එක් බවුසරයකින් සැපයිය හැක්කේ වාහන 220කට අවශ්‍ය ඉන්ධන පමණක් බැවින් එම සංඛ්‍යාව ඉක්මවා පෝලිම් නිර්මාණය කර නොගන්නැයි ජනතාවගෙන් තමා ඉල්ලා සිටින බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව, පෝලිම්වල සිටින සියලු දෙනාට එකවර ඉන්ධන ලබාදීමට නොහැකි බව ත්, පිරවුම්හල් අසල නිකරුණේ කාලය ගත නොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා.
ඉන්ධන පිරවුම්හලකට පැමිණෙන බවුසරයක ලීටර් 6,600ක පමණ ඉන්ධන තිබෙන බවත් එමගින් වාහන 220කට පමණක් ලබා දිය හැකි බවත් ඔහු පවසනවා.
එක් ඉන්ධනහලකින් වාහන 200කට පමණක් ඉන්ධන ලබා දිය හැකි නිසා එක් ස්ථානයක එම සංඛ්‍යාවට වඩා රැඳී සිටීම කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත් අමාත්‍යවරයා පැවැසුවා.