Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
06
"සැමියාගේ මල්ලි ලිංගික අසහනකාරියෙකු ලෙස හැසිරෙන එක පීඩාවක්..."

- "සැමියාගේ මල්ලි ලිංගික අසහනකාරියෙකු ලෙස හැසිරෙන එක පීඩාවක්..."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

මගේ ජීවිතේ හොඳම කාලය ලොක්ඩවුන් කාලය කියලා මට හිතෙනවා. මම ඒ කාලය සෑහෙන රසවින්දා. පාරක වාහනයක්වත් නැහැ. සෑහෙන්න නිහඬයි, නිශ්ශබ්දයි. මම ඒ කාලය තුළ මගේ ජීවිතය වෙනම අනුපිළිවෙළකට හදාගත්තා. ඒ මානසික සුවය ගැන කියන්න වචන නැහැ. මගේ පවුලේ හිතවතුන්ට වගේම අසල්වැසියන්ට සමීප වෙන්නත් ඒ කාලය තුළ හැකියාව ලැබුණා.


වසර දෙකකට පසුව නැවතත් සිනමාශාලාවලට සෙනඟ පිරෙමින් පවතිනවා.
කොරෝනා නිසා සිනමාවෙන් ඈත් වුණු ප්‍රේක්ෂකයා නැවතත් සිනමාශාලාවට හුරු වෙන බවක් පෙනෙනවා. සිනමාවේ පමණක් නොවෙයි, මුළු කලා ලෝකය තුළම ඒ පිබිදීම පෙනෙනවා. කලාකරුවන් වැඩ නොකර එක්තැන් වෙලා හිටියා කාලයක්. කොරෝනා වසංගතයත් සමඟ ජීවත් වෙන්න දැන් හැමෝම පුරුදු වෙලා. නතර වෙලා ඉන්නවා කියලා කොතරම් කාලයක් නතර වෙලා ඉන්නද? ඒ නිසා හැමෝම නැවතත් සක්‍රීයව කලාවේ නිරත වෙනවා. අපේ කැමැත්ත වැඩ කරන්න සහ ඒ නිර්මාණ එළිදකින්න. මේ වන විට එය සිදුවෙමින් පවතිනවා.
 
කලකට පසුව නැවතත් දිල්හානිව පුළුල් තිරයෙන් ප්‍රේක්ෂකයා දකිනවා නේද?
සෑහෙන්න කාලයකට පසුව මගේ චිත්‍රපටයක් තිරගත වෙන්නේ. කොවිඩ් කාලයේ මගේ චිත්‍රපට දෙකක් තිරගත වුණා. නමුත් කොරෝනා නිසා ඒවා සුළු කාලයකින් සිනමාශාලාවලින් ඉවත් වුණා. ඉන්පසුව මේ තිරගත වෙන්නේ සෝමරත්න දිසානායකගේ "ජංගි හොරා" චිත්‍රපටය.
 
"ජංගි හොරා" කියන නමත් ආන්දෝලනාත්මකයි. වැඩෙත් ආන්දෝලනාත්මකයි.
ජංගි හොරා කියන නම සමඟ චිත්‍රපටය නරඹන්න එපා කියලා මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා. ඒ නමත් සමඟ හිතන දෙය චිත්‍රපටයේ නැහැ. ඊට වඩා වෙනස් අත්දැකීමක් එය නරඹන්නන්ට ලැබෙන්නේ. නම ගැන නොහිතා චිත්‍රපටය නරඹලා එය විවේචනය කරන්න කියලා මම ආරාධනා කරනවා.
 
