Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
17
“...සමහර වෙලාවට වැඩියෙන් ආප්ප කාපු එක වෙන්නත් පුළුවන් ! කොළඹ හෝටලේකට ආපු ගමන් ඇහුවේ බිත්තර ආප්ප තියෙනව ද කියලා !” - ආබාධයකට ලක්වුණු කැන්ගරු පිලේ සිංහල කොල්ලා, ඇස්ටන් ඒගාර් ඊයේ තරගය අතරේ කියපු කතාව - Photos

- “...සමහර වෙලාවට වැඩියෙන් ආප්ප කාපු එක වෙන්නත් පුළුවන් ! කොළඹ හෝටලේකට ආපු ගමන් ඇහුවේ බිත්තර ආප්ප තියෙනව ද කියලා !” - ආබාධයකට ලක්වුණු කැන්ගරු පිලේ සිංහල කොල්ලා, ඇස්ටන් ඒගාර් ඊයේ තරගය අතරේ කියපු කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රෙලියානු කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි එක්දින තරගය නිමාවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 26ක ජයග්‍රහණයක් අත්කර දෙමින්.

මේ තරගය අතරතුර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක නිරත වුණා.


මේ ක්‍රීඩකයා ද මහනුවරට සම්බන්ධකමක් ඇති ඕස්ට්‍රෙලියානු ක්‍රීඩකයෙක් වීම විශේෂත්වයක්.

ඒ අන් කවරෙකුත් නො ව ශ්‍රී ලාංකික මවකට දාව ඕස්ට්‍රෙලියාවේ දී උපත ලද දඟ පන්දු යවන ක්‍රීඩක ඇස්ටන් ඒගාර්.

රසල් ආනොල්ඩ් - ඇස්ටන් ඒගාර්, ඉතාමත්ම සතුටු යි ඔබත් සමග මේ අවස්ථාවේ දී කතා බහක යෙදෙන්නට හැකිවීම සම්බන්ධයෙන්. ඔබට මහනුවර විශේෂයි, ඔබේ පවුලේ සාමාජිකයන් මහනුවරින් පැවත එන්නේ.

ඇස්ටන් ඒගාර් - ඔව් මම ඉතාමත්ම සතුටු වෙනවා මෙහෙට පැමිණෙන්නට හැකියාව ලැබුණු එක ගැන. ඇත්තටම මේක මගේ පළමු ශ්‍රී ලංකා සංචාරයයි. මගේ මුත්තණුවන් උපත ලබා තිබෙන්නේ මේ මහනුවර ප්‍රදේශයේ. මම ඔහුගේ මහගෙදරට පසුගිය දිනෙක ගියා. ඔහුගේ ඥාතීන් තාමත් ඒ ගෙදර වාසය කරනවා. ඒ වගේම මගේ මෑණියන් හැදුණේ වැඩුණේ කොළඹ. ඇත්තට ම ඒ සම්බන්ධකම් එක්ක මට පුදුම විශේෂත්වයක් දැනෙනවා. ඒ වගේම මේ රටේ තුළ තියෙන ආගන්තුක සත්කාරය ඒක ඇත්තටම අදහගන්න බෑ.

රසල් ආනොල්ඩ් -ඔබගේ නැන්දණිය කිව්වා ඔබ ඉතාම ප්‍රිය කරනවා කියලා ආප්ප කන්න.

ඇස්ටන් ඒගාර් - ඔව් මම සහ මගේ සහෝදරයෝ ආප්ප කන්න ඉතාමත්ම කැමතියි. මගේ මිත්තණිය අපට ආප්ප හදලා දෙනවා. අපි හැමදාම වුණත් ආප්ප කන්න තියෙනවා නං ඒ තරමට ඒ කෑමට ආසයි. අපි කොළඹ හෝටලයට ආපු ගමන් මම ඉස්සල්ලාම හෝටලයේ සේවකයකුයකුගෙන් ඇහුවෙ අපිට බිත්තර ආප්ප කන්න පුළුවන්ද කියලා. ආප්ප ඉඳියාප්ප ඒ කෑම වලට මම පුදුම විදිහට කැමතියි.

රසල් ආනොල්ඩ් - මේ සෙනග ඉදිරිපිට ‍ක්‍රිකට් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ඔබට මොන වගේ හැඟීමක් ද දැනෙන්නෙ. මා හිතන්නේ ඔබට ඇත්තේ ආදරණීය හැඟීමක්.

ඇස්ටන් ඒගාර් - ඇත්තටම හරිම ආදරණීයයි. මේ වටේ බැලුවහම මොනවද පේන්නෙ පුදුම ම ජීවයක් තියෙන්නෙ. නරඹන්නෝ සිංදු කියනවා, නටනවා, ඒ වගේම තූර්යවාදක කණ්ඩායම් අඛණ්ඩ සංගීතය සපයනවා, ඉතාමත්ම සජීවීයි. ඒ වගේම මේ තරග නරඹන්න හරිම බුද්ධිමත්. ඔවුන් ක්‍රීඩාව ගැන හොඳින් දන්නවා. මම හිතනවා මේ හැමෝටම ඕනේ ‍ශ්‍රී ලංකාව තුළ හොඳ ක්‍රිකට් තරග පවත්වනවා බලන්න.

රසල් ආනොල්ඩ් - අපි නැවතත් ක්‍රීඩාව ගැන කතා කරමු. ඔබ අද ක්‍රීඩා කරන්නේ නැත්තේ මට දැනගන්නට ලැබුණා ඔබට යම් කිසි ශාරීරික ආබාධයක් මතුවෙලා තියෙනවා කියලා, මොකක්ද එකේ තත්ත්වය?

