Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
16
"ජීවිතය නොහිතන වෙලාවල්වල කඩාගෙන වැටෙනවා, මගේ මහත්තයා මියගිය වෙලාවේ මම කඩාවැටුණානම් අද මගේ දරුවන්ට මොකද වෙන්නේ.." - අවුරුදු අනූහතරේදීත් විභාගයක් ලියූ මිත්තණිය

- "ජීවිතය නොහිතන වෙලාවල්වල කඩාගෙන වැටෙනවා, මගේ මහත්තයා මියගිය වෙලාවේ මම කඩාවැටුණානම් අද මගේ දරුවන්ට මොකද වෙන්නේ.." - අවුරුදු අනූහතරේදීත් විභාගයක් ලියූ මිත්තණියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

සැ‌ඳෑ සමය ධෛර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව ගත කරන 94 හැවිරිදි සිව්දරු මවක් ඉකුත් දිනවල මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාලයේදී ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා පරීක්ෂණ විභාගයකට පෙනීසිටියාය.  
 


කොළඹ මරදානේ පිහිටි ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව විසින් මෙම විභාගය 85 වරට පවත්වනු ලැබීය.  
ඇය විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්නයි. 1928 පෙබරවාරි 15 දින උපත ලද ඇය දැනට නාවලපිටිය පත්තුනුපිටිය ප්‍රදේශයේ තුන්වැනි දියණියගේ නිවසේ පදිංචිව සිටියි. 
 
 ඉංග්‍රීසි ගුරුවරියක වශයෙන් සහ පසුව නොතාරිස්වරියක් වශයෙන් සේවය කර විශ්‍රාම සුවයෙන් පසුවන එම මාතාවගේ වැඩිමහල් දියණිය බස්නාහිර පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරිය වශයෙනුත්, දෙවන දියණිය ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක් වශයෙනුත්, තුන්වැනි සහ සිව්වන දියණියන් උපාධිය ලබා දැනට රජයේ රැකියාවල නිරතව සිටින බවත් පවසන්නීය.   
 
94 වැනි වයසේ පසුවන එම දිරිය මාතාවගේ එකම අපේක්ෂාව ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා විභාගයෙන් සමත් වී ඒ පිළිබඳව පශ්චාත් උපාධිය ලබා ගැනීමය.   
කුඩා පුස්තකාලයකින් සමත්විත එම මතාවගේ කාමරය බුදු මැදුරකින්ද සමන්විත වන අතර එම මාතාව ත්‍රිපිටක ධර්මය සහ පාලි භාෂාව පිළිබඳව හැදෑරීමට සහ පොත පත පරිශීලනය කිරීමට දැඩි උනන්දුවකින් කටයුතු කරන මාතාවක් බව නාවලපිටිය පත්තුනුපිටිය ප්‍රදේශයේ ඇය පදිංචිව සිටින බාල දියණියගේ නි​ෙවසට ගිය අපට දක්නට ලැබුණි.   
 
විවාහ වී හත් වසකට පසු සැමියා මරණයට පත් වුවත් දිරියෙන් ජීවිතයට මුහුණ දී තම දියණියන් සිව් දෙනාම උපාධිධාරීන් වෙන තෙක් අධ්‍යාපනය ලබා දෙන්නට ඇය සමත් වි ඇත.   
ලිලාවතී මාතාවගේ වැඩිමහල් දියණිය ධම්මිකා ජයලත්ය. ඇය වත්මන් බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරියයි. දෙවනි දියණිය සමුද්‍රා ජයලත්ය. වෘත්තියෙන් ඉංජිනේරුවරියක් වන ඇය ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක් ලෙස සේවය කරයි. ඉන්දු නීලා ජයලත් පවුලේ තෙවැන්නිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය සමත්ව ඇය සේවය කරන්නේ නාවලපිටිය ශාන්ත ඇන්ඩෘ විදුහලේ ගුරුවරියක ලෙසිනි. සිව්වැනි දියණිය මනෝහාරි ජයලත් නීතිඥවරියක මෙන්ම වැඩ බලන මහේස්ත්‍රාත්වරියක් වශයෙන් කටයුතු කරනු ලබයි.   
 
මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාල විභාග ශාලාවට ඇය පැමිණියේ තුන්වැනි දියණිය හා ඇයගේ පුතනුවන් සමඟය. එදින විභාගය පැවැත්වුණේ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ තුන්වැනි මහලේ වන අතර, ලීලාවතී මහත්මියට තුන්වැනි මහලට ගමන් කිරීමට අපහසු නිසා විභාග ශාලාව බාරව සිටි ලසිත් මාවිල්මඩ මහතා එම මතාවට පහත මාලයේ විභාගය ලිවීමට සුදුසු ස්ථානයක් සූදානම් කර ලබා දීමට කාරුණික වී ඇත.   
ත්‍රිපිටක ධර්මය සහ පාලි භාෂාව විභාගය අවසන් කර නිවසේ විවේක සුවයෙන් සිටින අවස්ථාවක එම මතාව රැඳී සිටින නාවලපිටිය පත්තුනුපිටිය නි​ෙවසට ගිය අවස්ථාවේ එම මාතාව අප සමග මෙසේ අදහස් දැක්වූවාය.   
 
මම උපන්නේ හොරණ මිල්ලෑවේ. අධ්‍යාපනය ලැබුවේ මිල්ලෑව බාලිකා විදුහලෙන්. ඉංග්‍රීසි ගුරුවරියක් විදිහට වැඩ කළා. නංගිලා දෙන්නෙක් හිටියා. ඒ අය දැන් ජීවතුන් අතර නැහැ.   
ලංකාවට ජපන්නු බෝම්බ දාපු දවස් මට හොඳට මතකයි. කන්වලට පුළුන් ගහගෙන දත්වලින් කෝටු හපාගෙන තමයි අපි බෝම්බ පිපිරෙන ශබ්දෙට මුහුණ දුන්නේ. මට ලොකු ආශාවක් තිබුණා නීතිඥවරයෙක් වෙන්න.   
 
1948 නිදහස ලබපු වෙලාවේ ඒ ආශාව තවත් වැඩි වුණා. පනස් ගණන්වල මම නොතාරිස් විභාගයට පෙනීඉඳලා ලංකාවෙන්ම පළමු වෙනියා විදිහට සමත් වුණා. 1962 නොතාරිස්වරුන්ගේ සම්මේලනයට ගිය වෙලාවේ මහත්තයා මුණගැහුණා. එදා සම්මේලනයේ හිටපු එකම කාන්තාව මමයි.   
අපි 1963 විවාහ වුණා. 1966 වෙනකොට අපිට දියණියන් සිව් දෙනෙක් ලැබුණා. විවාහයෙන් පස්සේ මම නීති විද්‍යාලයට ඇතුළු වෙලා නීතිඥයෙකු වෙන්න අවශ්‍ය විභාග කළා. 1970 මම අවසන් විභාගයට ලියන්න ඉන්නකොට මහත්තයා හදිසියේම මිය ගියා. ඒක මට දරාගන්න අමාරුයි අදටත්.   
මම අධ්‍යාපන වැඩ සියල්ල පැත්තක දාලා දරුවන්ගේ වැඩ කරට ගත්තා. මම නොතාරිස් කෙනෙක් විදිහට දිගටම වැඩ කරලා ළමයින්ට ඉගැන්නුවා. මම හැම වෙලාවෙම දුවලා හතර දෙනාට කිව්වේ ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයට යන්න ඕනෑ කියලා. අපේ ළඟ තියෙන මොන දේ කවුරු උදුර ගත්තත් ඉගෙන ගත් දේ උදුර ගන්න බැහැ කියන දේ මම හැම වෙලාවෙම ළමයින්ට කියලා දුන්නා.”   
 
පසුගිය 05 හා 06 දෙදිනේදී ඇය ප්‍රාචීන, මධ්‍යම හා අවසන් විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිව්වාය. සිංහල, ඉංග්‍රීසි, දෙමළ, පාලි හා සංස්කෘත භාෂා මනාව හැසිරවීමේ හැකියාව ඇය සතුය.   
 
