Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
06
“සිහිය නැතුව වැටුන දරුවට අම්මාත් ආවේශයෙන් ගහලා...” - යකෙක් එළවන්න ගිහින්, පැය පහක් තිස්සේ, වේවැල් හතක් කැඩෙන්නට පහර දී දැරියක් පරලොව යැවූ යක්දෙස්සීගේ පැටිකිරිය මෙන්න

- “සිහිය නැතුව වැටුන දරුවට අම්මාත් ආවේශයෙන් ගහලා...” - යකෙක් එළවන්න ගිහින්, පැය පහක් තිස්සේ, වේවැල් හතක් කැඩෙන්නට පහර දී දැරියක් පරලොව යැවූ යක්දෙස්සීගේ පැටිකිරිය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

“ආච්චිව ආරූඪ වෙලා ආවේශයෙන් කෑ ගහන්න ගත්තා...”

සොර කට්ටඬියකු විසින් බාල වයස්කාර දැරිවියක් කූට ලෙස රවටා ගැබිනියක් කළ කතා පුවත වාර්තා වූයේ ඉකුත් පෙබරවාරි මාසයේ අට වැනිදා කන්තලේ සූරියපුර පොලිස් වසමෙනි.

එසේ කට්ටඬියන්ගේ මිථ්‍යාවන්ට හසුව මෙරට මිනිස් ජීවිත අහිමි වූවන් කොතෙක්ද යන්න නිශ්චිත ලෙස කිව නොහැකි තරම්ය.


රටේ සතර දිග්භාගයෙන්ම කලින් කලට භූත ආත්ම, ප්‍රේත ආත්ම, මළගිය ප්‍රාණකාරයන් වැසි ඇති යැයි සඳහන් කරමින් මිනිසුන් රටවමින් නොයෙක් තඩාන පීඩන සිදු කිරීමෙන් වූ ජීවිත හානි වර්තමානයේද අසන්නට ලැබේ.

මෑත කාලයේ එසේ විශ්ව ශක්ති බලයෙන් රෝගීන් සුවපත් කරන බව සඳහන් කරමින් දීගොඩ කුමාර නමැත්තා සංවිධානය කළ වැඩසටහනකට එක්ව දෙදෙනෙක් මියගියේ හොරොව්පොතාන ප්‍රදේශයේදියි.

මෙලෙස රෝගීන්ට සුවය ලබා දෙන බවට සඳහන් කරමින් ශාන්තිකර්ම මධ්‍යස්ථානයක් පවත්වාගෙන කාන්තාවකගෙන් ශාන්තිකර්මයක් කරගැනීමට මව විසින් රැගෙන ගිය නව හැවිරිදි දැරිවියක පසුගිය 27 වැනිදා මරණයට පත්වූයේ ඉතාම ශෝචනීය ලෙසිනි. එම ඛේදවාචකය වාර්තා වූයේ මීගහවත්ත පොලිස් වසමේ කඳුබොඩ ප්‍රදේශයේ 'නිදා පදනම' නිවාස සංකීර්ණයෙනි.

යක්ෂාරූඪයෙන් ප්‍රතිකාර කරන බවට ප්‍රචලිතව සිටි එම කාන්තාව 40 හැවිරිදි මොහොමඩ් ෆාරුක් ලයිලා නමැත්තියයි. ඇය කලෙක සිටම නිවෙසේම ශාන්තිකර්ම මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබුණාය.

ඇගේ නිවෙසට ආසන්න නිවෙසක වෙසෙන 38 හැවිරිදි ෆාතිමා රිස්කා ගාල්ල ප්‍රදේශයේ ජීවත්ව සැමියා හැර යාම හේතුවෙන් කඳුබොඩ ප්‍රදේශයට පැමිණ තිබුණේ මීට වසරකට පමණ පෙරදියි. ඒ දරුවන් තිදෙනාද සමඟිනි.

එලෙස වෙසෙද්දී ෆාතිමා රිස්කාගේ දෙවැනි දියණිය වූ නව හැවිරිදි මොහොමඩ් ෆාතිමා රිස්කාන් දැරිය කලෙකට පෙරදී මියගිය මිත්තණිය ආරූඪ වීමෙන් මිත්තණිය සේ හඬමින් කෑමොර දෙන බවට දැරියගේ මවට හැඟී ගොස් තිබුණාය.

අනතුරුව දැරියගේ මව රිස්කා, සිය දියණියගේ අසනීපයට ප්‍රතිකාර සඳහා ගොස් තිබුණේ අසල්වැසි නිවෙසක පවත්වාගෙන ගිය ශාන්තිකර්ම මධ්‍යස්ථානයටයි.

ඒ, මීට දින කීපයකට පෙරදියි. කෙසේ හෝ දැරිවිය අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමට පෙර ඇය සිය දියණිය එම දේවාලයට කිහිප අවස්ථාවකදීම රැගෙන ගොස් ඇති බවකි.

