ඒ සෝචනීය පුවතත් සමඟ සැබැවින්ම මේ අම්මා, චන්ද්‍රිකා වැවට පැන්නෙ ඇයි ද? යන පැනය බොහෝ දෙනෙක්ට මතුවුණා.
කෙසේ වෙතත්, සියදිවි නසාගත් මේ මව ලියා තිබූ ලිපියක් සොයා ගැනීමට පොලිස් නිලධාරින් සමත් වී තිබෙනවා.
ඇත්තටම ඇය ඇයි දිවි නසා ගත්තේ ?
ඇය යම් කාලෙක සිට යම් මානසික රෝගයකට ප්‍රතිකාර ගෙන ඇති අතර, ඒ සඳහා බෙහෙත් පානය කිරීම ගැන ඇය සිට ඇත්තේ අකැමැත්තෙන්.
එය සැබැවින්ම දුෂ්කර කාර්යයක් බව ද එම මව ලිපියේ සඳහන් කර තිබුණා.
ඒ නිසාම තමන් සියදිවි නසා ගැනීමට තීරණය කළ බව ඇය කියනවා.
ඇයගේ ස්වාමිපුරුෂයා ගව පට්ටියක් පවත්වාගෙන යන පුද්ගලයෙක්.
ඇය සන්තකයේ තිබී රුපියල් 2,000ක මුදලක් සහ ජංගම දුරකථනයක් සොයා ගැනීමට පොලිසියට හැකිවුණා.
පොලීසිය සඳහන් කළේ මව සහ 5 හැවිරිදි නෙතුම් නෙත්මාල් නමැති දරුවා යන දෙදෙනාවම ක්ෂණිකව රෝහල්ගත කර තිබුණත් පස්වරු 1.45ට පමණ එම දරුවා මියගොස් ඇති බවයි.