කලකට පසුව මෙරට ක්‍රීඩාලෝලීන් ඉමහත් සතුටක් ලද්දේ අපේ සිංහයින් හේතුවෙන්.
නිමා වූ තරඟයේ වැඩිම කඩුලුලාභියා වූයේ දුනිත්. මේ ඔහු ගැන තබා තිබූ සටහනක්...
පහතින් දැක්වෙන්නේ එම සටහනයි...
"අදත් කියන්න තියෙන්නෙ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු අතර දිවීමේ සන්නිවේදනය හදාගන්න ඕනෙ.
මොකද ඒකෙන් තව ලකුණු ගොඩක් ගහගන්න තිබ්බ චාන්ස් එක තමා නැති වුණේ.
හැබැයි දිනුම පැරදුම කෙසේ වෙතත් මේ පහළ ඉන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් එක හරියට මැනේජ් කරගන්න, රැකගන්න ඕනෙ වටිනම මැණිකක්.
එහෙම උනොත් මේ අවුරුදු බර ගානක ආයෝජනයක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට.
දුනිත් තමා මේ තරගාවලියෙ වැඩිම කඩුළු ලාභියා.
මංගල තරගාවලියෙම වැඩිම කඩුලු ලාභියා වෙන එක ලේසි නෑ ඒකත් වයස අවුරුදු 19 දි.
අනිත් දේ මේ සීරීස් එකේ හරියට බැට් කරන්න බැරි උනත් දුනිත් කියන්නෙ බාග ප්ලේයර් කෙනෙක් නෙමේ, genuine පිතිකරුවෙක් සහ පන්දු යවන්නෙක්.
19න් පහළ ලෝක කුසලානෙ වැඩිම කඩුළුලාභියා වගේම පස්වෙනියට වැඩිම ලකුණුලාභියත් දුනිත්.
මේ පහළ ඡායාරූපයේ තියෙන්නෙ 2018 දුනිත් තම විද්‍යාල කණ්ඩායමේ තරගයක 10 වන කඩුල්ලට ළකුණු 174 ක වාර්තාගත partnership එකක් දාපු අවස්ථාවක චමින්ද වාස් පොඩ්ඩගෙ දක්ෂතාව අඳුරගන පිත්තක් තෑගි කරපු අවස්ථාවක්.
අඩු වයසෙදිම මෙහෙම රටක් impress කරන එක හැමෝටම කරන්න බෑ.
ඒකට දක්ෂතාව වගේම වාසනාවත් ඕනෙ.
ජයෙන් ජයම පතනව උඹට දුනිත් මල්ලි.."