ජංගි හොරා චිත්‍රපටයේ ඔබේ චරිතය ගැන කියමු?
මේ චරිතයට මට ආරාධනා කරන්නේ සෝමේ අයියයි රේණුකා අක්කායි. මේ චිත්‍රපටයේ ප්‍රස්තුතය ටිකක් වෙනස්. අපි හැමෝම එක්තරා මානසික ආතතියකින් පෙළෙන පුද්ගලයෝ. ඒ මිනිසුන් අතරේ ටිකක් අසාමාන්‍ය මානසික ව්‍යාධියක් සහිත පුද්ගලයෙක්ගේ චරිතයක් වටා මේ කතාව ගෙතිලා තියෙන්නේ. ඔහුගේ සහෝදරයාගේ බිරිඳගේ චරිතයට මම පණ පොවන්නෙ. චරිතයේ නම නයනි. නයනිට ඇගේ සැමියාගේ මල්ලි ලිංගික අසහනකාරියෙකු ලෙස හැසිරෙන එක පීඩාවක්. නමුත් ඇය එයට හුරු වෙලා ඔහුව යථා තත්ත්වයට පත් කරගන්න මූලිකත්වය ගන්නවා. ඔහු කාන්තාවන්ගේ යට ඇඳුම් හොරකම් කරන සහ ඒවා ළඟ තබාගන්න පුද්ගලයෙක්. ඊට වඩා මිනිසුන් කාන්තාවන්ගේ මුළු ජීවිතයම විනාශ කරන අවස්ථා අනන්තවත් අපිට අහන්න ලැබෙනවා. එවැනි ලොකු ඛේදවාචක මේ රට තුළ සිද්ධ වෙනවා. අපි ලැජ්ජා වෙන්න ඕනෑ, බය වෙන්න ඕනෑ එවැනි දේවල්වලට. මේ වගේ මිනිසුන්ව අපට හදන්න පුළුවන්. ඒ ක්‍රියාවලිය තමයි මේ කතාන්දරයේ තියෙන්නේ.
 
නයනිගේ චරිතය ඔබට දැනුණේ කොහොමද?
නයනිගේ චරිතය කරන්න මට වෙනම අධ්‍යයනයක් අවශ්‍ය වුණේ නැහැ. මගේ පළමු අධ්‍යයනය සිදුවන්නේ චිත්‍රපටයේ තිරරචනයත් සමඟ. පෞද්ගලිකව භයංකාර විදිහට ලෝකය දකින කෙනෙක් නෙමෙයි මම. මේ ප්‍රස්තුතය මට ඒ තරම් අවදානමක් නෙමෙයි. ඉතාම උපේක්ෂා සහගත, මානුෂීය, ධනාත්මකව හිතන ගැහැනියකගේ චරිතයක් මේක. මේ චරිතය තුළ සමහර ජවනිකා කීපයක් තිබුණා වෙනස් කරගැනීමට අවශ්‍ය. සෝමේ අයියා ඒවා වෙනස් කළා. ඒ හැරුණුකොට මේ චරිතයේ අමුතු වෙනසක් මට දැනුණේ නැහැ. රඟපාන රංගන ශිල්පීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සහයෝගය ඉතාම වැදගත් වුණා මේ චරිතය ගොඩනඟන්න. ඒ වගේම සෝමේ අයියා සහ රේණුකා අක්කා දීපු මානසික නිදහසත් මතක් කරන්න ඕනේ.
 
ඔබ සමඟ මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ නව පරපුරේ රංගන ශිල්පියෙක්. කොහොමද පුබුදුගෙන් ලැබුණු සහයෝගය?
පුබුදු චතුරංග කියන්නේ හොඳ පරාසයක් සහිත රංගන ශිල්පියෙක්. එවැනි පරාසයක් සහ සවිඥානකත්වයක් ඔහුට නැතිනම් සමහර ජවනිකා අපිට රඟපාන්න අපහසු වෙන්න තිබුණා. නමුත් ඔහුගේ අධ්‍යයනය සහ දක්ෂතාව නිසා රූගත කිරීම් කිරීම වඩා පහසු වුණා. පුබුදුයි මමයි කොහොමත් හරිම හිතවත්, මිත්‍රශීලී. අපි සාකච්ඡා කරලා කතාබහ කරලා රූගත කිරීම් කරන්නේ. පුබුදු ඉතාම විනෝදයෙන් කාලය ගත කරන තරුණයෙක්. අපි හැමෝම එකම තැනක එකට වැඩ කරද්දී චරිත අයාසයෙන් අපි තුළ ජීරණය වෙනවා. ඒ නිසා ඉතාම පහසුවෙන් රඟපාන්න හැකි වුණා.
 