පසුගිය 27 වැනිදාද සවස් යාමයේ ශාන්තිකර්මය සඳහා දැරිය රැගෙන ෆාතිමා එහි ගොස් තිබුණාය. එදින දැරියගේ අමනුෂ්‍ය දෝෂය පළවා හැරීමට ඇගේ මුළු සිරුරේම තෙල් ගල්වා යක්ෂාරූඪ වී ඇති කාන්තාව දැරියට වේවැල් හතක් කැඩෙන්නට පැය පහකට අධික කාලයක් පුරා පහර දී ඇත.

එහිදී සිහිසුන්ව ඇද වැටුණු දැරියට පසුව ඇගේ මව විසින්ද වේවැල් පහරදී ඇත්තේ අමනුෂ්‍ය දෝෂය පළවා හැරීමේ මිථ්‍යාවට හසුවෙමිනි.

පසුව සිහිසුන් වූ දැරිය රැගෙන ඇගේ මවගොස් තිබුණේ බියගම රෝහල වෙතටයි. ඒ වන විට රාත්‍රිය උදාවී තිබිණි. රෝහලට රැගෙන ගිය දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරු පවසා තිබුණේ ඒ වන විටත් දැරිය මියගොස් ඇති බවයි.

අනතුරුව මේ පිළිබඳව මීගහවත්ත පොලිසියට වාර්තා වීමත් සමඟ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත්ගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. ඒ. විමලරත්න ප්‍රමුඛ කණ්ඩායමක් විමර්ශන ආරම්භ කළහ.

බියගම රෝහලෙන් දැරියගේ මෘත දේහය රාගම රෝහලට ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණයක්ද සිදු කෙරිණි. මීගහවත්ත පොලිසිය විසින් දැරියගේ මරණයට සැකපිට ශාන්තිකර්ම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය ෆාරුක් ලයිලා සහ දැරියගේ මව ෆාතිමා රිස්කා අත්අඩංගුවටගෙන මහර මහේස්ත්‍රාත් අරුණි ආටිගල වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

දැරියගේ දේහය බාරගත් ඇගේ පියා විසින් ඇයගේ ආදාහන කටයුතු පසුගිය 01 වැනිදා ගාල්ල, කටුගොඩ, පුංචිවත්ත මුස්ලිම් පල්ලියට රැගෙන යාමෙන් පසු අවසන් කටයුතු සිදු කළේය.

සංස්කෘතික, සමාජීය, ආගමික වත්පිළිවෙත්වලට මුවාවෙන් මෙ‍ලෙස මනුෂ්‍ය ජීවිත සමඟ සෙල්ලම් කරන කොතෙකුත් කූට අපරාධකාරයන් වත්මන් සමාජයේ සිටී ද? නොයෙක් මිථ්‍යා දෘෂ්ටික බලවේග සමඟ ගනුදෙනු කරන මෙවැනි ඇදහිලි මධ්‍යස්ථාන එසේත් නැතිනම් විශ්වාස මත පදනම් වූ ස්ථාන පිළිබඳව වගකිවයුතු පාර්ශ්වයන් මනා අධ්‍යයනයක් කරමින් යාන්ත්‍රණයක් වහා සකස් කළ යුතු බව අපට වදාළේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝය.

"ලංකාවේ ජාතික උරුම අමාත්‍යාංශයෙන් හෝ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් හෝ බෞද්ධ කටයුතු නැතිනම් ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් හෝ එකී නම් වෙනස් වෙමින් මෙතෙක් කල් පැවතගෙන ආ කිසිදු නෛතික බලසම්පන්න රාජ්‍ය ආයතනයක් මඟින් මේ රටේ තිබෙන ඇදහිලි ස්ථාන විශ්වාස මත පදනම්ව කටයුතු කරන කිසිදු ස්ථානයක් නියාමනය කරලා නැහැ. එම නිසා නෛතික බලසම්පන්න රාජ්‍ය ආයතනයක් මඟින් වහා මෙවැනි ස්ථාන අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතුයි. එමඟින් ප්‍රතිකාර කිරීම, දඬුවම් කිරීම හා කායික මානසික බලපෑම් කිරීම සපුරා තහනම් කිරීමට නීති ප්‍රතිපාදන සකස් කළ යුතුයි. ඒ වගේම නියාමන යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි.

මේ වන විට මේ රටේ දේශීය හෝ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම අසාධාරණ ලෙස තහනමකට හෝ යාන්ත්‍රණයකට හෝ නියාමනයකට ලක්කර තිබේනම් ඒ තරම් හෝ අවධානයක් මේ වගේ පහත් වැඩ සිදුවන ස්ථානවලට රජයක් ලෙස මැදිහත් නොවන්නෙ ඇයිද කියන ප්‍රහේලිකාව අපට තියෙනවා. එම නිසා හැකි ඉක්මනින් බලධාරින් විසින් මෙවැනි ස්ථානවලට යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. නැති වුණොත් තව තවත් අහිංසක ජීවිත කීයක්නම් අකාලයේ නැතිවෙයිද කියා කියන්න බැහැ."

