මනුසත්බවේ පරිත්‍යාගශීලී ගුණාංග සැලකිල්ලට ගෙන Charities Aid Foundation මඟින් එළිදක්වනු ලැබූ නවතම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව එහි 8 වන ස්ථානය දක්වා ඉහළට ගොස් තිබෙනවා. 2014 වසරේදී ශ්‍රී ලංකාව එහි 9වන ස්ථානයේ සිටි අතර මෙම දර්ශකයේ 1වන ස්ථානය ලබාගෙන ඇත්තේ මියන්මාරයයි.
2014 වසරේදීද මියන්මාරය එහි 1වන ස්ථානය ලබාගෙන සිටීම විශේෂත්වයක් වන අතර ධනය වැඩියෙන් ඇති ඇතැම් රටවල් මෙම දර්ශකයේ ඉහළ ස්ථාන රැක ගැනීමට සමත් නොවීම විශේෂත්වයකි.
මියන්මාරය හෙවත් බුරුමය බෞද්ධ සංස්කෘතියට උරුමකම් කියන රටක් වන අතරම එවන් රටක් ලෝකයම පරදා ඉදිරියට පැමිණීම අපටද ආඩම්බරයට කරුණකි.
ලෝකයේ රටවල් 145ක් පමණ මෙම වර්ගීකරණයට ඇතුලත් වන අතර පිළිවෙලින් මියන්මාරය, ඇමරිකාව, නවසීලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නෙදර්ලන්තය, ශ්‍රී ලංකාව යන රටවල් මෙහි ප්‍රමුඛස්ථානය ලබාගෙන සිටී.
එම දර්ශකය පහතින්....
