මේ අතර, පාස්කු ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු 6000ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ මස 31 වෙනිදා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කළා.
ඒ අගරදගුරු හිමියන් විසින් ගොනුකර තිබූ පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී..
පාස්කු ප්‍රහාරය එල්ල වූ සමයේදී කඩු 6000ක් මෙරටට ආනයනය කර ඇති බවත්, ඉන් කඩු 600ක් මොහමඩ් සත්තාර් නැමැත්තෙකු විසින් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ප්‍රහාරය එල්ල කළ මොහමඩ් ඉන්සාෆ් නැමැත්තාගේ අවශ්‍යතාව මත ගෙන්වා ඇති බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් පවසා තිබුණා.
ඉතිරි කඩු 5400 රට තුල නිදැල්ලේ තිබීම ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් වන බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසයි කාදිනල් හිමියන් ඉල්ලා සිටියේ.
එම පෙත්සම අභියාචනාධිකරණය විසින් ඊයේ කැඳවූ අවස්ථාවේදි නීතිපතිවරයා වෙත නියෝග කර ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන මේ මස 31 වෙනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසටයි.
මේ අතර, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිව යුත්තන් හෙළි නොකරමින් ආණ්ඩුවේ වගකීම් පැහැරහැරීමට එරෙහිව කාදිනල් හිමියන් ක්‍රියාවට නංවන කළු ඉරිදා විරෝධයට තම පක්ෂයේ සහාය ලබා දෙන බවයි.
බලය ලබා ගැනීමට පමණක් පාරුවක් කර නොගෙන පාස්කු ප්‍රහාරයට වගකිව යුතු මහමොලකරුවන් හෙලිදරව් කිරීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවද එම නිවේදනයේ සඳහන්.
මේ අතර, ජනාධිපතිවරයා වෙත භාරදුන් පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රාමඤ්ඤ මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන්ට සහ අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහා නායක අතිපුජ්‍ය ගංතුනේ අස්සජි නාහිමියන්ට ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතා විසින් පිලිගැන්වූවා.
මේ අතර, පාස්කු ප්‍රහාරයේ ඉදිරි පරීක්ෂණ සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙලෙස අදහස් පළ කළා.
මේ අතර, පාස්කු කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදත් අදහස් පළ කළා.
VIDEO