Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
16
"ගෑනුන්ට පුළුවන්ද කැමරාවක් එල්ලගෙන ඔය වැඩේ කරන්න" හැමෝම මට විහිළු කළා මෙරට පළමු සිනමා කැමරා අධ්‍යක්ෂවරිය කියයි

- "ගෑනුන්ට පුළුවන්ද කැමරාවක් එල්ලගෙන ඔය වැඩේ කරන්න" හැමෝම මට විහිළු කළා මෙරට පළමු සිනමා කැමරා අධ්‍යක්ෂවරිය කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

මිනිස් සිත තුළ උපදින ආශාවන් පසුපස හඹායන්නේ ඒ අතරින් කිහිප දෙනෙක් පමණයි. ගමන කොපමණ දුර වුවත් ජයග්‍රහණය පමණක් ඒ සියලුදෙනාගේ ඉලක්කය වෙයි. ඉරිතලා වේළුණු පොළොවට වැටෙන ජල බිඳුවක් පොළොව සිප ගන්නෙ සියලු දුක් ඉවරයි කියමින්. ඇයත් ඒ හා සමානයි. ඇගේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ පළමු කැමරා අධ්‍යක්ෂවරිය ලෙස රන් අකුරෙන් ඇගේ නම සටහන් වීමය. ඇය නමින් මධුනි අලහකෝන්. මේ ඇය සමඟ කළ සාකච්ඡාවක්.



අලුත් තොරතුරු මොනාද?

ජීවිතය ජයගන්න මිනිස්සු ජයග්‍රහණ ගැන හිතනවා. මගේ වාසනාව හැමවිටම මගේ ළඟ ඉන්නවා කියලා මම හිතනවා. මට DOP කෙනෙක් වෙන්න පුළුවන් වුණා. දෙමළ සිනමාපටයක් වන Bommei Doll සිනමාපටය තමයි මගේ කුලුඳුල් සිනමාපටය. ගොඩක් අත්දැකීම් මේ සිනමා පටයෙන් මට ලැබෙනවා. ඒ සියලු දේම අනාගතය වෙනුවෙන් පරිස්සමෙන් මතක පොතේ සටහන් කරගන්නවා. මේ සිනමා පටයේ රූගත කිරීම් 18 වැනිදා අවසන් වෙන්න සැලසුම් කරලයි තියෙන්නෙ.

කැමරා අධ්‍යක්ෂවරියක් වෙන්න ඕනේ කියලා හිතුවේ ඇයි?

අප්පච්චිගෙන් ලැබුණු ආභාසය මට ගොඩක් පිටිවහලක් වුණා. මගේ අම්මා ඒ තරම් කැමැත්තක් තිබුණෙ නෑ මේ ක්ෂේත්‍රයට. මගේ අම්මයි තාත්තයි දෙන්නම පොත් කියවන්න කැමති අය. ඒ නිසා ඒ පොත් වල තියෙන රූප රාමු පින්තූර පොඩි කාලේ ඉඳන් මගේ ඇස ගැටෙනවා. මම එහි තිබෙන වර්ණයන් සොයන්න ගත්තා. පොත්පත්වල තියෙන එකිනෙකට රූප රාමු වෙනස් වෙන්නේ ඇයි කියලා හිතුවා. මගේ සීයා international documantry බලනවා discovery channelවල යන documantry සහ shortfilm බලලා මටත් කියන්න ගත්තා මේ වගේ දෙයක් කරන්න කියලා. මමත් පොඩි කාලේ ඉඳන් වාර්තාමය වැඩසටහන් කෙටි චිත්‍රපට බලන්න පටන් ගත්තා. ඒ ආසාව එන්නම වැඩි වුණා. ඉන්පස්සෙ මගෙ අප්පච්චි මට පොඩි කැමරාවක් ගෙනත් දුන්නා. ඒ කැමරාවෙන් විවිධ දේවල් රූපගත කළා. ඒ දේවල් දකින ගොඩක් අය මට විහිළු තහළු කරන්න ගත්තා ගැහැනුන්ට පුළුවන්ද කැමරාවක් එල්ලගෙන ඔය වැඩේ කරන්න කියලා. අම්මා නම් මේ ගමනට තදින්ම විරුද්ධවයි හිටියේ. කොටින්ම කියතොත් මගේ මල්ලි මට හිනා වුණා. ඒත් මගේ උත්සාහය අතඇරියේ නෑ. මගේ අප්පච්චි පස්සෙන් ඉඳලා මාව මෙතනට තල්ලු කළා. හැම ගැහැනියක් පිටුපසම යෝධ ශක්තියක් තියෙනවා කියනවනේ. මටත් එහෙම තිබුණා.

කැමරා අධ්‍යක්ෂණය ඉගෙන ගත්තෙ කොහොමද?

විශ්වවිද්‍යාලයේදී සිනමා ඉතිහාසය ඉගෙන ගත්තෙ අපි අරුණ ගුණරත්න යටතේ. ඉන්පසු මුලින්ම SLlTT ආයතනයේ රංජන් ගුරුසිංහ යටතේ කැමරා අධ්‍යක්ෂණය සහතික පත්‍ර පාඨමාලාවක් හැදෑරුවා. ඩිප්ලෝමා පාඨමාලාව ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ දෙපලක් වන ඩොනල්ඩ් කරුණාරත්න සහ චන්ද්‍රලාල් මනමේන්ද්‍ර යටතේද ඩිජිටල් ෆිල්ම් ඇකඩමියේ වසර තුන හමාරක් වෘත්තීමය කැමරා ශිල්පී පාඨමාලාවද හැදෑරුවා. ඒ ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරුන් වන එම්.ඩී. මහින්දපාල සහ ධනුෂ්ක ගුණතිලක යටතේ. ඒ වසර තුන හමාරක් තුළ ඉගෙන ගත්ත තැනින් තමයි මම වෘත්තීමය කැමරා ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට එන්නේ. විශ්වවිද්‍යාලයට යන කාලයේදී 2013 වසරේදී TVT ආයතනයේ රවීන්ද්‍ර ගුරුගේ යටතේ සහ අජිත් රාමනායක දෙපලගෙන් සංස්කරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලැබුවා. නැවත 2014දී කොළඹ film festival එකේ ස්වෙච්ඡා කැමරා අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා.