සෝමරත්න දිසානායක නම් සම්මානනීය අධ්‍යක්ෂවරයා සමඟ වැඩ කරපු අත්දැකීම කොහොමද?
සෝමේ අයියා එක්ක මම කලින් "සිරි රජ සිරි" චිත්‍රපටයේ වැඩ කළා. ඔහු කාලයක් තිස්සේ දරුවන් වෙනුවෙන් නිර්මාණ කරලා දැන් වෙනත් මාවතකට අවතීර්ණය වෙලා තියෙනවා. "ජංගි හොරා" වගේ චිත්‍රපටයක් රූගත කරන විට අධ්‍යක්ෂවරයාගේ විනය ඉතාම ප්‍රබල ලෙස බලපානවා. අධ්‍යක්ෂවරයාට නළු නිළියන් කෙරෙහි පවතින ගෞරවය ඔහුගේ සීමාව මෙවැනි චිත්‍රපට රූගත කරන විට බලපානවා. මේ චිත්‍රපටයේ නිරුවත් වන කාන්තා චරිත දෙකක් තියෙනවා. එවැනි ජවනිකාවක් රූගත කරද්දී ඒ කාන්තාවන්ට කොයිතරම් ගෞරව කරන්න ඕනෙද කියලා අධ්‍යක්ෂවරයා වටහාගන්න ඕනෑ. සෝමේ අයියා කියන්නේ හරිම සුන්දර මනුස්සයෙක්. විහිළුවෙන් තහළුවෙන් ඉන්න හැමෝටම එක වගේ සලකන කෙනෙක් ඔහු. හැමෝගෙම පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින්, හැමෝටම ගෞරව කරමින් කටයුතු කරන කෙනෙක් සෝමේ අයියා. ඒ වගේම ඔහුගේ මුළු කණ්ඩායම තුළම ඒ විනය තිබුණා. චිත්‍රපටයේ වැඩ කටයුතු කරද්දී සෑම දිනකම රූගත කිරීම් අවසානයේදී අපි හැමෝම සෝමෙ අයියා සමඟ සුහද පිළිසඳරක යෙදෙනවා සෑහෙන්න වෙලාවක්. විවිධ මාතෘකා ගැන ගැඹුරින් කතාබහ කරනවා. එකිනෙකාගේ මනස පිළිබඳව සහ ඔවුන් ඉන්නා තැන පිළිබඳව වටහා ගන්න ඒ සාකච්ඡා අවශ්‍යයි. අද කලාව තුළ නොවන්නෙත් එයමයි. හැමෝම හරිම යාන්ත්‍රික වෙලා වැඩ කරලා ගෙදර යනවා. නිර්මාණකරුවන්ට එහෙම කරන්න බැහැ. තමන් සමඟ වැඩ කරන අනෙකාගේ මනස කොතැනද තියෙන්නේ? ඔවුන්ගේ දැක්ම මොකද්ද? ඔවුන්ගේ දැනුම කොහොමද? මේවා දැනගන්න ඕනේ. දැනගන්න නම් සාකච්ඡා කරන්න ඕනේ.
 
මේ චිත්‍රපටයට ප්‍රස්තුත වන ආකාරයේ පුද්ගලයන් ඇත්ත ජීවිතයේදීත් ඔබට හමුවෙලා ඇති?
රංගන ශිල්පිනියක් වුණාට මමත් ගැහැනියක්. ඒ වගේ අවස්ථා හා සිදුවීම් මේ වගේ රටක හරි සාමාන්‍යයි. මමත් අනන්ත අප්‍රමාණව ඒ වගේ අත්දැකීම්වලට මුහුණදීලා තියෙනවා. රංගන ශිල්පිනියක් නිසා එවැනි අත්දැකීම්වලට වැඩිපුර මුහුණදුන්නු අවස්ථා තියෙනවා. සමහර දුර පළාත්වල රූගත කිරීම්වලදී අපේ යට ඇඳුම් පවා නැති වුණු අවස්ථා තියෙනවා. මම කොහොමත් දුර ගමන්වලදී නානකාමරය ගැන සැලකිලිමත්. කෙනෙක්ට බලාගෙන ඉන්න පුළුවන්ද කියන දෙය ගැන නිතරම සැලකිලිමත්. අපි ඉස්කෝලේ යන කාලයේදී පාසල් ගේට්ටුව ළඟට ඇවිත් එවැනි අසහනකාරී මිනිස්සු ලිංගික අවයව පවා ප්‍රදර්ශනට කරලා තියෙනවා. පොඩි කාලයේ ඉඳන් මේ රටේ කාන්තාවන්ගේ මනස හැදෙන්නේ එවැනි පුද්ගලයන්ගෙන් ආරක්ෂා වෙන්න ඕනේ කියන තැන ඉඳලා.
 