‘‘අපිට ඉගෙන ගන්න වයසක් නැහැ. මැරෙනකල් ඉගෙන ගන්න පුළුවන්. දරුවෝ රස්සාවල් කරන්න ගත්තම මව්පියෝ ඉගෙන ගන්න මැළිකමක් දක්වනවා. මම ත්‍රිපිටක පොත් කාණ්ඩ අදත් කියවනවා.   
ඉංග්‍රීසි පොත්පත් කියවනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් පාලි අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීම මගේ අරමුණ. මේ විභාගය පාස් වුණාම මට ඒ උපාධිය හදාරන්න අවස්ථාව ලැබෙනවා.   
 
දෙවියන්ට කරන්න බැරි දේවල් මනුෂ්‍යයින්ට කරන්න පුළුවන්. මම හැමෝටම කියන්නේ මනුෂ්‍යත්වය පහළට දලා වැඩ කරන්න එපා කියලයි. මනුෂ්‍ය ආත්මයක් ලබන්න පිං කරලා තියෙන්න ඕනෑ.   
එහෙම ලැබුණු ජීවිතය අර්ථවත් ලෙස ගෙවා දැමීම තමයි අපේ යුතුකම. බලාපොරොත්තු වෙන හැමදේම ඉටුවෙන්නේ නැහැ. ජීවිතය නොහිතන වෙලාවල්වල කඩාගෙන වැටෙනවා.   
මගේ මහත්තයා මියගිය වෙලාවේ මම කඩාවැටුණානම් අද මගේ දරුවන්ට මොකද වෙන්නේ?   
හැම කරදරයක්ම ජීවිතයට පන්නරයක් කර ගන්න. හැම වැටීමක්ම ජීවිතයට පාඩමක් කරගන්න. ප්‍රශ්න ඉදිරියේ අධෛර්යමත් වෙනවා කියන්නේ පරාජයේ ආරම්භයයි.   
ප්‍රශ්නවලින් පැනලා ගියොත් ඒවා කවදා හරි අපි ඉදිරියට එනවා.  
 
‘‘ලීලාවතී මාතාව තම පරාජයන් ජයග්‍රහණ බවට පත්කරගත් අයුරු එසේ විස්තර කළේ අපට ඉන් ඉගෙන ගත හැකි පාඩම් රැසක් සිහිපත් කරමිනි.   
මම ඉගෙන ගන්නේ අාශාවට. මේ වෙලාවේ උපාධියක් අරන් රැකියාවකට යන්න බැහැනේ. අපි ඉගෙන ගන්න ඕන රස්සාවක් බලාපොරොත්තුවෙන්ම නොවෙයි. විභාගයක් කියන්නේ අප සතුව තිබෙන දැනුම අපටම තක්සේරු කර ගන්න ලැබෙන අවස්ථාවක්. මම ඒකට කැමතියි.   
මැහුම් ගෙතුම් වැඩ මට හොඳට පුළුවන්. බතික් වැඩ කරනවා. මේ ජීවිත කාලය තුළ ඉගෙන ගන්න පුළුවන් හැම දේම ඉගෙන ගන්න. ඉගෙන ගන්න දෙයක් අද ප්‍රයෝජනවත් නොවුණත් ජීවිතයේ කවදා හෝ ඒක අපිට ප්‍රයෝජනවත් වෙන දිනයක් එනවා.   
 
මගේ හිතේ වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය නැහැ. ඒ නිසා තමයි මට තාමත් නිරෝගීව ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. අනිත් අයට තියෙන තමන්ට නැති දේවල් ගැන හිත හිත කාලය නාස්ති කරන්න එපා. ඔබට යමක් ලබා ගන්න අවශ්‍ය නම් ඒකට දැන් මේ මොහොතේ සිටම ක්‍රියාත්මක වෙන්න.   
ඒ සඳහා අවංකව කැපවෙන්න. ඒ ඉලක්කය ඔබට නිසැකවම ජනගත හැකියි. මගේ දියණියන් දෙන්නෙකුගේ දරුවන් තුන් දෙනෙකුට දැන් ළමයි ඉන්නවා. ඔක්කොම පස් දෙනයි...’’ ලීලාවතී මාතාව පවසන්නේ ආඩම්බරය මුසු හැඟීමකිනි.   
 
