ඊයේ දිනයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල දී සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් නවදෙනකු මරණ මරණයට පත්වී තිබෙනවා.
එමෙන්ම ඊට පෙර සිදු වූ විවිධ රිය අනතුරු හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් තිදෙනෙකු ද ඊයේ දිනයේදී මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇති අය අතර යතුරුපැදිකරුවන් 6ක්, ත්‍රිරෝද රථකරුවන් දෙදෙනෙකු සහ පදිකයින් දෙදෙනෙකු ද සිටිනවා.
මහමග අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර කුඩා වාහනවල ගමන් ගන්නා මගීන් රිය අනතුරු වල වින්දිතයින් බවට පත්වීම ඉහළ ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