"මිනිස්සු අවුස්සනවා කියලා නඩුත් දාන්න හැදුවා...."
රුක්ෂානා දිසානායක කියන්නෙ හැමෝම දන්න පුංචි තිරය හැඩ කරන හුරුබුහුටි තාරකාවක්.
හැමෝටම තියෙන පොදු ප්‍රශ්න ගැන ඇයත් මුහුණු පොතේ සටහනක් තබා තිබුණා. තරමක් ආවේගශීලී මෙම සටහනට කවුරුත් ඉහළ ප්‍රතිචාරයක් දක්වා තිබුණා..
මේ ඇය තබා තිබූ එම සටහනයි...
ගෙදරට වෙලා හෙන හගපන් කිව්වට උන්ට හෙන වදින්නෙ නෑ..
කාංචනා ටෝකන් ගන්න කියලා දවස් ගනන් මිනිස්සු රස්තියාදු කරලා නැව් එනවා කියලා මුලා කරලා අන්තිමට කියනවා අතවශය සේවාවට විතරයි petrol දෙන්නෙ කියලා ..
ඒ අස්සෙ බලු මූනක් තියන ඇමතියා කියනවා නගර අතර යන්න එපාලු.. අවුරුදු 2 ක් කොරෝනා වලිනුත් බැට කාලා මිනිස්සුන්ට තව වැටෙන්න තැනක් නෑ..
ලෝකෙ ඉන්න මූසලම ජනාධිපති ගෝටා... ආවත් හරි පුදුම සනීපයක් තියෙන්නෙ මිනිස්සුන්ට..
කලිනුත් මේවා දාලා බය් යො ටික report කරලා මාසයක් විතර fb එන්න බැරුව හිටියා..
මිනිස්සු අවුස්සනවා කියලා නඩුත් දාන්න හැදුවා..
ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි කියනවනෙ..