Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
09
“..හිස කෙසෙල් ගසක පාමුල තියලා, ගෙදර කට්ටිය නිදාගන්නකන් ඉඳලා..” - රටම භීතියෙන් ඇළලී ගිය, කුරුවිට තරුණියගේ හිස ගැන සැකය වෙනත් දිශාවකට, DNA පරීක්ෂණයක් කරන්නත් සුදානම්

- “..හිස කෙසෙල් ගසක පාමුල තියලා, ගෙදර කට්ටිය නිදාගන්නකන් ඉඳලා..” - රටම භීතියෙන් ඇළලී ගිය, කුරුවිට තරුණියගේ හිස ගැන සැකය වෙනත් දිශාවකට, DNA පරීක්ෂණයක් කරන්නත් සුදානම්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views

“ඒ මගේ තාත්තගේ ඇඳුම් නෙවෙයි, මම කවදාවත් දැකලා නෑ...”
SI මහ රාත්‍රීයේ අවදි වී සිදු කළ දේ...?

අනියම් පෙම්වතිය මරා ඇගේ හිස සුන් මළකඳ වේල්ල වීදියේ අතහැර ඇගේ හිස කොටස රැගෙන බඩල්කුඹුර සිය නිවෙසට ගිය උප පොලිස් පරීක්ෂක පෙම්වතා, බිරිය හා දරුවන් නින්දට ගිය පසු මහ රෑ අවදි වී තම පෙම්වතියගේ හිස කිසියම් තැනක වළ දමන්නට ඇතැයි සැක කරන බව මේ පිළිබඳ විමර්ශන සිදුකරන ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් පුවත්පතකට සඳහන් කර තිබෙනවා.


ඊට තවත් හේතුවක් වන්නේ මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ ඇඳුම් කිහිපයක් ඊට පසුදින අලුයම ගෙවත්තේ ගිනි තබා තිබීමයි.

ඒ ඇඳුම් අතර ඔහු කොළඹ සිට බඩල්කුඹුර සිය නිවෙසට යද්දී ඇඳගෙන ගිය රෝසපාට ටී ෂර්ට් එකේ කොටස්ද තිබී ඔහුගේ දියණිය විසින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව පොලිසිය සැක කරන්නේ මියගිය පොලිස් පරීක්ෂකවරයා ගෙදර අය නින්දට ගිය පසු අවදි වී කාටත් හොරෙන් සිය ඇඳුම් ගිනි තබා යළි කිසිවක් නොදන්නකු සේ නින්දට ගොස් තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරුආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිය හා දරුවන්ගෙන් ප්‍රශ්නකොට ප්‍රකාශ ලබාගෙන තිබුණා.

ඒ අනුව ඔහුගේ දියණියක් පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ තම පියා එදින රාත්‍රි 11.30 ට පමණ නිවෙසට පැමිණි බවත්, ඒ අවස්ථාවේ ඔහු සිය බෑගයද රැගෙන ගෙදර ආ බවයි.

පසුව තමාගෙන් තුවායක් ඉල්ලාගෙන නාන කාමරයට ගොස් පැමිණ රාත්‍රි ආහාරය ගැනීමට සූදානම් වූ බවයි.

ඒ අවස්ථාවේ තමා පිඟානක් ගැනීමට කුස්සියට ගිය බවත් ඒ අවස්ථාවේ ඇඳුම් කිහිපයක් සින්ක් එක අසල තිබූ බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

එහෙත් එම ඇඳුම් තම පියාගේ ඇඳුම් නොවන බවත් එම ඇඳුම් තම පියා කිසි දිනෙක අඳින ඇඳුම් නොවන බවයි.

පසුව සියල්ලම නින්දට ගිය බවත් පසුදින පාන්දර පහට පමණ තමා හා මව අවදි වූ බවත් ඒ මොහොතේ කුස්සියේ තිබූ ඇඳුම් කිසිවක් මෙන්ම පියා ගෙදරට ගෙන එන ලද බෑගයද නොතිබූ බවත් ඇය කීවාය. ඒත් ඒ වන විට පියා කාමරයේ නිදා සිටි බවත් ඇය පවසා තිබෙනවා.

මෙම ප්‍රකාශ නිසා පොලිසිය සැක කරන්නේ අදාළ උප පොලිස් පරීක්ෂකවරයා මහ රෑ අවදිව සිය ටී ෂර්ටය ඇතුළු තවත් ඇඳුම් ගිනි තබා ඇගේ හිස ගෙනා බෑගය පුලුස්සා ඇති බවයි.

ඒ අනුව පොලිසිය පවසන්නේ අදාළ උප පරීක්ෂකවරයා බඩල්කුඹුර සිය නිවෙසට එද්දී මධ්‍යම රාත්‍රියට ආසන්න වූ බැවින් ඔහු හීන් සැරේ වත්තට ගොස් පෙම්වතියගේ හිස කෙසෙල් ගසක පාමුල තබා ගෙදර ‍දොර විවර කරගෙන නිවෙසට ඇතුළු වී පසුව ගෙදර පිරිස නින්දට ගිය පසු මහ රෑ අවදිව පෙම්වතියගේ හිස හා ඇඳුම් විනාශ කරන්නට ඇති බවට සැක කරන බවයි.

කෙසෙල් ගස පාමුල ලේ බිඳු තිබීමට කිසිම හේතුවක් නැති බවත් එම රුධිරය නිශ්චිතවම මරා දැමූ පෙම්වතියගේ හිසෙන් වැගිරුණු ඒවා දැයි දැන ගැනීමට එම රුධිරය ඇගේ රුධිර සාම්පල සමඟ සැසඳීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කරන බවත් පොලිසිය පවසනවා.

කීර්ති මෙන්ඩිස්
සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පත
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top