ඇස්ටන් ඒගාර් - ඔව් අන්තිම තරගයේ දෙවැනි පන්දුවාරයේ මම හිතන්නේ දෙවෙනි, හෝ තුන්වෙනි පන්දුවේදී මගේ මස්පිඩු ඇදීමක් සිදු වුණා.

රසල් ආනොල්ඩ් - මම හිතන්නේ වැඩියෙන් ආප්ප කාලා වෙන්න පුළුවන්.

ඇස්ටන් ඒගාර් - (සිනහා සෙමින්) ඔව් සමහර වෙලාවට වැඩියෙන් ආප්ප කාපු එක වෙන්නත් පුළුවන්. ඒක හරිම වේදනාකාරීයි. හැබැයි මට පුළුවන්කම ලැබුණා ඒ වේදනාවන් දරාගෙන මට නියමිත පන්දුවාර 10 නිමා කරන්නට. ඒ කඩුල්ල හොඳින් දඟ කැවුණා. හොඳින් දඟ කැවෙන කඩුල්ලක දවස පුරාම වුණත් පන්දු යවන්න ඕනෑම තත්ත්වයක් යටතේ මම කැමතියි. නමුත් නියත වශයෙන්ම මම ඉදිරි එක්දින තරග සඳහා එකතු වෙන්නෙ නෑ. එහෙම එකතු වෙන්න පුළුවන් කමක් නෑ. හැබැයි මම ඉතාම උවමනාවෙන් බලාගෙන ඉන්නවා දෙවැනි ටෙස්ට් තරගයේදී වත් නැවත කණ්ඩායමට එකතු වෙන්න පුළුවන් වෙයි කියලා.

රසල් ආනොල්ඩ් - මේ කඩුලුවල ඔබ දකින වෙනස මොකක්ද? සහ ඔබ මේ කඩුලු අතරේ පන්දු යැවීමේ දී සිදු කරන වෙනස මොකක්ද?

ඇස්ටන් ඒගාර් - ඇත්ත වශයෙන්ම මම කරන්නේ පන්දුවේ වේගය ගොඩක් අඩාල කරලා පන්දු යවන එක. මොකද මං දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් හරි කැමතියි දඟ පන්දු යවන්නාගේ පන්දුවේ වේගය පාවිච්චි කරමින් පන්දුවට පහර දෙන්නට. ඒක නිසා මම ගොඩක් පන්දුව ගුවනට යොමු කරමින් දඟ කැවීම වැඩි කිරීමට තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම අතරින් පතර මම මගේ වේගයෙන් යොමු කරන පන්දුවකුත් භාවිතා කරනවා.

රසල් ආනොල්ඩ් - ඒක බොහොම සිත් ගන්නා සුළු වෙනස්කමක්. හොඳයි අපි එතනින් පොඩ්ඩක් එලියට එමු. ඔබට යන්නට අවසර දෙන්නට පෙර, මොනවා හරි අදහසක් තියෙනවද මේ රටේ තව දර්ශනීය ස්ථාන වෙත යොමු වෙන්නට? මොකද ඔබ මේ මොහොතේ සිටින්නේත් අපේ රටේ දර්ශනීයම ප්‍රදේශයක. ඒ වගේම ඔබට දකුණට යෑමට අවස්ථාවකුත් තියෙනවා. මේවා ලෝකයේ දර්ශනීයම ස්ථාන. මේ හැරුනහම ඔබේ මිතුරන් සමඟ එහෙමත් නැත්නම් පවුලේ අයත් සමඟ යන්නට අදහස් කරගෙන සිටින තවත් තැන් කියනවද?

ඇස්ටන් ඒගාර් - ඔව් ඔව් මගේ බිරිඳ ඇත්ත වශයෙන්ම මේ මොහොතේ මාත් සමඟ සිටිනවා. ඇය නියත වශයෙන්ම මාත් සමඟ ටෙස්ට් තරඟාවලිය සඳහා ගාල්ලට පැමිණෙනවා. ඉන් අනතුරුව අප අදහස් කරගෙන සිටිනවා සමහරවිට සතියත් ඇතැම් විට ඊටත් පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් කාලයක් දීර්ඝ කරගෙන මට හරි ආසයි ආරුගම්බේ වෙරළ තීරයට යන්න.

රසල් ආනොල්ඩ් - ඒක සර්ෆින් ක්‍රීඩාව සඳහා ගොඩක් ප්‍රසිද්ධ ස්ථානයක්. ගොඩක් අය දන්නෙ නෑ ඔබ හොඳ සර්ෆින් ක්‍රීඩකයෙක් කියලා.
ආ..ආ..ආ.. නෑ මිච් මාෂ් මට වඩා හොද සර්ෆින් ක්‍රීඩකයෙක්. ඔහු කිව්වා මාත් සමඟ එනවා කියලා. මම උත්සාහ කරනවා ඒ ගමන සාර්ථක කර ගන්ඩ.

රසල් ආනොල්ඩ් - හොඳින් විනෝද වෙන්න මේ පණිවිඩය ලෝකයට ගෙනියන්න. සර්ෆින්, ආහාර පාන සහ ආගන්තුක සත්කාරය අපි සතුව තියෙන දේවල් ගැන.

ඔව් ඔව් මේක පුදුම ලස්සන රටක්. අපි ව ඉතා ම හොඳින් රැක බලා ගන්නවා එක අතිවිශිෂ්ටයි.
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top