Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
06
“ටික දවසක ඉඳන් මම අසනීපෙන් - මානෙලුත්, මගේ ලොකු පුතා ජනිතුත් මාව හරියට පරෙස්සම් කරනවා...” - ආලින්දය සිනා සාගරයේ ගිල්වූ, රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ කලකට පසු කතා කරයි - Photos

- “ටික දවසක ඉඳන් මම අසනීපෙන් - මානෙලුත්, මගේ ලොකු පුතා ජනිතුත් මාව හරියට පරෙස්සම් කරනවා...” - ආලින්දය සිනා සාගරයේ ගිල්වූ, රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ කලකට පසු කතා කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

“වේදිකාවට එනකොට ඕඩියන්ස් එක දුන්නේ හිතට වදින ඇංකෝර් එකක්.”

වේදිකාවත්, පුංචි තිරයත් උඩුයටිකුරු කළ රංගනවේදියකු වූ ‘ආනන්ද වික්‍රමගේ’ මඳ අසනීප ගතියකින් පසුවෙතැයි යන ආරංචිය මත ඔහු ගැන තොරතුරු සොයා යන්නට අපට වූ ඕනෑකම ඉමහත් විය.

ඒ ඉමහත් ඕනෑකම අමතක කර දමන්නට සිත් නොවූ කරුණු කාරණා අතර, ‘නෙයිනගේ සූදුවෙහි,’ ‘ජෝන් කොතලාවල’ චරිතයද, ‘වැනීසියේ වෙළෙන්දා’හී ‘බැසානියෝ’ද, ‘මවකගේ ගීතයෙහි,’ ‘කළුකඩ මුදලාලි’ද ප්‍රමුඛව සිටියහ.

ඉතින්.., අප ඔහු සොයා ගිය සුහද හෝරාවක කදිම පෙළගැස්මයි මේ…


කොහොමද මේ දවස්වල ජීවිතේ… සුවදුක් සොයා බලන්නයි ආවේ…?
වරදක් නම් නැහැ. නිස්කලංක ජීවිතයකට හුරුව සිටිනවා. ටික දවසක ඉඳන් මම අසනීපෙන් ඉන්න බව තමයි කියන්නට අලුත් ආරංචියකට තියෙන්නේ. කොරෝනා උවදුර නිසා මානෙලුත්, මගේ ලොකු පුතා ජනිතත් මාව හරියට පරෙස්සම් කරනවා. රංගන කටයුතුවලටවත් මෑතකදි සහභාගි වුණේ නැහැ. අවසානයට 2020 මුල්කාලේ ටෙලිනාට්‍යයක රඟපෑවා. ඒකේ නම නම් හරියටම නිච්චි නැහැ.

මොහොතකට මතකයට නඟමු… ඔබ කළ රංගන හරඹයේ පෙළගැස්ම
මොහොතකට නෙවෙයි, හැමදාමත්, හැම වේලාවෙම හිතේ හොල්මන් කරන්නේ ඒ අපූරු හරඹයන් තමයි. ඒ හරඹයෙහි පළමුව ඔබ අසල හිටගන්නේ ‘නෙයිනගේ සූදුව’යි?
මොනවා කියනවද? ඒ තේජවන්ත චරිතය මම කරන කොට ප්‍රේක්‍ෂකයෝ බලා හිටියේ තිගැස්සිලා වාගේ.., රස්තියාදුකාර මැරයෙක් විදියට ‘කොතලාවල මහත්තයා’ගේ චරිතය තම්බියෙක් විදියට වේදිකාවට එනකොට ඕඩියන්ස් එක දුන්නේ හිතට වදින ඇංකෝර් එකක්.

‘වැනීසියෝ වෙළෙන්දා’ නාට්‍යයට ඔබ ආවේ ඩග්ලස් රණසිංහගේ පුරප්පාඩුවට?
ඔව්… මාව එතැනට දමන්නැයි යෝජනාව ටෝනි රණසිංහට සහ බන්ධුල විතානගේට කළේ ‘පෝෂියාට’ රඟපෑ මානෙල් වානගුරුයි. ඒ දවස්වල ටෝනි සහ බන්ධුල ‘ෂේක්ෂ්පියර්’ නාට්‍ය කණ්ඩායම කියලා හරිම සංවිධානාත්මක ගෲප් එකක් හදාගෙන තිබුණා. මානෙල්ගේ යෝජනාවත් සමඟ මමද එහි ක්‍රියාකාරී සාමාජිකයකු වූවා.

ලස්සන පෝෂියා, ඔබේ බිරිය ලෙස වේදිකාවෙන් කුලගෙදරටත් ආවේ ඒ හැඳුනුම්කම නිසයි?
ඔව්… මිතුරුකමක් වූ අපේ බැඳීම පෙම් පලහිලව්වක් වී විවාහයෙන් කෙළවර වීමේ ආරම්භය දුන්නේ වැනීසියේ වෙළෙන්දා තමයි.

ටෙලි තිරයට ඔබේ පැමිණීම සිදුවූ ආකාරය?
එය සිදුවූයේ ‘තාරා දේවි’ ටෙලිනාට්‍යට ලූෂන් බුලත්සිංහල කළ ආරාධනය මතයි. ටෙලිනාට්‍යවල ආරම්භය ඇති වන කොට ඒ සඳහා ඉදිරිපත් වූ නිර්මාණකරුවන් රංගනය සඳහා නළු නිළියන් තෝරා ගත්තේ වේදිකාවෙන්… මමද ඒ අතර එක් අයකු වුණා.

වේදිකාවේ වටිනා තැන් ටෙලි කලාව නිසා ඔබට මඟහැරුණේ නැතිද?
‘තාරාදේවි’ වෙනුවෙන් ලූෂන් සමඟ ගිවිසුම් ගහනකොටත් මම වේදිකාව තුළ වටිනා මතකයන් තබා හමාරයි. රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ පවා මම ඒ වනවිටත් සම්මානයට පාත්‍රව සිටියා. ‘තාරා දේවිය’ගෙන් පසු මට ටෙලිනාට්‍ය දිගින් දිගටම ලැබුණා. මම වේදිකාව අතහැරියේ නැහැ. කාලය මඳකම නිසා ඇතැම් නිර්මාණකරුවන් මා වෙනුවට විකල්ප සොයා ගත්තා. හැබැයි මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. මොකද ටෙලි තිරය තුළ මා රඟපෑ චරිතයන් හැමදාමත් ප්‍රේක්‍ෂකයන් අතර කතාබහට ලක්වුණා. මඟතොටදී ඔවුන් මට ඒ වෙනුවෙන් දුන් අගය මිලකරන්න බැහැ.

සතුටුයි ඔබ ගැන.., හැමදාමත් කළේ කතාබහට ලක්වන චරිත?
සත්තකින්ම.., රඟපාන්න බැරි වුණු කාලෙක අපට තියෙන එකම සතුට ඒ මතකය තමයි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු 
මව්රට පුවත්පතේ "හාර්ට්ස්" අතිරේකයෙන්..

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top