Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
01
“...ප්‍රකෝටිපති ලැයිස්තුව උඩුයටිකුරු වෙයිද ? අපොයි දෙයියනේ !” - ලොව සුපිරි ධනවතුන්, 2022 පටන් ගන්නකොටම දුප්පත් වුණු හැටි මෙන්න ? ෆේස්බුක් ලොක්කට වෙච්ච දේ හිතාගන්න පුළුවන් ද ?

- “...ප්‍රකෝටිපති ලැයිස්තුව උඩුයටිකුරු වෙයිද ? අපොයි දෙයියනේ !” - ලොව සුපිරි ධනවතුන්, 2022 පටන් ගන්නකොටම දුප්පත් වුණු හැටි මෙන්න ? ෆේස්බුක් ලොක්කට වෙච්ච දේ හිතාගන්න පුළුවන් ද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

2022 වසරේ පළමු භාගය තුළ දී ලොව සුපිරිතම ධනවතුන් 500 දෙනකු ගේ ධනය ඩොලර් ට්‍රිලියන 1.4 අහිමි වී ඇති බව ලොව ප්‍රකට බ්ලූම්බර්ග් (bloomburg) වෙබ් අඩවිය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මීට ප්‍රධානම හේතුව වී ඇත්තේ පසුගිය වසර දෙක තුළ ලෝ පුරා ව්‍යාපාර සඳහා පැවැති අයහපත් වාතාවරණය බවයි.


ඒ අනුව ප්‍රකෝටිපතියන් වන එලොන් ගේ මස්ක්ගේ ධනය ඩොලර් බිලියන 62 කින්, ජෙෆ් බෙසෝස් ගේ ධනය ඩොලර් බිලියන 63 කින් පමණ පහත වැටී ඇති බවයි මෙම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ මෙම කාල සීමාව තුළදී ෆේස්බුක් හෙවත් මෙටා හිමිකරු මාර්ක් සකර්බර්ග්ගේ ශුද්ධ වටිනාකම අඩකට වඩා අඩු වී ඇති බවයි.

මේ සියළු තොරතුරු වලට අනුව, ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාට 2022 පළමු භාගයේදී ඩොලර් ට්‍රිලියන 1.4ක් අහිමි වී ඇති බව පෙන්වා දෙන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසන්නේ එය ගෝලීය ප්‍රකෝටිපති පන්තියේ මාස හයක සිදුවූ තියුණුම පහත වැටීම ලෙසයි.

මෙම කාල සීමාව තුලදී ටෙස්ලා ඉන්කෝපරේෂන් ජුනි මාසය දක්වා මාස තුන තුළ එහි නරකම කාර්තුව වාර්ථා කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම කාලය තුල ලෝකයේ ධනවත්ම පුද්ගලයින් සඳහා පාඩු ගොඩගැසී තිබුණද, එය ඔවුන්ගේ ධන අසමානතාවය පටු කිරීම සඳහා එතරම් දැඩි බල බලපෑමක් සිදුකර කර නැහැ.

බ්ලූම්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයට අනුව, ටෙස්ලා හි සම-නිර්මාතෘ වන එලෝන් මස්ක් තවමත් පෘථිවියේ විශාලතම ධනස්කන්ධය වන ඩොලර් බිලියන 208.5 කට හිමිකම් කියන අතර දෙවැනි තැන සිටින ඇමේසන් හිමිකරු ජෙෆ් බෙසෝස් තවමත් ඩොලර් බිලියන 129.6 ක ශුද්ධ වටිනාකමක් ඇති ධනපතියෙක්.

බ්ලූම්බර්ග් දර්ශකයට අනුව ප්‍රංශයේ ධනවත්ම පුද්ගලයා වන බර්නාඩ් ආර්නෝල්ට් ඩොලර් බිලියන 128.7 ක වත්කමක් සමඟ තුන්වන ස්ථානයේ සිටින අතර බිල් ගේට්ස් ඩොලර් බිලියන 114.8 ක් සමඟින් සිව්වන ස්ථානයේ සිටිනවා.

බ්ලූම්බර්ග් ප්‍රකෝටිපති දර්ශකයේ සදහන් වන ආකාරයට තවමත් ඩොලර් බිලියන 100කට වඩා වැඩි වටිනාකමක් ඇති ලොව එකම සිව්දෙනා ඔවුන් වන අතර මේ වසර ආරම්භයේදී ලොව පුරා ප්‍රකෝටිපය්හියන් 10 දෙනෙකු එම වත්කම් ප්‍රමාණය ඉක්මවා ගොස් තිබුණා.

