‍රවීණයන් ඇයට කතා කරලා සුබ පැතුවා. ඒ විතරක් නෙමෙයි ඇයට ගීතයක් ගයන්නත් වීඩියෝ එකක් කරන්නත් ආරාධනා ලැබුණා .

ඇයගේ ගීත ඔබ විසින්ද නිර්මාණය කරන්නේ..?
දුව කොහොමත් සංගීතය කරන්නේ විනෝදංශයක් හැටියට . එයා පුද්ගලික විශ්වවිද්‍යාලයක ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරනවා. ඒ නිසා මම කැමතියි එයාගේ පරම්පරාවට ගැළපෙන අයත් එක්ක නිර්මාණ කරනවට. දිනේෂ් ගමගේ හා මනුරංග එක්ක තමයි එයාගේ ගීතය කරන්න ඉන්නේ.

ඔබ එදා ඉදලා සංගීතයත් එක්ක කාර්ය බහුල වුණු කෙනෙක්, පවුල රැක ගන්න වෙහෙස ගන්නේ බිරිඳ කිව්වොත් ..?
මගේ අම්මා මාව බලාගත්තා වගේම මගේ බිරිඳ මාව බලාගන්නවා. ඇය හරියට මගේ දෙවැනි අම්මා වගේ. සැමියෙක් විදිහට මම ගෙදරට කරන්න අවශ්‍ය වැඩ පවා ඇය කරනවා. කඩේට පොළට ගිහිං බඩු ගේන්නේ ගෙදර සියල්ල කරන්නේ තිළිණි තමයි. කලාකරුවෙක් හැටියට අපේ මනස නිරන්තරයෙන් ම නිදහසේ තියෙන්න ඕන. කලාවට වෙලාවක් නැහැ. අදහස කොයි මොහොතේ හෝ ආවොත් තමයි එය නිර්මාණයක් බවට පත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ බව ඈ තෙරුම් අරන් පවුල් ජීවිතේ නැංගූරම ඈ ගෙනියනවා. ඒක මට ලොකූ හයියක්.

සමහර අය කියනවා ආදරේ කරන කාලේ හිටපු කෙනා නෙමෙයි විවාහ වුණා ට පස්සේ ඉන්නේ කියලා, ඒ වෙනස බිරිඳ ගෙන් දැක්කද..?
දැක්ක ගමන් ආදරයක් ඇති වෙන්නේ නැහැ ආකර්ෂණයක් ඇති වෙන්නේ. ආශ්‍රය කරද්දී තමයි ආදරේ ඇති වෙන්නේ. සිතුම් පැතුම් තේරුම් ගන්නේ. අදටත් අපි දෙන්නා අතර රණ්ඩුවක් ඇති වෙලා නැහැ. තර්ක කිරීම් ඇති වෙලා තියෙනවා . අවබෝධයෙන් සුහදව කතාබහ කරලා ප්‍රශ්න විසඳා ගන්නවා. එකිනෙකා අතර ගරු කරගනිමින් අවබෝධයෙන් ජීවත් වුණොත් පවුල් ජීවිතේ රැක ගන්න පුළුවන්. මම තිළිණීව අදටත් ඒ විදිහට දකින්නේ ඒ නිසා වෙන්න ඇති.

ඒ කාලේ ලැබුණු ප්‍රතිචාර එක්ක ඇයගේ හැසිරීම කොහොමද ..?
අද වගේ ඉස්සර ටෙලිෆෝන් ෆේස් බුක් නෑ. ලියුම් එන්නේ ලොකු උර වලට. ඒතරම් ලියුම්. මම විවාහ වුණාට පස්සේ ඒ ලියුම් අතරේ ආදර හසුන් තිබ්බේ නැහැ. මගේ නිර්මාණ වලට ආදරේ කරපු අයගේ ආදරණීය වචන තිබ්බේ. ඒවා දැකලා ඇය දුක් වුණේ නැහැ. මොකද මම එයාගේ සැමියා වෙලා අවසන් නිසා.

ඇත්තද තිළිණි, අපිට නම් ආරංචිය රොෂාන්ට ලැබෙන ලියුම් වලට ඔබ උත්තර ලිව්වා කියලයි..?
දවසකට ලියුම් සෑහෙනට එනවා. අවුරුදු, නත්තල් කාලෙට කාඩ් එහෙම එවනවා සුබ පතලා. ඒ සමහර අයට මම උත්තර ලිව්වා රොෂාන් ට වෙලාවක් නැති නිසා. මම මගේ දුරකථන අංකය ලියුම්වල ලියලා දැම්මා කතා කරන්න කියලා. සමහර රසිකාවියන් හිටියා පිටු හතරක ලියුම් එවන. රොෂාන් නම් මට කිව්වා ඕවා කියවලා ඔයා අවුල් වෙන්න ඕන නැති නිසා බලන්න එපා කියලා.මීරීගම පැත්තේ තරුණියක් හිටියා ලේ වලින් ආදරේ ප්‍රකාශ කරලා ලියුම් එවලා මම ඒකට නම් හොඳටම බය වුණා . එයා කරදරයක් කර ගනියි කියලා . ඒ වගේ දේවල්වලට මම මුහුණ දුන්නත් රොෂාන් ගැන මට තිබ්බේ ලොකු විශ්වාසයක් .

කාර්‍යබහුල සැමියෙක් එක්ක ජීවිතේ ගෙනියන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි නේද ..?
අපේ ගෙදර වැඩ කරන්න කවුරුත් නැහැ. ගෙදර සියල්ල කරන්නේ මම. දුවට දැන් අවුරුදු 18ක්. එයාගේ නම රොමාෂා ප්‍රනාන්දු . ලොකු පුතා ශෙරෝන් ප්‍රනාන්දු. එයාට වයස 15යි. චුටී පුතා රන්දිව් ප්‍රනාන්දු. එයාට වයස 11යි. ඉතිං මේ තුන් දෙනාගේ වැඩත් බලනවා. අපි හැමෝම සහයෝගයෙන් වැඩ කරගන්නවා.

