Tik Tok සේවාව පාකිස්ථානය තුළ යළිත් තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ, එහි පරිශීලකයින්ගේ අශෝභන හැසිරීම් හේතුවෙන්.
පසුගිය වසරේ ඔක්තෝබර් මස අදාළ යෙදවුම පාකිස්ථානය තුළ තහනම් කිරීමට පියවර ගත්ත ද ඉන් දින 10 කින් අනතුරුව එය ඉවත් කළ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
පාකිස්ථානු අධිකරණයක් විසින් අදාළ නියෝගය ලබා දී ඇති බව ද සඳහන්.
ඒ අනුව TikTok යෙදවුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එරට විදුලි සංදේශ අධිකාරිය විසින් කටයුතු කර තිබෙනවා.
අදාළ සේවාව හරහා ඉස්ලාම් ආගමට සහ පාකිස්ථානු සමාජයට නොගැළපෙන අයුරින් වීඩියෝ නිර්මාණයවී ඇති බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.