පසුගිය දවසක ඇය අපූරූ පෝස්ටුවක් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණා.
එය පහතින්...
"උඹ මගෙ විතරයි වෙන එකෙකුගෙවත් හුස්ම උඹට වදින්න දෙන්නෙ නෑ" කියලා උඹ කියද්දි...අනේ මං ඒ වචනවල සෑහෙන පරිණත පිරිමියෙක්ව දැක්කා...උඹගෙ නපුරුකම්වලට,කෑදරකම්වලට මං ටික ටික ඇබ්බැහිවෙද්දි...ඒ ආදරේ වෙන්නැති කියලා මං මගෙ හිත සනසගත්තා... වෙන කාගෙවත් වෙන්න බැරි තරමට උඹ මගෙ රෝමකූපයක් ගානෙම අයිතිකරගනිද්දි...මං උඹගෙ මායාව ඇතුලෙ තව තව කිමිදෙන්න පටන්ගත්තා... රාස්සයන්ට ආදරේ කරන වෙන කෙල්ලො මේ ලෝකෙ කොච්චර හිටියත්...රාස්සයෙක් ජීවිතේම කරගෙන ඒ හීනෙ ඇතුලෙ අතරමංවුන එකම කෙල්ල මං කියලා පස්සෙ කාලෙක මට හිතුනා... ඒත් කරුමෙට,,, මට ඒ ඇබ්බැහිය නතරකරගන්න බැරිවුනා...ඉතින් මං ඒ රාස්සයටම සින්නවුනා.."