බ්‍රිතානයේ හැරෝව් හිදී LTTE ධජ අතින් ගත් LTTE ආධාර කරුවන් පිරිසක් සහ බ්‍රිතාන්‍ය පොලිසිය අතර ගැටුමක් ඇති වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හැරෝව් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ කෙන්ටන් ප්‍රදේශයේ LTTE ආධාර කරුවන් පිරිසක් පැවැත් වූ විරෝධතාවක් විසුරුවා හැරීමට යාමේදී අධාල ගැටුම හටගත් බවයි.
මෙහිදී පොලිසිය සහ LTTE ආධාර කරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද වන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක දක්නට ලැබෙනවා.
මෙම සිද්ධියේදී ලන්ඩන් පොලිසිය විසින් LTTE ආධාර කරුවෙකු අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව මුදා හැර තිබෙනවා.
මෙම LTTE ආධාරකරුවන් මෙලෙස විරෝධතාවයේ නිරත වුයේ කෙන්ටන් හී දින 16 ක් උපවාසයේ යෙදෙන, සමුල ඝාතනයන් වැළකීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ නියෝජිත වරියක වන අම්භිහායි සෙල්වකුමාර්ට සහයෝගය දැක්වීමටයි
ඇය විරෝධතාවයේ නිරත වන්නේ සමූල ඝාතනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජ්‍යාත්‍යන්තර අධිකරණය වෙත කැඳවන ලෙස ඉල්ලමින්.