Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
16
"ඒක දුර දිග ගිහින් ලොකු අමනාපයක් හදාගෙන මාලනී අඬන්න ගත්තා. විජය සද්ද නැතිව කට වහගත්තා, එදා එහෙම නොවුණා නම් අද ඒ දෙන්නා විවාහ වෙලා.." - විජය-මාලනී ප්‍රේමය ගැන රවී කියන කතාව

- "ඒක දුර දිග ගිහින් ලොකු අමනාපයක් හදාගෙන මාලනී අඬන්න ගත්තා. විජය සද්ද නැතිව කට වහගත්තා, එදා එහෙම නොවුණා නම් අද ඒ දෙන්නා විවාහ වෙලා.." - විජය-මාලනී ප්‍රේමය ගැන රවී කියන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18 Views

"විජයට මාලනී අත්හැරුණේ එදායින් පස්සෙ කියලයි මට හිතෙන්නෙ..."
 
"විජය ඇතුළට ගිහින් එළියට ඇවිත් පොඩි දරුවෙක් වගේ කෑ ගහලා ඇඬුවා..."
 
" විජය මාලනී දෙන්න කලින් දවසෙ රෑ හොස්පිටල් එකට ගිහින් අයියට වැඳලා ආශීර්වාද අරන් ඇවිත් තිබුණේ.."
 
“ඒ අතීතය මීට දශය හයක අතීතයට දිවෙනවා. අපි දෙන්නම ඒ වකවානුවේ ඉගෙන ගන්නෙ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ. පහේ පන්තියෙදි වගේ අපි එකට හිටිය. ඇත්තටම පාසල් සමයේ තිබූ විශේෂම මතකය අපි දෙන්නම පාසල් සාහිත්‍ය සංගමයේ එක්ව කටයුතු කිරීම. විජය ඉතා විචිත්‍ර කථිකයෙක්. ඔහු කථිකත්වය වෙනුවෙන් රන් කුසලානය දිනාගද්දි සාහිත්‍යකරණයෙන් මම හොඳ කෙටිකතාකරුවෙක් හා ගායකයෙක් විදිහට පාසලේ සම්මානිත වුණා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ඔහු පාසලෙන් ඉවත් වෙලා කඳාන මැසනොද් විද්‍යාලයට ඇතුළත් වුණා. අපේ පාසල් මතකය ඒ තරම් සීමිතයි.
 


විජය මාලනී ප්‍රේමය නිසා වැඩුණු විජය - රවී සොහොයුරු පෙම
 
විජය පාසලෙන් ඉවත් වෙලා වසර කීපකට පස්සෙ මා දැක්කා ඔහුගේ අතිශයින්ම කඩවසම් ඡායාරූප පෙළක්. ඒ ඡායාරූප පෙළ වෙන් වුණේ ‘හන්තානෙ කතාව’ කියලා අලුත් චිත්‍රපටයෙ රඟපාන තරුණ නවක නළුවා හඳුන්වා දෙන්න.
 
මේ වකවානුවේ මම ලයනල්වෙන්ට්ඩ් රංග ශිල්ප ශාලිකාවේ රංගනය සම්බන්ධව ඩිප්ලෝමාවක් හදාරමින් හිටියා. ඒ කාලේ ලයනල්වෙන්ට්ඩ් එකේ ලොකු ප්‍රතිසංස්කරණයක් වෙනවා. අපිට ඕනෑම අවශ්‍යතාවකට එළියට යන්න සිද්ධ වෙන්නේ ශාලාවේ ප්‍රධාන ආලින්දය හරහා. එක දවසක් පුහුණුවීම් නිමවෙලා ඒ ඇඳුම් පිටින්ම මම එළියට දුවගෙන එනකොටයි දන්නෙ, එදා එතැන සිනමාවේ ඉන්න සියලුම තරු එකතු වෙච්චි ලොකු උත්සවයක්. හරියට දිව්‍ය ලෝකයක් වගේ. කලබල වෙච්ච පාර මම ඔවුන් මැද්දෙන් දුවගෙන ගියා වටපිට බලන්නෙ නැතිවම.
 
