"බෙල්ල වැල දාගන්න තරම් පීඩනයක් උඹලට දැනිලා නෑ නේද?
මගේ යාළුවෙක්ට මේ ඔක්කොම දැනිලා අද බාල්කෙක එල්ලුනා බන්..."
කාටත් හරිම අමාරු කාලයක් මේ ගෙවෙන්නෙ.
එහෙම කාලෙක ඇහෙන කතා කොහෙත්ම සුබ දේවල් නම් නෙවෙයි. වැලිමඩින් ඇහෙන මේ කතාවත් එහෙම සුබ නොවන සංවේදී එකක්..
මේ කතාව අපේ ඇස ගැටුණෙ සමාජ මාධ්‍යයේ සැරිසරද්දියි....
මචං වැලිමඩ ඉදලා ඉගෙනගෙන පට්ට කට්ටක් කාලා
A/l ගොඩ දාල මාර අමාරුවෙන් රජරට වගේ දුර තියෙන කැම්පස් එකකට ගිහින් ,සල්ලී අතේ නැතුව පාට් ටයිම් ජොබ් කරලා,කට්ට කාලා, යාළුවෙකුගෙන් කීයක් හරි ඉල්ලගෙන ඉගෙනගෙන එළියට එද්දී ජොබ් එකක් නැති වුණාම ,අතේ සතේ නැති වුණාම, අම්මට තාත්තට සලකන්න අතේ සතේ නැති වුණාම ,පොඩි නංගි කෙනෙක් මල්ලී කෙනෙක් ඉන්න ගෙදරක ලොකු අයිය කෙනෙක් අක්ක කෙනෙක් වුණාම දැනෙන පීඩනය උඹලට දැනිලා නෑ නේද?
අම්මට තාත්තට ලෙඩ වෙලා බෙහෙත් ටිකක් අරන් දෙන්න සල්ලී නැති වුණාම,හොස්පිටල් එකකට අරන් යන්න ප්‍රෙට්‍රල් නැති වුණාම තියෙන පීඩනය උඹට දැනිලා නෑ නේද?
බෙල්ල වැල දාගන්න තරම් පීඩනයක් උඹලට දැනිලා නෑ නේද?
මගේ යාළුවෙක්ට මේ ඔක්කොම දැනිලා අද බාල්කෙක එල්ලුනා බන්.
පණ නහගන්න එක වැරදියි..
නමුත් මෙහෙම ඉස්සරහට ගියොත් උඹටත් ඒ උත්තරේට යන්න හිතෙයි..