ක්ෂේත්‍රයේ ප්‍රායෝගික පුහුණුව ලබාගත්තේ කොහොමද?

පූර්ණිමා මොහන්දිරම් කියන්නේ අපිට ඉන්න ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්. ඇගේ සහාය ඇඳුම් නිර්මාණ ශිල්පිනිය ලෙස මම කටයුතු කළා. නිෂ්පාදිකා ඉරන්ති අබේසිංහගේ අන්තර්ජාතික වැඩ කිහිපයක්ම මට කරන්න අවස්ථාව ලැබුණා. ක්ෂේත්‍රයේ ඉන්න සියලුදෙනා එක්කම වැඩ කළේ මගේ අරමුණ වෙනුවෙන් ගමන් කරන්න. දර්ශන තලයට ගිය හැම මොහොතේම ඇස රඳවාගෙන හිටියේ කැමරාවක ලෙන්ස් මාරු කරන විදියයි, කැමරාකෝණ, ආලෝකකරණය කරන්නේ කොහොමද? කැමරා අධ්‍යක්ෂවරයා කැමරාව හසුරුවන ආකාරය? එහි ක්‍රියාකාරීත්වය මොන ආකාරයෙන් සිද්ධ වෙනවද? කැමරා ඩිපාර්ට්මන්ට් එකේ සියලුදෙනාට පැවරෙන වගකීම් මොනවාද? සහාය කැමරා අධ්‍යක්ෂවරයාගේ වගකීම මොකක්ද? සහාය කැමරා අධ්‍යක්ෂවරයා සමඟ කැමරා අධ්‍යක්ෂවරයාගේ ගනුදෙනුව මොන ආකාරයෙන් ද සිද්ධ වෙන්නේ? මේ වගේ දේවල් ගැන මට පූර්ණ අවබෝධයක් අවශ්‍ය වුණා. ඒ නිසා මම ඒවා හොයාගෙන ගියා.

ඔබේ පළමු කැමරා අධ්‍යක්ෂණය මොකක්ද?

නයනි චන්ද්‍රසිංහ අධ්‍යක්ෂණය කළ මියුසික් වීඩියෝ එකක්. මේක පෞද්ගලික ආයතනයකට කළේ. ඊට අමතරව පොඩි පොඩි වැඩ කළා. මගේ පළමුවැනි වෙළඳ දැන්වීම කළේ නන්දා නන්දි ජයකොඩි හා භාරත ගිහාන් හෙට්ටිආරච්චි දෙපළ සමඟ.

ඔබ ශ්‍රී ලංකාවේ පලමු කැමරා අධ්‍යක්ෂවරිය ලෙස නම් වෙන මේ චිත්‍රපටයට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම කරපු වැඩ වලින් වැඩියෙන්ම මට ලැබිලා තියෙන්නෙ දෙමළ භාෂාවෙන් කෙරුණු වැඩ. මම හිතන විදියට එයට හේතුව වෙන්න ඇත්තෙ මගේ ආලෝකකරණය පිළිබඳ ඔවුන්ට හොඳ පැහැදීමක් ඇති වෙලා තියෙන එක. නවයුගා කුගරාජා අධ්‍යක්ෂවරයා සමඟ මම 2019 වෙළඳ දැන්වීමක් රූපගත කළා. ඒකත් එක හේතුවක් වෙනවා කියලා මම හිතනවා. අනික මේ සිනමාපටය වැඩි පිරිසක් ඉන්නෙ කාන්තාවන්. ඔවුන් සියලුදෙනා උරෙන් උර එකට බැඳිලා වැටෙනවා. පවුර වැඩිවෙන තරමට ශක්තිමත්භාවය වැඩියි. ඒ නිසා මේ නිර්මාණය විශිෂ්ට නිර්මාණයක් වෙයි කියලා මම හිතනවා.

බොම්මෙයි ඩෝල් සිනමාපටයෙන් පසු ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?

සිනමාපට තුනක් භාරගෙන තියෙනවා. දෙමළ සිනමා පටයක් සහ සිංහල සිනමාපට දෙකක්. මියුසික් වීඩියෝ කිහිපයක් සහ වෙළඳ දැන්වීම් ද ඒ අතරේ තියෙනවා. විශේෂයෙන් මට මතක් කළ යුතුම දෙයක් තියෙනවා. මට ශිල්ප උගන්වපු ගුරුවරු, මා විශ්වාස කරලා වගකීම පැවරූ මාව තෝරාගත් අධ්‍යක්ෂවරුන් සහ මේතාක් කලාවේ වැඩ කළ ජේෂ්ඨ කාන්තාවන්ටත් වර්තමානයේ වැඩ කරන සියලුදෙනාටත් මට උදව් උපකාර කළ සියලුම දෙනාටත් මගේ හෘදයංගම ස්තුතිය පළ කරන්න ඕනේ.

නිශ්ශංක විජේරත්න

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top