ඉතින් මධුමාදව ඒ වෙනුවෙන් බිරිඳට අපූරූ තෑග්ගකුත් දීලා.
මේ තියෙන්නෙ ඔහු මුහුණු පොතේ ලියපු සටහනක්..
මෙවැනි ආදර්ශමත් මා වැනි සැමියන්
මැරුනට පස්සේ දෙවිවරුම වෙයන්
හෙට උපන් දිනේ එයාගෙ....
මම ඉටිං අවුරුද්දක් තිස්සෙ කැටේ කට සල්ලි එකතු කරලලු....
ඒක ඕනෙම හස්බන්ඩ් කෙනෙක්
බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් කරන දෙයක්නෙ අද කාලේ... කියවන ඔයගොල්ලන්ගෙත් එහෙම නේද?
ඒක මේ කාලෙ හැම ගෙදරම වෙන දෙයක්.
අපි වගේ නෙවෙයි ගෑනු අය කිසි පිලිවෙලක් නෑ...
සාක්කුවල, වාහනේ හැම තැනම ඉතුරු සල්ලි දානවා අප්ප....
අපේ ගෙදර අර පරිස්සම , ඉතිරිය, ඉටිං මගෙන් තම.. .
ටැන්කූ ටැන්කූ
සීනි බනිස් ගෙදර හැම තැනම බඩු මුට්ටු ගෙනාවම දාන ඉතුරු සල්ලි, අවුරුද්දක් තිස්සෙ දුක්මහන්සියෙන් කැටේකට දාල මේ මම එකතු කරලලු...
ඉතිං, මගේ ඒ හොද පුරුද්දට ගරු කරලා,
කැටේ කඩල මටම දුන්න....
කැටේ මට දීල , බිම පෙරලී, අය මට මෙහෙම කිව්ව...
"මෙන්න මන් හැම තැනම ගෙදර දාන මාරු සල්ලි, මට, වාහනේ අමතක උන සල්ලි කොල , මට උත්සව වලට ගිහාම අමතක වෙන සාක්කු වල තියෙන සල්ලි, ඔයා එකතු කරල ඔයා කැටේ කට දාල ඔයා රත්තරං ස්වාමිපුරුසයෙක්...""කියල අදිකව සතුටුවෙල, මගෙ දෙපා ලග වැද වැටී, සතුටු කදුලු වැගිරුව."
ස්නූපි බලු රාලත් මගෙ දිහා බැලුවා
"උබ මාර පොරක් නෙ බන්" කියන්නා වගේ
මට ඉතිං මන් ගැනම එහෙම හොද කියන කොට ටිකක් ලැජ්ජයි. වැඩිය ආස නෑ... ඒ අර නිහතමානිකම මගේ...
ඒ නිසාම, කැටේ තිබ්බ, කොල ටික මන් අරන්, දිලිසෙන, හොදටම බර කාසි ටික....
උපන් දිනයට හෙට තෑග්ගක් ගන්න මන් පූජා කලා..... සීනි බනිස්ටම...
(මේ ලිපිය ඇස ගැටී කැටේ කඩපු කුඩා මෝල් ගහ මා දෙසට නොඒවා.....)