අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර සුප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිළියක්ද සිටින බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
අනුරාධපුර - තංගල්ල - මහියංගණය - මීගමුව වැනි පිට පළාත්වලින් පැමිණි වයස 22 සහ 30 අතරේ පසුවන මෙම කාන්තාවන් කොළඹ නගරයේ රැකියා කිරීමට එන බව පවසා ගණිකා වෘත්තියේ නියැළී ඇති බවත් පොලිසිය පවසනවා. රුපියල් 2000 සිට ඉහළ ගණන් යටතේ මොවුන් අලෙවි වී ඇති අතර අසල්වැසියන්ගෙන් ලැබුණු පෙත්සම් මත විමර්ශන කර මෙම වැටලීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ අලුත්කඩේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක දඩ නියම කළ අතර දඩ ගෙවා ගැනීමට නොහැකි වූ සැකකාරියන් දෙපළක් ප්‍රජා සේවයේ යෙදවීමට අධිකරණයෙන් නියම වූ බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.