යාපනය මනියතෝට්ටම් ප්‍රදේශයේදී මවක් සිය දරුවාට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්දධයෙන් යාපනය පොලිසිය විසින් පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (03දා) අත්අඩංගුවට ගෙන තිබේ.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරදීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ මස්සිනා කෙනකු හා කාන්තාව දරුවාට පහර දෙන අවස්ථාවේදී එය වීඩියෝ කළ පුද්ගලයාය.
ඔවුන් දෙදෙනා දරුවාට පහර දෙන ආකාරය වීඩියෝ කොට ඇත්තේ විදේශ රටක සිටින කාන්තාවගේ ස්වාමියාට ඒවා යවා මුදල් ලබාගැනීමේ පරමාර්ථයෙන් බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
දැනට පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අදාළ පුද්ගලයන් දෙදෙනා එම වීඩියෝ දර්ශන විදේශ රටක සිටින කාන්තාවගේ ස්වාමියාට යවා ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් පොලිසිය ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන් දෙදෙනාද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබේ.
මව්බිම