ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීම සදහා එක්සත් ජාතික ප්‍රමුඛ තවත් පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවා ගන්නා ලද යහපාලනය සදහා වූ එක්සත් ජාතික පෙරමුණට අදාළ අවබෝධතා ගිවිසුමට ඊයේ (12) අත්සන් තැබුවා.
එක්සත් ජාතික පක්ෂය සමඟ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේ ජාතික හෙළ උරුමය, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක්, ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතශීලි සන්ධානය සහ තවත් සංවිධාන කිහිපයක නියෝජිතයන්.
මෙම ගිවිසුම මගින් යහ පාලනය සදහා වූ එක්සත් ජාතික පෙරමුණ යටතේ තරග වැදීමට අපේක්ෂා කරන සියලු දේශපාලන පක්ෂ ප්‍රධාන කරුණු 12 ක් යටතේ එකගතාවට පැමිණ තිබෙනවා.
එම එකඟතාවන් අතර නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම, සියලු ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කොට ක්‍රියාත්මක කිරීම, මහ මැතිවරණයෙන් පසු යහ පාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම යන කරුණු ප්‍රධානයි.