මෙවන් තත්ත්වයක් තුළ කොලිවුඩ් නළු සූර්යාට තේරීම් කමිටුවට එක්වන ලෙස ආරාධනාවක් ලැබී තිබෙනවා.
සූර්යාට පමණක් නොව මේ සඳහා හින්දි නිළියක් වන කාජල්ගේ නම ද යෝජනා වී තිබෙනවා.
සූර්යාට මේ සඳහා විශේෂ ආරාධනයක් ලැබෙන්න ආසන්නම හේතුව ඔහුගේ මෑතක නිකුත් වූ ‘ජයි බිම්‘ චිත්‍රපටය යි.
එම සිනමා පටය සම්මාන ලැයිස්තුවට නිර්දේශ නොවුණත්, මෙම විශේෂ අවස්ථාව කොලිවුඩ් නළුවාට හිමි වීම බොහෝ දෙනෙක්ගේ අවධානයට යොමු වී තිබෙනවා.
මේ අතර, මෙම ආරාධනාව පිළිගන්නා බව පවසමින්, සූර්යා ට්විටර් පණිවුඩයක් තබා ඇති බව මීට මොහොතකට පෙර ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
By සෑම්
ඉන්දීය මාධ්‍ය