අම්මා තාත්තගේ ආදරේ නොලැබුණු අහිංසක පොඩිත්තන්ට සතුට අරන් ඔවුන්ගේ නත්තල් තෑගී අරන් අපි යන බවත් ඒ මෙහෙවරට අපත් එක්ක ඔයාටත් දායක වෙන්න අපි ප්‍රචාරය කළා. ඒ පොඩිත්තන්ගේ හඬින් ඔවුන් බලාපොරොත්තුවෙන පුංචි පුංචි තෑගී ගැන අහගෙන හිටපු ඔයා පුළුවන් විදියට, ඔයාට තියන විදියට ඒ පොඩිත්තෝ ඉල්ලපු තෑගී අපට ගෙනල්ලා දුන්නා.
ලගදීම නත්තලට කලින් අපි මේ තෑගී ඒ පොඩිත්තෝ වෙනුවෙන් ලස්සනට පාර්සල් කරලා ගිහින් දෙන්න සූදානම්. ඒ පුංචි උන් එදාට කොච්චරනම් ඔයා මේ දීපු තෑගී දැකලා සතුටු වෙයිද කියලා ළඟදීම ඔයාටත් අහන්න පුළුවන්.
තාමත් ඒ පොඩිත්තන් වෙනුවෙන් ඔයාගේ තෑග්ග බැරි උනාද? එහෙනම් දැන්ම මේ අංකයට කතා කරලා විස්තර දැන ගන්න. (0114 799 700)