නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම එළෙඔන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දෙදින තුල සිදු කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. අමාත්‍ය මණ්ඩලයේ පිරිසක් 27 වැනි බ්‍රහස්පතින්දා දිවුරුම් දී, තවත් පිරිසක් 28 වන සිකුරාදා දිවුරුම් දෙනු ඇති බවයි එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේ.
ජනාධිපතිවරයා ඉදිරියේ නව රජයේ අමාත්‍ය මණ්ලයේ තුන්දෙනෙකු ඊයේ දිවුරුම් දුන්නා. මංගල සමරවීර දිවුරුම් දුන්නේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසයි.
විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා ලෙසත් ඩී. එම්. ස්වාමිනාදන් නැවත පදිංචි කිරීමේ සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
මේ අතර, හිටපු අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ නව රජයේ කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 50ක් පමණ වනු ඇති බවයි. එමෙන්ම නියෝජ්‍ය ඇමතිවරුන් 30 ක් පත් කරන අතර රාජ්‍ය ඇමති ධූර 10 ක් පිරිනැමීමට නියමිත බවටද ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වේ.