මෙම තත්ත්වය හේතුවෙන් ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අකුරල, කහව, තෙල්වත්ත යන ප්‍රදේශවලින් ද මුහුදු රළ ගොඩට පැමිණ ඇති බැවින් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා.
මේ අතර, නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්ත්වයේ වැඩිවීමක් අද (02) දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිවේදනය කළා.