මම හිරු ස්ටාර් තරඟයේ ගායනා කරපු මුල් දිනයෙ ඉඳලම අවසාන මහා රාත්‍රිය දක්වාම හිරු කිරුල දිනාගන්න "ගායකයා" කියන අකුරු හතර මගේ නමට එකතු කරගන්න , මගේ හීනය සැබැකරගන්න මට හයියක් උනු , මට වෝට් කරපු , වචනෙකින් හරි හයියක් උන ලංකාවාසී ලොකවාසි සුවහසක් ආදරනීය ඔබ සැමට මාගේ හදපිරි ප්‍රනාමය පුද කරමි .
එවගෙම (ABC) ආසීයානූ මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුමන්ට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා අපි වගේ සංගීතයෙන් වැඩක් කරගන්න බැරුව හැංගිලා ඉන්න අයට තැනක් හදාගන්න හිරු ස්ටාර් මෙවැනි සංකල්පයක් බිහි කළාට...
ඔබ තුමන්ට ගොඩාක් පිං එවගේම ගරු වින්සන් සිල්වා මැතිතුමන් , විරාජ් වැලිවත්ත සර් , රවි සර් , බිහාර් සර් ඇතුලු හිරු ස්ටාර් , හිරු ටීවී කාර්යමන්ඩලයටම ගොඩාක් ස්තුති. මට පියෙක් වගේ හැමදාම මට හයියක් උන මගේ ගුරුවරයා අමල් සර් ගොඩාක් ස්තුති මට හැමදාම ශක්තියක් උනාට. එවගෙම නිරෝශා මිස් , ශිහාන් සර් , සාරංග අය්යා ගොඩාක් ස්තුති හැමදාම උපදෙස් ලබාදීලා මේ තැනට එන්න උදව් කලාට. ඒවගෙම මට මේ තැනට එන්න ලොකු ශක්තියක් උන මට හැමදාම හයියක් උන ලංකාවේ අංක එකේ දක්ෂ සංගීත අද්යක්ශකවරයෙක් වන නාලක සජී ජයසිංහ සර් ඇතුලු සංගීත කන්ඩායමට ගොඩාක් ස්තුතී . සර්ලා සංගීතය සපයද්දි සිංදු කියන්න නෙමෙයි සිංදු කියවෙනවා ඒතරමට මාර ගැම්මක් තියෙන්නේ සර්ලාගේ සංගීතයට සිංදු කියද්දි . එවගේම ලංකාවේ අංක එකේ ශබ්ද පාරිපාලකයෙක් වන පුෂ්ප කුමාර බටංගල මහත්මා ඇතුලු (FOH) කාර්යමන්ඩලයටම ගොඩාක් ස්තුති. හැමදාම මගේ ඇඳුම ලස්සනටම හදලා දීපූ මහී අක්කා , ඉවන් අයියා ඔයාලා දෙන්නටත් ගොඩාක් ස්තුති. හිරු ස්ටාර් සීසන් 2 තරඟයේ මාත් එක්ක හිටපු සියලුම සහෝදර සහෝදරියන් ගොඩාක් ආදරෙන් මතක් කරනවා වගේම ඔයාලා හැමෝටම සුබ පතනවා සංගීතයෙන් ඉහලටම යන්න ලැබේවා කියලා. ඒවගේම මගේ ගමේ වගේම මුලු රටේම සමහර මම දැකලවත් නැති අය මං වෙනුවෙන් ලංකාවේ ගොඩාක් ප්රදේශ වල කටවුට් ගහලා ස්ටිකර් ගහලා කාඩ් බෙදලා , මං වෙනුවෙන් තමන්ගේ වැඩත් පාඩු කරගෙන දිවා රෑ නොබලා සමාජ මද්යජාල හරහා මට වෝට් හොයන්න මහන්සි උනු , පොස්ට් හදපු ශෙයාර් කරපු කමෙන්ට් කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුති . ඔබයි මගේ වත්කම... ඔබමයි මගේ ශක්තිය... ආදරෙයි ඔයාලා හැමෝටම... ඉතින් වෙනදා වගේම ඉස්සරහටත් මත් එක්කම ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්. ලඟදිම මගේම නිර්මාණ කිහිපයකින් හමුවෙමු. තෙරුවන් සරණයි !!! -
උදාර කෞශල්යය -