බලන්නකො මොකක්ද එහෙනම් මේ කතාව කියලා....
"සත්‍ය සිදුවීමක්
2022.07.01
සිදුවීමට මුහුණදුන් පුද්ගලයා දිනේෂ් චතුරංග
බස් නැවතුමේ දැක්ක මනුස්සකම..
ඔහු කවුරුන්ද යන්න මා නොදනිමි..
මා අද සවස හලාවත උසාවි හෝල්ට් එක අසල සිටියේ බස් රථයක් පැමිනෙන තුරුය..
මා පමනක් නොව එහි හලාවත සිට පුත්තලම මාර්ගයේ ගමන්කරන තවත් විශාල මගීන් පිරිසක් රැඳී සිටියහ.. බස් රථයක් පෙනෙනතෙක් මානයක නොතිබිනි..
හදිසියේම එතනට ලොරි රථයක් පැමිනියේය..
එහි සිටි රියදුරු මහතා සහ සහයකයා බස් නැවතුමේ රැඳීසිටි මගීන්ට පැවසුවේ පුත්තලම මදුරංකුලිය දක්වා ලොරි රථය ගමන් කරන බවත් මදුරංකුලිය දක්වා යන අයට එයට ගොඩවෙන ලෙසත් ය..
"නිකන් යන ලොරියනෙ.. ඒ හින්ද කැමති අය ඉන්නවනම් නගින්න.. සල්ලි එපා"
ඔහු කිහිපවිටක්ම පැවසීය.. අනතුරුව බස් රථයක් එනතුරු මග රස්තියාදු වෙමින් සිටි බොහෝපිරිසක් ලොරි රථයට ගොඩවිය..
ඒ රියදුරු මහතාට පිංදෙමිනි.. එහිදී සිදුවූ තවත් විශේෂ දෙයක් වූයේ කුඩා අතදරුවෙකු වඩාගත් කාන්තාවකට ඉදිරිපස අසුන පිරිනැමූ ලොරි සහයකයා පිටුපසට ගොඩවීමයි..
රටම දැවැන්ත ලෙස පීඩා විඳිමින් සිටින සමයක මිනිසුන්ට උදව්වට සිටින්නේ මිනිසුන් පමනකි..
නමුදු මනුස්සකම ගිලිහුන අවස්ථා මෑත කාලයේ අනන්තවත් දක්නට ඇත..
එවැනි කාලයක මෙවැනි මිනිසුන් දෙවිවරුන් හා සමානය..
නම නොදන්නා එම රියදුරු මහතාට සහ සහයක මහතාට මා හිස නමා ආචාර කරමි....
- දිනේශ් චතුරංග -"