ඔයා වැඩට යන කෙනෙක් නම් එක දිගටම ඔෆිස් එකට වෙලා ජොබ් එක කරගෙන ඉන්නකොට එපා වෙන අවස්ථා ඕනි තරම් තියෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවට පොඩ්ඩක් මහන්සිය නිවාගන්න ඔලුව මේසේ උඩ තියාගෙන වුනත් ඉන්න අවස්ථා තියෙනවා.
කවුරුත් එක්කවත් කතා නැතිව මේ විදියට ඉන්නකොට මනසට දැනෙන පීඩනය අඩු කරන්න වගේම කරන ජොබ් එක තෘප්තිමත්ව කරගෙන යන්න පුලුවන් අලුත් විදියක් මේ වෙනකොට චීනේ පෞද්ගලික ආයතන රැසකම කරගෙන යනවා.
එහේ වැඩ කරන තැන් වල ඉන්න පිරිමි අය එකදිගටම වැඩ කරලා මහන්සි නිසා වගේම ආතතියෙන් පෙලෙන එකට තමයි මේ විසඳුම ගෙනැල්ලා තියෙන්නේ. ඒ වෙන කවුරුත් නෙවෙයි, මේ විදියට වැඩකරන ආයතන වලට අලුතින් ගෙනැවිත් තියෙන්නේ දිරිගන්වන්නියන් විදියට සේවය කරන කාන්තාවන්.
එකදිගට වැඩකරලා මහන්සි වුණු පිරිමි අය ළඟට ඇවිත් ඉතාම සුහදශීලීව මේ කාන්තාවන් කතා කරනවා වගේම ඔවුන්ට තියෙන ප්‍රශ්න ගැනැත් පෞද්ගලිකව කතා කරනවා. ඒ වගේම නිවාඩුවක් ලැබුණු වෙලාවක ඔවුන් එක්ක ක්‍රීඩා කරන්න වුනත් මේ අය කැමතිවෙලා ඉන්නවා. තව පිරිසක් වැඩකරන අයට කෑම ගෙනැත් දෙනවා වගේම වැඩකරන තැන සින්දු කියන්නත් වෙනමම කට්ටියක් ඉන්නවා.