දැන් ඩොලර් බිලියන 60ක් සමඟ ධනවතුන්ගේ ලැයිස්තුවේ 17 වැනි ස්ථානයේ සිටින මාක් සකර්බර්ග් ද එම ලැයිස්තුවට අයත්.

ඩොලර් බිලියන 96 ක ඇස්තමේන්තුගත ධනයක් සමඟ ජනවාරි මාසයේදී බ්ලූම්බර්ග් ප්‍රකෝටිපති දර්ශකයේ ආරම්භක Crypto පුරෝගාමියා වන ෂන්ග්පෙන් සාඕ (Changpeng Zhao) ගේ ඩිජිටල් වත්කම්වල කැලඹීම් මධ්‍යයේ ඔහුගේ ධනය මේ වසරේ දී ඩොලර් බිලියන 80 කින් පමණ පහත වැටී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ප්‍රකෝටිපති පන්තිය මෑත වසරවලදී අසාමාන්‍ය ලෙස බොහෝ ධනය රැස් කර ගෙන ඇති අතරම, ඔවුන්ගෙන් අති බහුතරයකට S&P 500 දර්ශකය සඳහා 1970 සිට උදාවූ නරකම පළමු භාගයට ඔරොත්තු දිය හැකිවා පමණක් නොව, ඔවුන්ගේ වත්කම් කළමනාකරනය කේවල් කිරීම සඳහා ක්‍රමෝපායන් ද සොයමින් සිටින බව ලොව ප්‍රකට "පපාමාර්කෝ වෙල්නර්" (Papamarkou Wellner) වත්කම් කළමනාකරණ සමාගමේ සභාපති තෝර්න් පර්කින් (Thorne Perkin) පෙන්වා දෙනවා.

මේ අතර ඩොලර් බිලියන 35.2 ක වත්කමක් ඇති රුසියාවේ ධනවත්ම පුද්ගලයා වන ව්ලැඩිමීර් පොටනින්, ව්ලැඩිමීර් පුටින්ගේ යුක්රේනය ආක්‍රමණය හේතුවෙන් බිඳ වැටීමට ලක්වූ අතර මෙම වසර මුලදී සොසියතේ ගෙනරාල් බැංකුව (Societe Generale) සතුව තිබූ රොෂ්බෑංක් (Rosbank PJSC) හි සම්පූර්ණ කොටස් මිලදී ගැනීමටත් සමත් වුනා.

ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එෆ්ටීඑක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෑම් බෑන්ක්මන්-ෆ්‍රයිඩ්, පසුගිය ජූලි මාසයේදී රොබින්හුඩ් මාකට්ස් ඉන්කෝපරේෂන් හි 7.6% ක කොටස් මිලදී ගත්තා.

මේ 30 හැවිරිදි ප්‍රකෝටිපතියා ක්‍රිප්ටෝ සමාගම් සඳහා ණය දෙන්නෙකු ලෙසත් කටයුතු කරනවා.

නමුත් පසු පසුගිය වසර තුළ මේ සියල්ලටම වඩා ඉහළම මිල දී ගැනීම අයත් වූයේ, ට්විටර් සමාගම (Twitter Inc) මිලදී ගැනීම සඳහා එලෝන් මස්ක්ව්ය කළ ඩොලර් බිලියන 44 ක ගනුදෙනුවයි.

ඔහු නිව් යෝර්ක් කොටස් වෙළඳ පොලේ පෙරවරු 10:25 ට ඩොලර් 37.44 ට ගනුදෙනු වූ මෙම සමාජ මාධ්‍ය සමාගමේ කොටසකට ඩොලර් 54.20 ක් ගෙවීමට ඉදිරිපත් වුනා.

එලෙස ට්විටර් සමාගම මිලදී ගත් ලෝකයේ ධනවත්ම පුද්ගලයා පසුගිය මාසයේ බ්ලූම්බර්ග් නිව්ස් (Bloomberg News) ප්‍රධාන කර්තෘ ජෝන් මික්ලෙත්වයිට් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ ගනුදෙනුව සම්පූර්ණ කිරීමට පෙර "විසඳාගැනීමට තිබූ කරුණු කිහිපයක් තිබුණු බවයි.

"එය තරමක් සංවේදී කාරණයක් මට ප්‍රසිද්ධියේ පැවසිය හැකි දේට සීමාවක් තිබෙනවා," ඔහු මෙම සාකච්ඡාවේදී පවසා සිටියා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top