"අත්‍යාවශ්‍ය නැති රාජ්ය සේවක තෙමේ ගෙවල්වල වතු වැඩ කරන සමයේ ලං.ග.ම.යද නොපැමිණි හෙයින් අත්‍යාවශ්‍ය අප නර්ස් තොමෝ යළිත් ඉන්ධන නෞකාවක් එන තුරා අවසාන වතාවට ඉස්කූටර් අසු පිටින් වැඩට ගියෝය..."
රට තියෙන්නෙ දැවැන්ත අර්බුද රැසක.
ඉන්ධන අර්බුදය ඒ අතර ඇති දැවැන්තම අර්බුදයක් බවට පත්වෙලා.
ඉතින් ඒ ගැන සටහන් සමාජ මාධ්‍යය පුරාම දැකිය හැකියි.
මේ සටහනත් එලෙස අපේ ඇස ගැටුණු සටහනක්....
"අප නිවසේ තිබ්බා වූ අවසාන ඉන්ධන සංචිතයත් මෙලෙසින් ඉවර උනෝය.
අත්‍යාවශ්‍ය නැති රාජ්ය සේවක තෙමේ ගෙවල්වල වතු වැඩ කරන සමයේ ලං.ග.ම.යද නොපැමිණි හෙයින් අත්‍යාවශ්‍ය අප නර්ස් තොමෝ යළිත් ඉන්ධන නෞකාවක් එන තුරා අවසාන වතාවට ඉස්කූටර් අසු පිටින් වැඩට ගියෝය.
යළිත් දිනකට අප සතුව ඉන්ධන නොමැති හෙයින් මින් මතු ලං.ග.ම. නොපැමිණියේ නම් කෙතරම් අත්‍යාවශ්‍ය වූද ගෙදර සිට දැඩි සත්කාර ඒකකයට සේවය කිරීමට ඈටද සිදුවන්නේය...."