Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
15
“...රේඩාර්වලින් තවත් යානයක් පෙන්නුවා..! - - - ගන්න උපදෙස් ලැබුණා!” - කොළඹ දක්වා අඩි 30,000 ක් ඉහළකින් ආ ගුවන් යානයට ඇත්තටම වුණේ මොකද්ද ? නියමුවාගේ නුවණින් මඟින් 200 ගාණක් බේරුණු හැටි මෙන්න - Video

- “...රේඩාර්වලින් තවත් යානයක් පෙන්නුවා..! - - - ගන්න උපදෙස් ලැබුණා!” - කොළඹ දක්වා අඩි 30,000 ක් ඉහළකින් ආ ගුවන් යානයට ඇත්තටම වුණේ මොකද්ද ? නියමුවාගේ නුවණින් මඟින් 200 ගාණක් බේරුණු හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

උඩු ගුවනේදී සිදුවීමට ගිය දැවැන්ත විනාශයක් වළක්වා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවෙකු සමත්වී තිබෙනවා.
 
ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට UL504 දරන ගුවන් යානය මගීන් 275 ක්ද සහිතව පෙරේදා පස්වරුවේ නැවතත් කොළඹ දක්වා පැමිණෙමින් ඇත්තේ අඩි 30,000 ක් ඉහළකින් ගමන් කරමිනුයි.
 
යානය තුර්කි ගුවන් කලාපයේ ගමන් කරමින් තිබියදී තුර්කි ගුවන් ගමන් පාලකයන් දන්වා ඇත්තේ අඩි 35,000 ක් ඉහළට යානය ඉහළ නංවන ලෙසයි.


එහෙත් බ්‍රි්තාන්‍ය ගුවන් සේවයට අයත් යානයක් ලන්ඩන් සිට සිංගප්පූරුව දක්වා එම උසින් ගමන් කරමින් ඇතැයි සිය රේඩාර් තිරයේ නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකන් ගුවන් නියමුවා විසින් තුර්කි ගුවන් ගමන් පාලකයන් වෙත දන්වා තිබෙනවා.
 
එවැන්නක් සිය රේඩාර් තිරයේ නොමැති බවත් අඩි 35,000 ක් උසකට ශ්‍රී ලංකන් යානය ඉහළ නංවන ලෙසත් තුර්කි ගුවන් ගමන් පාලකයන් නැවතත් දන්වා ඇතැයි සඳහන්.
 
එහිදී ශ්‍රී ලංකන් ගුවන් නියමුවා යළිත් අවධරණය කර ඇත්තේ නැවතත් රේඩාර් තිරය පරීක්ෂා කර බලන ලෙසයි.
 
ඉන් විනාඩි කිහිපයකට පසු ශ්‍රී ලංකන් ගුවන් නියමුවා ඇමතූ තුර්කි ගුවන් ගමන් පාලකයන් සඳහන් කර ඇත්තේ අඩි 35,000 ක් උසින් බ්‍රි්තාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගමන් කරමින් පවතින බැවින් කිසිදු අයුරකින් ශ්‍රී ලංකන් යානය ඉහළට නොගන්නා ලෙසයි.
 
කිසියම් අයුරකින් ශ්‍රී ලංකන් ගුවන් නියමුවා විසින් යානය ඉහල දැමීමක් සිදුකලේ නම් ගුවන් යානා 02 එකිනෙක ගැටී දැවැන්ත විනාශයක් සිදුවන්නට ඉඩ තිබූ බවයි ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
 
මේ අතර, මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට ගුවනේ දී ශ්‍රී ලංකන් ගුවන් යානයක් වෙනත් යානයක හා ගැටීමේ අවදානමක් කිසි ලෙසකින් වත් මතු නොවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කරනවා.
 
ශ්‍රී ලංකන් ගුවන් සමාගමන් ඒ බව ප්‍රකාශ කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.
 
එම මාධ්‍ය නිවේදනයේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවය දක්වන්නේ, "ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට ගුවනේ දී UL 504 ගුවන් යානය තවත් ගුවන් යානයක ගැටීමේ අවදානමක් කිසි ලෙසකින්වත් මතු නොවූ බව ද අවධාරණය කරනු කැමැත්තෙමු." යනුවෙන්.
 
එලෙස ම, අදාළ UL 504 දරන ගුවන් යානයේ නියමුවන් කිසිදු උපද්‍රවයකින් තොරව එම ගුවන් යානය හැසිරවීමට සමත් වූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය මාධ්‍ය නිවේදනය ඔස්සේ තහවුරු කරනවා.
 
තව ද, යානය තුළ සිටි මගීන්, කාර්ය මණ්ඩලය මෙන් ම වටිනා උපකරණ ද ආරක්ෂා කරගනිමින්, අදාළ අනතුර වළක්වා ගැනීමට සමත් වූ UL 504 හි ගුවන් නියමුවන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ප්‍රශංසාව ද මාධ්‍ය නිවේදනය ඔස්සේ පළ කර සිටීමට කටයුතු කළා.



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top