ඉහළ යන ඉන්ධන මිලත් සමඟ නව බස් ගාස්තු සංශෝධන ගැලපුම් සිදු කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා සහ බස් සංගම් නියෝජිතයින් අතර ප්‍රවාහන අමාත්‍යංශයේ දී පැවැති රැස්වීම් ඉතා උණුසුම් ස්වභාවයක් ගත් බව වාර්තා වනවා.
මෙහිදී ජාතික ගමනාගමන කොමිසම විසින් නව බස් ගාස්තු ක්‍රමවේදය පිළිබඳව කිසිදු සැලැස්මක් මෙම සාකච්ඡාව සඳහා ඉදිරිපත් කර නොතිබුණු අතර සාකච්ඡාවට පැමිණ සිටී බස් සංගම් නියෝජිතයින් එම තත්ත්වය දැඩි ලෙස විවේචනය කළා..
මෙහිදී බස් සංගම් විසින් 30% ක බස් ගාස්තු වැඩිවීමක් සමග අවම ගාස්තුව රුපියල් 40 ක පවත්වාගත යුතු බවට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍යවරයා සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එම යෝජනාවන්ට මෙතෙක් එකඟතාවක් පළ කර නැහැ.
ඒ අනුව පැය එකහමාරකට අධික කාලයක් පුරා පැවැති සාකච්ඡාව නිමා වී ඇත්තේ බස් ගාස්තු වැඩි කිරීම පිළිබඳව දෙපාර්ශවය අතර පැහැදිලි එකඟතාවයකින් තොරවයි.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කළ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජන් කියා සිටියේ මෙම සාකච්ඡාවේදී අවම බස් ගාස්තුව රුපියල් 40 මට්ටමේ තබා ගැනීම සඳහා දෙපාර්ශවයේ එකඟතාව ක් ඇති වූ බවයි.
එමෙන්ම සමස්ත බස් ගාස්තුව 30% කින් වැඩිකිරීමටත් එකඟතාව හිමි වූ බව ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියා.