ඊයේ දිනයේදීත් මෙරට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ එම සංඛ්‍යාව 94 ක් බවයි.
ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 82 කු සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 31 දෙනෙකුද ඊයේ හඳුනාගැනුනා.
ඊයේ දිනය ආසාදිතයන් 350 දෙනෙකු හඳුනාගැනුනු අතර, ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 84,959 දක්වා ඉහළ ගියා.
ඊයේ තවත් කොරෝනා මරණ 4 ක් වාර්තාවූ අතර, මෙරටින් වාර්තාවන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව පවතින්නේ 493 ක් ලෙසටයි.
මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අද දිනයේදීත් කොරෝනා මෘතදේහ 9 ක් භූමදාන කිරීමට නියමිතයි.
මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නාගලිංගම් මයුරන් කියා සිටියේ මඩකලපුව - ඕට්ටමාවඩි - සූඩුපත්තිනසේනයි ප්‍රදේශයේදී එම මෘත දේහ භූමදාන කිරීමට නියමිත බවයි.
එම ස්ථානයේ ඊයේ දිනයේදීද කොරෝනා මෘත දේහ 9 ක් භූමදාන කෙරුණා. මඩකලපුව - ඕට්ටමාවඩි ප්‍රදේශයට අමතරව, අම්පාර - ඉරක්කාමන් ප්‍රදේශයද කොරෝනා මරණ භූමදාන කිරීම සඳහා තෝරා ගෙන තිබෙනවා.