සීතල නත්තල උණුසුම් කරමින් ආදරණීය ප්‍රේක්ෂක ඔබට වින්දනීය අත්දැකීම් රැසක් ලබාදෙන්නට හිරු ටීවී මෙවරත් සූදානම්. ඒ අතරින් දෙසැම්බර් 25වනදා එනම් නත්තල් දා උදෑසන, සිට හිරු ටීවී තුළින් විකාශය වීමට නියමිත ‘‘හිරුත් එක්ක නත්තල්‘‘ විශේෂ නත්තල් සාදය කාගේත් අවධානයට ලක්වෙලා තියෙනවා. පසුගිය වසරේ මෙන්ම මෙවරත් අතිසාර්ථකව පැවැත්වෙන මේ සුපිරි නත්තල් සාදය සඳහා කලා ලෝකයේ ඔබ ආදරය කරන ජනප්‍රිය තරු 125කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.
කවදත් ලස්සනට අඳින පලඳින මේ හැමෝම හිරුත් එක්ක නත්තල් වැඩසටහන වෙනුවෙන් තෝරාගන්න ඇඳුම් විලාසිතාව ගැන නම් වෙනදටත් වඩා හිතන්න පටන් අරන්. ඒ වෙනුවෙන් ඔවුන් අතරේ දැඩි උනන්දුවක් ඇතිවෙලා කියලා තමයි ආරංචිය.
ඒකට හේතුව මෙවර ‘‘හිරුත් එක්ක නත්තල්‘‘ සුපිරි නත්තල් සාදය අතරතුරු ඊට සහභාගීවෙන දිදුලන තාරකාවන් අතර හොඳම ඇඳුම් නිර්මාණය තේරීමේ තරඟයත් පැවැත්වීමට කටයුතු යොදා තිබීමයි.
මේ හේතුව නිසා දිවයිනේ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පීන් සියළුම දෙනා ගොඩාක් කාර්යබහුල වෙලා. හිරු ගොසිප් අපිට ලැබුණු ආරංචි හැටියට නම් සමහර ඇඳුම් නිර්මාණ ශිල්පීන්ගෙන් මේ දිනවල අපොයිමන්ට් එකක්වත් ගන්නවත් බෑලු මේ කාරණාව නිසා. ඔවුන්ගේ සියළුම කාලය හිරු නත්තල් සාදයට සහභාගීවන තරු පිරිවරගේ ඇඳුම් නිර්මාණයන් වෙනුවෙන් යොදවලාලු.
ඉතින් ඔබ ආදරේ කරන තරුත් මේ මාසේ 25 වනදා නත්තල් දා මීගමුව ඇවෙන්ඩ්‍රා ගාඩ්න් හෝටලයේ පැවැත්වෙන ‘‘හිරුත් එක්ක නත්තල්‘‘ සුපිරි නත්තල් සාදයට සහභාගී වෙන්නේ කොහොමද කියලා හිරු ටීවී තුළින් සජීවීව බලාගන්න පුලුවන්..