1984 අංක 40 මෝටර් වාහන පනත, 2009 අංක 8 8 දරන මෝටර් වාහන පනත හරහා සංශෝධනය වී එහි දැක්වෙන ආකාරයට මෙම දඬුවම් ක්‍රියාත්මක කළ හැකි වනවා.
වාහන අංක තහඩු වංචනික ලෙස වෙනස් කිරීම, අනුකරණය කිරීම, මකා දැමීම හෝ විනාශ කිරීම මෙලෙස දඬුවම් ලබාදීමට හේතු වන බවත් එහිදී මුල් අවස්ථාවේ වරදකරු වන අයට රුපියල් 15,000 ට නොඅඩු සහ රුපියල් 20,000ට නොවැඩි දඩයකට හෝ මාස තුනක සිර දඬුවමකට අධිකරණය මගින් දඬුවම් ලබා දීමට හැකියාව පවතිනවා.
එසේ ම, මෙම වරදට දෙවැනි වතාවේ හෝ පසුව හසුවන්නෙකුහට මූල්‍ය දඩය 30,000කට නොඅඩු 50,000කට නොවැඩි දඩයකට හෝ මාස තුනක සිර දඬුවමට යටත් කිරීමට අධිකරණමය බලය තිබෙනවා.
වාහන අංකයේ අවසාන අංකයට අදාළ දිනයන්හිදී ඉන්ධන ලබාදීම ඊයේ (ජූලි 21දා) සිට ආරම්භ කිරීමත් සමග ඇතැම් පිරිස් වාහන අංක තහඩු වෙනස් කරමින් ඉන්ධන හල් වෙත පැමිණි ආකාරයක් සාමාජ මාධ්‍ය වාර්තා වල දැක්වුණා.
මූලාශ්‍ර - මව්බිම පුවත්පත