මෙලෙස මානසික ව්‍යාධින්ට ලක්ව මිථ්‍යාව පසුපස දිව යන්නන්ගේ මානසික අසහනයට කළ යුත්තෙ කුමක්ද යන්න අප විමසීමක් කළේ ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් නි.

"මෙහෙමයි, ජාති ආගම් බේදයකින් තොරව අපේ සමාජයේ, සංස්කෘතියේ තිබෙන විශ්වාස නිසයි මෙවැනි දේ සිදුවන්නෙ. කෙනෙකුගේ කතාබහ, හැසිරීම් රටා වෙනස් වුවහොත් ඇතැම් දෙනා සිතන්නෙ එය අදෘශ්‍යමාන බලවේග නැතිනම් කිසිම පුද්ගලයකු ඇඟට ඇතුළුවීම නිසා වන දෙයක් බවටයි. මේ දරුවාගේ සිදුවීමේදී මුස්ලිම් සමාජයේ තිබෙන 'ජින්' කියන භූත ආත්ම මත පදනම්ව ඇතිවූ සිද්ධියක් මේ. සාමාන්‍යයෙන් මෙහෙම කෙනෙකු ඇඟට ඇතුළුවෙලා හෝ වෙනස් විදිහට කතාබස් සිදුවන්නෙ කෙනෙකු ඇඟට ඇතුළුවීම නිසා නොවේ.

යම් යම් ගේදොර, අධ්‍යාපනික වැනි මානසික පීඩනයන්ට හසු වූවාම. ඒ හරහා සිදුවන යටි හිතේ පීඩනය නිසායි එලෙස හැසිරීම් වෙනස් වන්නෙ. එය මනෝ වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නෙ මානසික විඝටන ආබාධය නමින්. ඉන් සිදුවන්නෙ ස්වල්ප වේලාවකට සිහි කල්පනාව වෙනස් වීමයි. මෙවැනි තත්ත්වයක් කිසියම් කෙනෙකුට තිබේනම් කළ යුත්තෙ හැකි ඉක්මනින් මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමයි. එසේ නොමැතිව මෙවැනි තත්ත්වයකදී ශාන්තිකර්ම, තොවිල් ආදියට යොමු වීම කිසිසේත්ම නොකළ යුතුයි."

අතීතයේ විශේෂයෙන්ම මුස්ලිම් සමාජය තුළ 'ජින්' එළවනවා යැයි හඳුන්වන යම් කෙනෙකුගේ ඇඟට ඇතුළුවූ අමනුෂ්‍ය බලවේග ඉවත් කිරීමේ වත්පිළිවෙත් පැවැති බවයි. එහෙත් 21 වැනි ශතවර්ෂයේ සිටින සමාජයක් මෙවැනි ගුප්ත විශ්වාසවලට නැඹුරු වීම ඉතාම කනගාටුදායක තත්ත්වයක් බව මුස්ලිම් සමාජ, සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එම්. එන්. අමීන්ගේ අදහසයි.

"ඇත්තටම තවමත් මේ ගුප්ත විශ්වාසවලට අපේ සමාජය නැඹුරු වී සිටීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මේ 21 වැනි ශතවර්ෂය. අධ්‍යාපනයෙන් හිණිපෙත්තටම ගොස් සිටින සමාජයක් දැන් සිටින්නෙ. මෙහෙමයි, මේ වගේ ලෙඩ දුක්වලට කට්ටඬියන් සොයා යන කාලයක් අපේ සමාජයේ අතීතයේ තිබුණා. අපි ඒ දේවල් කුඩා කාලයේ ගම්වල සිදු වෙනවා දැක්කා. ඒ දේ හැඳින්වූවේ ජින් එළවනවා කියා. එහෙත් මේ තරම් දියුණු යුගයකත් මෙවැනි දේ සිදුවීමයි ලොකුම කනගාටුව. මෙවැනි දේවලට හසු නොවීමට මාධ්‍යයෙන් දැනුවත් කිරීම කළ යුතුයි. විශේෂයෙන් දෙමළ මාධ්‍යයෙන් ප්‍රජාව දැනුවත් කිරීමට අවධානය යොමු කළ යුතුයි. එම නිසා ගුප්ත විශ්වාසවල එල්බ සිටින ජනයා දැනුවත් කිරීම සැමගේම යුතුකමක්."

අමිල මලවිසූරිය
ඡායාරූප - රාගම සමූහ, එස්. එච්. අයි කුසුම්ලතා
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "සිළුමිණ" පුවත්පතේ "රසඳුන" අතිරේකයෙන්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top