එමෙන්ම ලංකා අයි.ඕ.සී. සමාගමට අයත් ඩීසල් නෞකාවක් ලබන 15 ත් 17 ත් අතර දිනයකදී මෙරටට පැමිණීමට නියමිත බවද අමා්‍යවරයා කියා සිටියා.
ලබන 22 හෝ 23 වනදා අතර ලංකා අයි.ඕ.සි සමාගමට අයත් පෙට්‍රල් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත අතර ලබන 10 වනදා හෝ ඊට පෙර පෙට්‍රල් රැගත් නෞකාවක් ගෙන්වා ගැනීම සඳහා සැපයුම්කරුවන් තුන්දෙනෙකුට ලිපි ඉදිරිපත් කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
මේ අතර, අද දිවයිනට පැමිණිමට නියමිතව තිබු කොරල් එනර්ජි සමාගමට අයත් මෙටි්‍රක් ටොන් 135,000ක් රැගත් බොරතෙල් නෞකාව ලබන 15 වනදා පැමිණිමට නියමිත බවට එම සමාගම ඛනිජ තෙල් සංස්ථාවට දැනුම් දි තිබෙනවා.
එම සමාගමට අයත් මෙටි්‍රක් 3500ක දැවි තෙල් නෞකාවක් ද ලබන 10 ත් 11ත් අතර දිනකදී මෙරටට පැමිණිමට නියමිත බවයි කංචන විජේසේකර අමත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මේ වන විට පවතින ඉන්ධන සංචිත සම්බන්ධයෙන් අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ ඩීසල් මෙටි්‍රක් ටොන් 12,774ක් ඛනිජ තෙල් සංස්ථාව තුල පවතින බවයි.
ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 1414ක්, ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 2647ක් සහ සුපර් ඩීසල් මෙටි්‍රක් ටොන් 233ක් ද ගුවන් යානා සදහා අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 500 මෙන්ම දැවි තෙල් මෙට්‍රික්ටොන් 29,000ක් ඛනිජ තෙල් සංස්ථාව තුල පවතින බවයි ඔහු කියා සිටියේ.
මේ අතර, අලුතින් පෝලිම් වල රැදි සිටිමට පැමිණෙන පිරිස් සදහා ටෝකන් ලබාදිමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බවද අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.