අතීතයට වඩා වර්තමානයේ එවැනි මානසික ව්‍යාධි සහිත පුද්ගලයින් අඩුද වැඩිද?
ඒ කාලයට වඩා මේ කාලයේ එවැනි පුද්ගලයින් අවමයි. හේතුව තාක්ෂණිකව මිනිසුන් හරි දියුණුයි. ඕනෑම දෙයක් අවශ්‍ය මොහොතක අන්තර්ජාලයෙන් නරඹන්න පුළුවන්. නිල් චිත්‍රපටි, ඡායාරූප ඕනෑතරම් නරඹන්න හැකියාව තියෙනවා. අන්තර්ජාතික වශයෙන් ගත්තත් බොලිවුඩ්, හොලිවුඩ් සිනමා රංගන ශිල්පීන්ට පවා අඩනිරුවත සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. වැඩිපුර ශරීරය නිරාවරණය කරලා අඳීන්න පලඳීන්න හුරු වී තියෙනවා. ඒ නිසා ආශාවන් සන්තර්පණය කරන්න සාමාන්‍ය සමාජයේ කාන්තාවන්ට හිරිහැර කරන්න මිනිසුන්ට අවශ්‍ය නැහැ. ඒ නිසා එවැනි හිරිහැර හිංසන සමස්තයක් ලෙස ගතහොත් අවමයි කියන්න පුළුවන්.
 
"ජංගි හොරා" වගේ නිර්මාණයක කාලීන අවශ්‍යතාව ගැන කතා කළොත්?
මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයම සෑහෙන්න පිරිසක් නරඹා තිබුණා. සිනමාව ගැන නැවත යම්කිසි ආකර්ෂණයක් ජංගි හොරා චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය සහ නම තුළින් පැමිණියා. ප්‍රේක්ෂක ආකර්ෂණය මේ මොහොතේ අතිශය වැදගත්. ඒ වගේම මෙවැනි ව්‍යාධි සහිත පුද්ගලයන් සමාජයෙන් බැහැර නොකර ඔවුන් ඒ තත්ත්වයෙන් මඟහරවා ගන්නා ආකාරය මේ චිත්‍රපටයෙන් නිරූපණය කරනවා. එය ශිෂ්ට සමාජයකට ඉතාම හොඳ පණිවිඩයක්. අපේ සමාජයේ න්‍යාය "වැරදිකරුවාට ගල් ගසා මරා දැමීම". එය ශාරීරිකව නොවුණත් මානසිකව සිදුකරනවා. චරිත ඝාතනය කරනවා. එවැනි අවස්ථාවලදී මිනිසුන්ගේ මූලික මානව අයිතිවාසිකම් පවා අහිමි කරන අවස්ථා සහ සිදුවීම් බොහෝමයක් අපේ සමාජ ඉතිහාසය තුළ ලියැවිලා තියෙනවා. ඒ නිසා මේ චිත්‍රපට සර්වකාලීන පණිවිඩයක් ලබාදෙන නිර්මණයක් ලෙස හඳුන්වන්න මම කැමැතියි.
 
