Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
07
“මගේ මිනිහා මෙහෙම කෙනෙක් කියලා මම දැනගෙන හිටියේ නැහැ සර්...” - අඹු සැමියන්ට අන්තර්ජාලයෙන් නොමිලේ “ෆන්” දුන්නූ, නරුමයාගේ කෙරුවාව අතේ පත්තු වෙයි, බිරිඳ පොලිසියේදී හඬමින් කියූ කතාව

- “මගේ මිනිහා මෙහෙම කෙනෙක් කියලා මම දැනගෙන හිටියේ නැහැ සර්...” - අඹු සැමියන්ට අන්තර්ජාලයෙන් නොමිලේ “ෆන්” දුන්නූ, නරුමයාගේ කෙරුවාව අතේ පත්තු වෙයි, බිරිඳ පොලිසියේදී හඬමින් කියූ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,014 Views
සැකකරු පොලිස් දැලට කරගත් අපූරූ මෙහෙයුම මෙන්න...

මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින අසහනයට පත් අඹු සැමියන්ට ලිංගික සතුට ලබාදීම සඳහා අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකොට අඹු සැමියන් රැසකට නොමිලේ ‘ෆන්’ ලබාදුන් පුද්ගලයකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ එම විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඉතා සැලසුම් සහගතව සූක්ෂ්ම ලෙස ඔහු මහමඟට කැඳවා කරන ලද මෙහෙයුමකට අනුවය.

කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

මෙයට දින කිහිපයකට පෙර අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකර තිබිණි. ඒ මීගමුව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු විසිනි.

මීගමුවේ පදිංචි අඹු සැමියන්ට ලිංගික ආස්වාදයක් ලබාදීමට තමන් කැමැති බවත් ඒ සඳහා තම දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසත් පවසමින් ඔහු අන්තර්ජාලයේ පළකරන ලද දැන්වීමට ඔහුගේ ජංගම දුරකථන අංකයද යොදා තිබිණි.

මේ අතර මෙම පුද්ගලයා පිළිබඳව මීගමුව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාටද තොරතුරු ලැබී තිබූ අතර ඔහු සිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ මෙම පුද්ගලයා කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙසය.

ඒ අනුව ක්‍රියාත්මක වූ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා තම ඒකකයේ සැරයන්වරියක හා කොස්තාපල්වරයකු යොදාගෙන ඔවුන් විවාහක අඹු සැමි යුවළක් ලෙස රඟපාමින් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම පළකළ පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගෙන ඇත.

තමන් විවාහ වී සිටියත් නොයෙකුත් දුබලතා නිසා ජීවිතයේ සතුට ලබාගැනීමට නොහැකි බව කියමින් සැරයන්වරියත් කොස්තාපල්වරයාත් තරුණ අඹු - සැමි යුවළක් ලෙස මොහු සමඟ දීර්ඝ ලෙස ඇමතුම් ලබාගෙන කතාබස්කර ඇත.

පසුව මෙම පුද්ගලයා ඔවුන් හමුවීමට කැමැත්ත පළකර ඇති අතර ඒ සඳහා මුදල් අවශ්‍ය නැති බවත් ඔහු මොවුන්ට පවසා ඇත.

ඒ අනුව මීගමුව නගරයට නුදුරු සුපිරි හෝටලයකට ආසන්න තැනකදී දෙපාර්ශ්වයම හමුවීමට තීරණය කරගෙන තිබේ.

තමන් සුදුපාට වැගන් ආර් රථයක පැමිණ අදාළ හෝටල් පරිශ්‍රය අසල රැඳී සිටින බවත් වහා පැමිණ මෝටර් රථයට නඟින ලෙසත් ඉන් අනතුරුව තමන්ගේ නිවෙසට යා හැකි බවත් පොලිස් අඹු සැමි යුවළ මොහුට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරීන්ද මොහු කොටුකර ගැනීම සඳහා හෝටල් පරිශ්‍රය වටා යොදවා තිබිණි.

අඹු - සැමි යුවළගේ ඉල්ලීම මත මොහොතකින් හෝටලය අසලට පැමිණි ඔහු දැනුම්දුන් මෝටර් රියට ගොඩවීමත් සමඟ එහි සිටි පොලිස් යුවළ සැකකරු කෙළින්ම රැගෙන ගොස් ඇත්තේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙතටය. සැකකරු වාහනයට ගොඩවත්ම සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනකුද දෙපැත්තෙන් වාහනයට ගොඩවීම නිසා සැකකරුට පලායෑමට නොහැකි විය.

ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ හතළිස් හැවිරිදි ඔහු පෞද්ගලික ආයතනයක විධාක නිලධාරියකු බවය. තමන් විසින් අන්තර්ජාලයේ පළ කළ දැන්වීමට අනුව මීගමුව, ගම්පහ යන ප්‍රදේශවල අසහනයට පත් අඹු සැමියන් කිහිපදෙනකු කතා කළ බවත් ඒ අනුව ඔවුන් සමඟ ලිංගික හැසිරුණු බවත් සැකකරු පොලිසියට පවසා තිබේ.

විවාහකයකු වන මොහුගේ ක්‍රියා කලාපය ඔහුගේ බිරිය මොහු පොලිසියට කොටුවන තුරුත් දැනගෙන නොසිටි අතර මේ බව දැන ගැනීමෙන් පසු ඇය නිලධාරීන් ඉදිරියේ හඬා වැටී තිබේ.

සැකකරු මෙලෙස සිය ජංගම දුරකථනයේ අංකය සටහන් කොට ඊට එකඟ වන අඹු සැමියන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් දෙදෙනාටම නොමිලේ ලිංගික පහස ලබාදෙන බව පොලිසිය කියයි.

සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරන ලදී.

මීගමුව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ අධීක්ෂණය මත මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් දිසානායක (38899) හා කාන්තා පොලිස් කොස්තාපල් රම්‍යා (9837) ඇතුළු නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ.

කීර්ති මෙන්ඩිස්
ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top