අනූ හතර වැනි වියේදී විභාගයට පෙනීසිටින තම මවට සහයක් වෙමින් ඇගේ සෙවණැල්ල මෙන් ළඟ සිටින තුන්වැනි දියණිය වන ඉන්දු නීලා ජයලත් ගුරු මාතාව තම මව පිළිබඳ මෙසේ විස්තර කළාය.   
‘‘තාත්තා නැතුව අම්මා අපිව හදා ගන්න ලොකු කැපවීමක් කළා. තරුණ වයසේදීම සැමියා මිය ගියත් අම්මා වෙනත් කසාදයක් නොකරගෙන අපි වෙනුවෙන් ජීවිතය කැප කළා.   
නාවලපිටියේ අපි පදිංචි වෙලා හිටිය ගෙදර පැය 24 පුරාම කවුරුන් හෝ ඇහැරලා ඉන්නවා. ගෑනු අයම සිටි නිසා අම්මා මේක අපිට පුරුදු කළා. සහෝදරියෝ දෙන්නෙක් රෑ 8.00 ඉඳන් 11.00 වෙනකල් නැගිටලා පාඩම් කරනවා. එතකන් අනිත් දෙන්නා නිදා ගන්නවා. ඊට පස්සේ ඒ දෙන්නා නිදා ගත්තම අනිත් දෙන්නා පාන්දර 2.00 වෙනකල් පාඩම් කරනවා. අම්මා හැමදාම උදේ 2.30 ට නැගිටිනවා.   
අම්මට සංස්කෘත කියවන්න පුළුවන් නිසා ඉස්සර අපිව පෞරාණික ස්ථානවලට එක්කන් ගියාම සෙල් ලිපිවල තියෙන ඒවා කියලා දෙනවා.   
 
ගිය අවුරුද්දේ අම්මා වැටිලා උකුල් ඇටයක් බිඳුණා. එයා ඒ නිසා ගොඩක් දුක් වින්දා. ශල්‍යකර්මයක් කරන්න ගියාම දොස්තර මහත්වරු කිව්වා වයස වැඩි නිසා කරන්න බෑ කියලා.   
සිහිය නැති කළොත් ආපහු සිහිය ගන්න බෑ කිව්වා. වෛද්‍යරියක් වන අක්කා කිව්වා අම්මට සියල්ල දරා ගන්න පුළුවන් ඔපරේෂන් එක කරමු කියලා. අප හැමෝම ඒකට කැමැති වුණා.   
අපි දන්නවා අපේ අම්මා ශක්තිමත් කියලා. පහුගිය අවුරුද්දේ මැයි මාසේ 05 වෙනිදා සැත්කම කළා. දොස්තර මහත්වරුන්ටත් පුදුමයි අම්මා ටික දවසකින් නැගිට්ටා. ව්‍යායාම කරලා දැන් අම්මා ඇවිදිනවා.   
මේ විභාගයට උදේ පාන්දර නැගිටලා අම්මා පාඩම් කරනවා. සාමාන්‍යයෙන් ප්‍රාචීන ලියලා වසරකින් තමයි මධ්‍යම ලියන්නේ. මධ්‍යම ලියලා අවුරුද්දකින් අවසාන ලියන්නේ.   
 
ප්‍රාචීන, මධ්‍යම හා අවසාන විභාග තුනටම අම්මා පෙනීහිටියේ දවස් දෙකකදී. අපේ අම්මා කුසෙන් නොවැදුවත් අපිට තවත් නංගී කෙනෙක් ඉන්නවා. උපාධිධාරිනියක්.   
 
එයා වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ රසායනාගාර පර්යේෂණ සහකාර නිලධාරිනියක් ලෙස රැකියාව කරනවා. අම්මා ඉගෙන ගන්න හරිම ආසයි. එයා දරුවෝ හැමෝටම උපාධි ලෝගුව පොරවලා හිසට කළු තොප්පිය දැම්මා. අම්මටත් ඒ ලෝගුව පොරවලා හිසට කළු තොප්පිය දාන එක තමයි අපේ සියලු දෙනාගේ හීනය.’’ යනුවෙන් ඇය පැවසුවාය.   
 
 
රංජිත් රාජපක්ෂ   
ලංකාදීප 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top