ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය වශයෙන් ඉකුත් දා පත් වූ බිම්ශානි ජාසිංආරච්චි එකී උසස්වීමට අභියෝග කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙනෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරී දේවානී ජයතිලක අදහස් පළ කර තිබෙනවා.
ඇය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ, "ඒක හරි ම ආසාධාරණයක්," බවයි
ඇය ඒ සම්බන්ධයෙන් තැබූ සටහන පහතින්
"ඒක හරි ම අසාධාරණයක්. ආයතන සංග්‍රහයේ කිසි ම තැනක කාන්තාවන් කියලා නිලධාරීන් වෙන් කරලා නෑ . නමුත් කාන්තාවන් කියලා වෙනස් කරලා සැලකීම හැමවිට ම දකින්න තියනවා. අදාළ රාජකාරි කළ හැකි නම් කාන්තා නිලධාරීයෙකු වීම කෙසේවත් උසස්වීම් ලබා නොදීමට හේතුවක් නොවිය යුතුයි."