මාරක රිය අනතුරක් පිළිබඳව සිදුවීමක් වාර්තා වුණා.
ගාල්ලේ සිට පිළියන්දල පැවති මංගල උත්සවයක් සඳහා පැමිණෙමින් සිටියදීයි මෙම අනතුර සිදුව තිබුණේ.
ඒ අද පෙරවරුවේදී..
ඔවුන් ගාල්ල මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගය හරහා සිය මෝටර් රථය ධාවනය කර තිබුණේ අනතුරු ඇඟවීමේ සංඥා ද නොතකමින්...
එහිදී මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියේ මෝටර් රථය ගැටී තිබෙනවා.
"වාහනය ආවා මෙතෙන්ට විසික්වෙලා... කාර් එක ඇතුළෙ කවුරුත් හිටියෙ නෑ... හතර දෙනයි මම දැක්කෙ.. පොඩි එක්කෙනෙකුයි මාමලා දෙන්නෙකුයි.. අක්කා අතෙන්ට විසිවෙලා ආවා...
අර ළමයයි අම්මයි මෙහෙම උඩින් විසිවෙලා පාරට වැටුණා...
මං බලන්නවත් ආවේ නෑ...."
යනුවෙන් සිද්ධිය ඇසින් දුටුවන් අදහස් දක්වා සිටියා...
කෙසේ නමුත් අනතුරින් හත් හැවිරිදි දැරියක් සහ ගැබිනි මව මියගොස් තිබෙනවා. ඒ කුස තුළ වූ දරුවාද සමඟයි..
එහි සම්පූර්ණ වීඩියෝව පහතින්...