යාපනයේ නාවක්කුලි ප්‍රදේශයේ නිවෙසකින් පැහැරගෙන ගිය බාලවයස්කාර තරුණියන් දෙදෙනකු චාවාකච්චේරි පොලිසිය විසින් 24දා නිදහස් කරගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ තරුණයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු විසින් මෙම බාලවයස්කාර තරුණියන් දෙදෙනා බලහත්කාරකමින් පැහැර ගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් නාවක්කුලි පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය වහාම ක්‍රියාත්මක වී ඔවුන් දෙදෙනා නිදහස් කරගෙන ඇත.
පොලිසිය එම තරුණියන් දෙදෙනා සොයා ගන්නා විට තරුණයන් දෙදෙනා එම තරුණියන් දෙදෙනාව නිවෙසක රඳවා ගෙන සිට ඇති අතර පොලිසිය බාලවයස්කාර තරුණියන් දෙදෙනාව වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
පොලිසිය විසින් බේරා ගන්නා ලද එම බාල වයස්කාර තරුණියන් දෙදෙනා වයස අවුරුදු 14 හා 15 යන වයස්වලට අයත් දෙදෙනකු බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනයේ නාවක්කුලි හා චාවාකච්චේරි පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යන අතර තරුණයන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව කියයි.
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ
මව්බිම