විකෘති කාමාශාවන් සදහා කුඩා දරුවන් ඇබ්බැහිකර ගන්නා ගනේමුල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබදව හිරු සී.අයි.ඒ.තොරතුරු හෙළිකරගත්තා.
අද සී.අයි.ඒ.අනාවරණය ඒ පිළිබඳවයි.
කලක පටන් ගනේමුල්ල - බොල්ලත ප්‍රදේශයේ පිරිසක් වයස අවුරුදු 10 – 13 ආදී වයස්වල පසුවන කුඩා දරුවන් තම විකෘති කාමාශාවන් සංසිදවා ගැනීමට යොදා ගන්නා බවට හිරු සී.අයි.ඒ.තොරතුරු හෙළි කර ගත්තා.
එම ප්‍රදේශයේ ජීවත්වන වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා මුහුණ දීමට සිටින දරුවෙකුට අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ පට පෙන්වා ළමා අපචාර සිදුකර ඇත්තේ තවත් කාන්තාවකගේ ද සහය ඇතිවයි.
අපයෝජනයට ලක් වු එක් දරුවෙකු තමන් මුහුණදුන් කටුක අත්දැකීම ප්‍රදේශවාසියෙකුට විස්තර කර තිබුනේ මෙලෙසින්.
තවදුරටත් එම ළමා අපයෝජකයන්ට නිදැල්ලේ සැරිසැරීමට ඉඩ නොතැබු හිරු සි.අයි.ඒ.කණ්ඩායම මේ පිළිබදව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාව දැනුවත් කරනු ලැබුවා.
ඔහුගේ උපදෙස් මත ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් අද එම ළමා අපයෝජකයන් සොයා වැටලීමක් සිදුකළා.
ඒ පිළිබද තොරතුරු හෙට සී.අයි.ඒ.හරහා ගෙන ඒමට අප සුදානම්.