Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
27
තෙල් මිල වැඩිවීමත් එක්ක, විදුලි බිලට මොකද වෙන්නෙ !

- තෙල් මිල වැඩිවීමත් එක්ක, විදුලි බිලට මොකද වෙන්නෙ !Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව විදුලි ගාස්තු සංශෝධනයක් කඩිනමින් ම නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරනවා.
 
ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද (27) පැවැති මාධ්‍ය හමුවක දී.
 
කෙසේ නමුත් එම විදුලි බිල වැඩි කිරීම සති පහකින් පසුව සිදු කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ද ඔහු ප්‍රකාශ කළා..


බහුතර ගෘහ විදුලි පාරිභෝගිකයින්ට සහනයක් ලෙස ගාස්තු වැඩි කිරීම 57% නො ඉක්මවීම මහජන උපයෝගිතා කොමිසමේ අදහස බව එහි දී කියා සිටියා.
 
එහි දී කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ, "විදුලි ඒකක 30ට සහ 60ට අඩුවෙන් විදුලිය පාවිච්චි කරන පාරිභෝගිකයන්ට ලංකා විදුලි බල මණ්ඩලයෙන් යෝජනා කර තිබුණේ 835% තරම් විශාල මිල වැඩි වීමක්. නමුත් අපි මේ ගැන විශ්ලේෂණ සහ සාකච්ඡා කරලා, ඒකක 30ත් 60ත් සහ 90ත් අතර ඒකකවල විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට සහනාධාරයක් ලබා දිය යුතුයි කියලා අපි රජයට නිර්දේශ කළා. ඒ අනුව විදුලි බල මණ්ඩලය ඉල්ලා තිබුණු බිලියන 512ක පමණ පිරිවැය මත පදනම් වූ සංශෝධනය බිලියන 65කින් පමණ අඩු කරන්න අපි කටයුතු කළා. ඒ අනුව අපි මුදල් ාමාතයංශයට නිර්දේශ කළා බිලියන 65ක සහනාධාරයක් අඩු ආදායම්ලාභීන්ට ලැබිය යුතුයි කියලා. අපෙන් ඉල්ලා තිබුණේ රුපියල් 16 වූ ඒකකයක විකුණුම් මිල රුපියල් 32ක් දක්වා වැඩි කරන්න ඉල්ලා තිබුණත් අපි ඒක රුපියල් 28ක් පමණ ප්‍රමාණයකට සීමා කරා." යනුවෙන්.
 
කෙසේ නමුත් මෙම විදුලි ගාස්තු සංශෝධනයෙන් ඒකක 30 ට අඩු බිල්පත් සඳහා සාමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 227 පමණ වන අතර ඒකක 30 ට වැඩි නමුත් ඒකක 60 ට අඩු අඩු බිල්පත් සඳහා සාමාන්‍ය මාසික විදුලි බිල රු. 658ක් පමණ වන බවයි ඔහු සඳහන් කළේ.
 
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් සමස්ත ගෘහස්ථ අංශය සඳහා 138%ක තීරුබදු වැඩිවීමක් යෝජනා කර සිටියත් එය 67% ඉක්මවා නොයා යුතු බව මහජන උපයෝගිතා කොමිසමේ තීරණය වී තිබුණේ.
 
නමුත් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවන්ට අනුව, සාමාන්‍ය පාරිභෝගිකයින් සඳහා 45% කින් ද, කාර්මික පාරිභෝගිකයින් සඳහා 61% කින් ද, හෝටල් සඳහා 43% කින් ද, රාජ්‍ය ආයතන සඳහා 43% කින් ද, ආගමික ස්ථාන සඳහා 189% කින් ද විදුලි ගාස්තු වැඩි කිරීමටයි මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා තිබුණේ.
 
කෙසේ වෙතත් අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ඉදිරිපත් කිරීම සඳහා හෙට (28) සිට දින 21ක කාලයක් මහජනතාවට හිමිවනවා.
 
ඒ අනුව මහජනතාව එළැඹෙන ජූලි 18 දක්වා විද්‍යුත් තැපෑලෙන් හෝ ෆැක්ස් මගින් යෝජනා ඉදිරිපත් කළ හැකි අතර, වාචික මහජන උපදේශන සැසිය පැවැත්වෙන දිනය සහ ස්ථානය පිළිබඳ විස්තර ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top