බස්රථයන් වලදී කාන්තාවන්ට සිදුවන හිංසනයන් හා කරදර පිළිබඳව බොහෝ අවස්ථාවලදී අපට අසන්නට දකින්නට ලැබෙනවා. ඇතැම් කාන්තාවන් එවැනි අවස්ථාවලදී බියකින් තොරව සිද්ධිය පිළිබඳව ළඟ සිටින අයෙකුව දැනුවත් කරන්නේ මෙවැනි අසහනකාරයින් හට නිසි දඬුවමක් ලබාදීමට තවත් පිරිමියෙකුට ඉදිරිපත් වන ලෙස ඉල්ලමිනුයි.
නමුත් ඇතැම් කාන්තාවන් සිතේ ඇතිවන බිය නිසාදෝ මෙවැනි දේ පිළිබඳව කිසිවෙකුට නොපවසා යන අවස්ථා එමටයි. එවන් සිදුවීමක් පිළිබඳව වන වීඩියෝවක් අපවෙත ලැබී ඇත්තේ මට්ටක්කුලිය - සොයිසාපුර 155 බස් මාර්ගයේ බස් රථයකදීයි.
එහි සිටි මුස්ලිම් කාන්තාවකගේ ඇඟේ හේත්තුවෙමින් පිට ස්පර්ශ කරන මෙම සල්ලාලයා සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා රැසකදීමට මඟීන් විසින් බස්රථවල සිටින කොන්දොස්තරවරුන්ට පවසා තිබෙනවා. එවැනි අවස්ථාවල බොරු කතා පවසා ලිස්සා යන්නට මොහු ක්‍රියාකර ඇති අතර අද (04) දිනයේ උදෑසනද මේ ආකාරයේම සිදුවීමක් සිදුව තිබෙනවා.
එහිදීද කාන්තාව කිසිවක් නොකියා යන්නේ ඇයට කරගන්නට දෙයක් නැති නිසා වන්නට පුලුවන්. මෙවන් සිද්ධීන් වීඩියෝ කර අසහනකාරයන්ගෙන් ප්‍රවේශම් වන්නටැයි සමාජයට පණිවුඩයක් ගෙනයනවා සේම ඒ අවස්ථාවේදීම ක්‍රියාත්මක වී ඔහුට නිසි දඬුවමක් දීමටද කටයුතු කරන්නේ නම් මෙවන් සිදුවීම් රටතුළ තවදුරටත් අඩුකර ගැනීමට හැකිවනු ඇති.