දුවක් කියන්නේ අම්මා කෙනෙකුට හයියක් කියනවනේ, ඇය උයන්න උදව් කරන්නෙ නැද්ද ..?
දුව උසස් අධ්‍යාපන කටයුතු වලට ඉදිරියේ දි විදෙස් ගත වෙයි. එතකොට එයාට තනියම තමයි හැමදේම කරගන්න වෙන්නේ. ඒ නිසා දැන්ම එයාව ඒකට පුරුදු කරනවා. ගෙදර වැඩවලට උදව් කරනවා. උයනවා. මම දවසක් අසනීප වෙලා එයා චිකන් එක්ක අල තෙල් දාලා බත් උයලා අපිට කන්න දුන්නා. එක එක කෑම අත් හදා බලනවා.

නිදහසේ ඉන්නකොට හමෝම එකතු වෙලා මොනාද කරන්නේ..?
පුතාලා දෙන්නත් ගීත ගායනා කරනවා. ගීත වැඩිපුර රස විඳිනවා. එක එක ආරවල ගීත. ගෙදර උත්සව අවස්ථාවක හැමෝම සිංදු කියනවා. බැට්මින්ටන් ක්‍රීඩා කරනවා. ඊට අමතරව සිකුරාදා සෙනසුරාදා රෑට කට්ටියම ෆිල්ම් බලනවා. පුතාලා දෙන්නට රොෂාන් ගිටාර් උගන්වනවා. ඒ වගේ දේවල් තමයි .

ගෙදර වැඩිපුරම පිඟන් බිදෙන්නේ තිළිණි අතින්ලු. ඇයි ඒ..?
කලබලේට තමයි. පිඟන් හෝදන්න ගියොත් හරි හෝදලා තිබ්බ එකක් ගන්න යද්දී හරි වැටිලා කැඩෙනවා. වෙන කෙනෙක්ගේ අතින් වැටුණත් හිතන්නේ මගේ අතින් වැටුණා හෝ කැඩුණා කියලා. රොෂාන් නම් මාව අවුස්සන්න කියනවා තිළිණි මෙච්චර පිඟන් බින්දා කියලා .

ඔබේ පළමු පෙම්වතා රොෂාන් එහෙමද..?
ඔව්. මම මුලින්ම ආදරේ කරන්නේ එයාට තමයි. එයාට නම් දෙතුන් දෙනෙක් හිටියා කියලා විහිළුවට කියනවා. මම දන්න තරමින් නම් එයාට එක ආදර සම්බන්ධයක් තිබිලා තියෙනවා.

ඔහුව මුණගැහෙන්නේත් අහම්බෙන්..?
මගේ අයීයා රොෂාන් ගේ රසිකයෙක්. මමත් එයාගේ ගීතවලට ආදරෙ කළා. දවසක් හබරකඩ තිබුණු ෂෝ එකකට ගෙදර අයත් එක්ක ගියා. ප්‍රසංගය අවසන් වෙලා රොෂාන් එක්ක කතා කළා. එයාගේ දුරකථන අංකය එදා මට දුන්නා. රසිකාවියක් විදිහට කතා බහ කළා. ඒ කතා බහ තමයි දුර දිග ගියේ. අවුරුද්දක් විතර යාළුවෝ වගේ ඉදලා ආදරේ කළා.

සංගීතයට සම්බන්ධ කෙනෙක් එක්ක විවාහ වෙනවට ගෙදරින් කැමති වුණාද..?
මගේ තාත්තයි අම්මයි ජීවතුන් අතර නැහැ. මමයි නංගියි අයියයි හිටියේ ලොකු අම්මා හා සීයා එක්ක අපේ මහ ගෙදර. මගේ අයියා තරිඳු කොස්තා. දැන් සහරා ෆ්ලෑෂ් කණ්ඩායමේ බේස් ගිටාර් වාදන ශිල්පියා. නංගී දිලිනි කොස්තා. අපි දෙන්නා නිවුන්නූ. ඉතිං රොෂාන් ගේ ගෙදරින් විවාහයට යෝජනාව අරගෙන ආවා. අපි දෙන්නා විවාහ වෙනවට ගෙදරින් කැමති වුණා. විවාහය ඉක්මන් වෙනවට මගේ අකමැත්තක් තිබ්බෙත් නැහැ. විවාහයට ඉක්මන් වෙන්න එක හේතුවක් තමයි මම හිටියේ හෝමාගම. එයා කටුනේරිය. දුර නිසා ඉක්මනින් එකතැනකට එන එක හොඳයි කියලා රොෂාන් හිතුවා.

තරුණ ජීවීතේ රසය තව ටිකක් අත් විඳලා විවාහ වෙන්න තිබ්බා නම් කියලා දැන් පසුතැවීමක් නැද්ද ..?
කොහෙත්ම නැහැ. තරුණ කාලේ විවාහ වුණු නිසා තමයි දැන් ලොකු දුවක් ඉන්නේ. ඒක කොච්චර වාසනාවක්ද. හැමදේකටම වඩා රොෂාන් ගේ නොවෙනස් බැඳිමට මට හිමිකම් කියන්න පුළුවන් වීම වාසනවක් කියලයි හිතන්නේ. එදා වගේම අදත් රොෂාන් පවුල් ජීවිතේ අංක එක කියලා හිතන එකම මට වටිනවා.

හර්ෂණි වීරරත්න
සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයෙන් !
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top