Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
10
වල්සපුගල මාරාන්තික උපවාසය අවසන් වුනු හැටි මෙන්න - රථ පෙළපාලියකින් ගොවියෝ නගරයත් අල්ලයි - Video

- වල්සපුගල මාරාන්තික උපවාසය අවසන් වුනු හැටි මෙන්න - රථ පෙළපාලියකින් ගොවියෝ නගරයත් අල්ලයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18 Views

උපවාසකරුවන්ට ලැබුණු ලිඛිත පොරොන්දුව...

යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වල්සපුගල ගොවීන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද පස්වරුවේ අවසන් කෙරුණා.


ඒ මාසයක් ඇතුළත අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන බවට වනජිවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලැබුණු ලිඛිත පොරොන්දුවත් සමගයි.

කෙසේ වෙතත්, අද පස්වරුව වනතුරු ඔවුන් ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය නිමවී තිබුණේ නැහැ.

මේ අතර, මාරාන්තික උපවාසයේ නිරත වල්සපුගල ගොවීන්ට සහය පළ කර පැවැති විරෝධතාවක් හේතුවෙන් කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය අම්බලන්තොට නගරයෙන් අද දහවල් අවහිර වුණා.

දෙවැනි වරටත් පසුගිය 07 වැනිදා ආරම්භ කෙරුණු මෙම මාරාන්තික උපවාසය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වූ අතර, ඊට සහය පළ කර ගොවි සංවිධාන නියෝජිතයින් අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණේ සූරියවැව නගරයේදීයි.

ඊට සුරියවැව වෙළෙඳ සංගමයද සිය වෙළෙඳසැල් වසා සහය පල කළා.

පොලිසිය අධිකරණ නියෝගයක් ඉදිරිපත් කිරීම නිසා ඔවුන් රථ පෙළපාලියකින් අම්බලන්තොට නගරයට පැමිණි අතර, ඒ හේතුවෙන් වලවේ ගඟ පාලම ආසන්නයෙන් කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය අවහිර වුණා.

එම ස්ථානයට සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ද වැඩම කර සිටියා

ගිලන් රථ හා වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා විරෝධතාව පැවති ස්ථානයෙන් ගමන් කිරීමට විරෝධතාකරුවන් අවස්ථාව ලබා දී තිබූ අතර බස් රථයක් ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.

කෙසේ වෙතත්, විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන්ද ඉවත් වීමට සිදුවුණේ අම්බලන්තොට පොලිසිය අධිකරණ නියෝගයක් ඉදිරිපත් කිරීම හේතුවෙන්.

අනතුරුව ඔවුන් හම්බන්තොට පරිපාලන සංකීර්ණ අසලට පැමිණ යලි සිය විරෝධය යළි දියත් කළා.

පසුව විරෝධතාකරුවන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එල් කරුණාරත්න හමු වූ අතර, එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අදහස් පළ කළා.

මේ අතර වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මතුවී ඇති තත්ත්නය පිළිබඳ කරුණු පැහැදිළි කරමින් ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

එහි සඳහන් වන්නේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු යෝජනාවක් ගැසට් පත්‍රයක් ලෙස මුද්‍රණය කිරීමට ගතවන කාලය නොඉවසා සිටීම ප්‍රහේළිකාවක් බවයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top