සිනමාශාලාවලට ප්‍රේක්ෂකයන් සමීප කරගන්න නම්?
ඒක විශාල අභියෝගයක්. එක් අතකින් සිනමාශාලා වැසෙමින් පවතිනවා. අනෙක් පසින් සිනමාකරුවන් සහ නිෂ්පාදකයන් තමන්ගේ නිර්මාණ එළිදක්වන්න මැළිකමක් දක්වනවා. අන්තර්ජාලය දියුණු ප්‍රබල තැනක පවතින නිසා විදේශ රටවල දියුණු මට්ටමේ සිනමාව කෙරෙහි මෙරට ප්‍රේක්ෂකයන්ගේ නැඹුරුවක් පෙනෙනවා. මේ හැම දෙයක් සමඟම අපිට ගැටෙන්න වෙනවා. ඉස්සර වගේ බාල බොළඳ නැටුම් පහයි ෆයිට් පහයි තියෙන චිත්‍රපටි හදලා හරියන්නේ නැහැ. ඉන් එහා දියුණු තලයක සිනමාවකින් අපිට ප්‍රේක්ෂකයන්ට ළං වෙන්න සිදුවෙන්නේ. නිෂ්පාදකවරු රැකගැනීමේ අභියෝගයත් නිර්මාණකරුවන්ට පවතිනවා. චිත්‍රපට නිෂ්පාදනය කරන්න ගිහින් නිෂ්පාදකවරු බහුතරයකගේ ව්‍යාපාර අඩාළ වෙලා, ජීවන රටාව පවා වෙනස් වෙලා. නැවතත් සිනමා වසන්තයක් ගෙන එන්න නම් මේ වගේ හොඳ චිත්‍රපට හැදෙන්නත් ඕනෑ, හැදෙන චිත්‍රපට ප්‍රේක්ෂකයා බලන්නත් ඕනෑ. රජයේ සහ චිත්‍රපට සංස්ථාවේ මැදිහත්වීමකින් චිත්‍රපටශාලා රැක ගැනීමේ වැඩපිළිවෙළක් තියෙන්නත් ඕනේ.
 
රජය මැදිහත් වෙලා සිනමාව කර්මාන්තයක් බවට පත් කළා.
 
අපිට හැම දෙයක් ගැනම බලාපොරොත්තුවක් තියෙන්නේ. ස්ථීරවම දෙයක් සාර්ථක වේවිද අසාර්ථක වේවිද කියලා නිගමනය කරන්න අපහසුයි. සිනමාව පමණක් නොවෙයි මුළු රටක්ම, ආර්ථිකයක්ම යළි ගොඩනැඟෙන්න ඕනෑ. චිත්‍රපටයක් ශාලාවට ඇවිත් නරඹන්න මිනිස්සුන්ට මුදල් වගේම මානසික නිදහසක් තියෙන්න ඕනේ. මම හිතන්නේ ඕනෑම වැඩපිළිවෙළකට සැලසුමක් තියෙන්න ඕනේ. සිනමාව කර්මාන්තයක් කරන්නත් එවැනි සැලසුමක් අවශ්‍යයි. සිනමාවේ අනාගතය ගැන මටත් අනිත් හැමෝටම වගේ ඉතාම සුබවාදී බලාපොරොත්තුවක් තියෙන්නේ. ඒ වෙනුවෙන් අපෙන් වෙන්න ඕනේ කාර්යය ඉෂ්ට කරනවා.
 
ඔබට ප්‍රේක්ෂකයන්ට යමක් කියන්න ඇති?
මේ තරම් කාලයක් අපි ක්ෂේත්‍රයේ රැඳී ඉන්නවා නම් ඉන්නේ ප්‍රේක්ෂකයන් නිසා. මේ තරමින් හරි මේ රටේ සිනමාව ඉතුරු වෙලා තියෙන්නේ ප්‍රේක්ෂකයන් නිසා. ඔවුන්ට කියන්න තියෙන්නේ මේ හැම චිත්‍රපටයක්ම නරඹන්න. මේ රටේ සිනමාව සහ කලාකරුවන් ආරක්ෂා වෙන්නේ ප්‍රේක්ෂකයන් චිත්‍රපට නැරඹුවහොත් පමණයි.
 
 
 
නිර්මාණි බණ්ඩාරනායක
සරසවිය
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top