එකපාරටම මට ඇහුණා “මල්ලී, මල්ලි ” කියලා කතා කරනවා. මම ඈතට ගිහින් ආපහු හැරී බැලුවා. මෙන්න විජය. ඒ වෙනකොට මම ඔහුගෙ ‘හන්තානෙ කතාව‘ බලලා තිබුණට පාසලෙන් පස්සේ මුලින්ම ඔහු හමු වුණේ එදා තමයි. විජය මගෙන් ඇහුව “මොකද බං මෙහෙ කරන්නෙ“ කියලා. මම කිව්වා “නාට්‍ය පාඨමාලාවක් තියනවා. ඒකෙ පුහුණුවීම්වලට ආවා“ කියලා. විජය මට කියනවා “අල්ලා දාපන් බං ඔය නාට්‍යය. වරෙන් අපිත් එක්ක බයිස්කෝප් එකක රඟපාන්න. උඹට බැරිනම් බයිස්කෝප් එකක් හදපන් අපට රඟපාන්න“ කියලා.
 
විහිළුවට වගේ වුණත් විජය තමයි මට චිත්‍රපටයක රඟපාන්න ආරාධනා කරපු පළමුවැනියා. ඒ හමුවීමෙන් පස්සේ අපි අතරෙ හොඳ බැඳීමක් ඇති වුණා. මම දිගටම ලයනල්වෙන්ට්ඩ් එකට එනවා. අපේ යාළුකම හින්දම විජයත් මාව බලන්න සතියකට සැරයක් දෙසැරයක් එහෙට එනවා.
 
ඒ, විජය මාලනී එක්ක ආදර සම්බන්ධය ගොඩනැඟෙන කාලේ. සබකෝලය, කුහුල එක්ක සමාජයෙ ප්‍රසිද්ධියෙ හැසිරෙන්න බෑ ඒ කාලෙ. ඉතින් ඔවුන්ගෙ සහායකයා වෙන්නෙ මම. දෙන්නගේ ආදරණීය අවස්ථා සම්බන්ධීකරණය වෙන්නෙ මගෙ අතින්. විජය ඒ වකවානුවෙ ජනප්‍රියයි. මාව කිසිම කෙනෙක් දන්නෙ නෑ. ඉතින් මම සියලු දෙනා ගැවසෙන ලොකු සිනමා උත්සව, ප්‍රිය සම්භාෂණ අවස්ථාවලදි මාලනීගේ රියදුරා. ඔවුන් දෙදෙනා උත්සවයෙන් පසුව මුණගැහෙන තැනට මාලනීව එක්ක යන්නෙ මම. හරිම ප්‍රේමණීය සම්බන්ධයක් ඒක. සමහර දවස්වල ඔවුන් මුණ ගැහෙන වෙරළ තීරයක ඔවුන් දෙන්නට නිදහසේ කතා කරමින් ගත කරන්න දීලා මම වාහනේට වෙලා පැය ගණන් ඉන්නවා.”
 
තුන්දෙනා එකට හමුවූ මුල්ම චිත්‍රපටය
අපි තුන්දෙනාම එකට රඟපෑවේ ‘ගංගා’ චිත්‍රපටයේ. ඒ වකවානුවෙත් මම ලයනල් වෙන්ට්ඩ් යනවා. ඒ චිත්‍රපටයෙ තමයි රංගන ශිල්පීන් විදිහට මමයි විජයයි මාලනීයි එකට හමුවුණේ.
 
මේ වනවිට අපි අපූරු සහෝදර බැම්මකින් බැඳිලා. ඒ අවධියෙ විජය සහ මාලනී ප්‍රේමය උතුරා ගලන කාලය. මම ඔවුන් දෙපළගේ ආදරණීය සහෝදරයා. ඒ බැඳීම සෑම විටම ඇය මගෙම ලෙයින් උපන් සහෝදරිය කියන හැඟීම මට ලබා දුන්නා. එක් වකවානුවක රංගන ජීවිතයේ මගෙ ප්‍රේමණීයම නිරූපණයන් සිදු වුණේ මාලනී එක්ක. එහෙත් එක් ඇසිපිල්ලමක් හෙළීමෙන් හෝ ඒ බැඳීමට හානියක් කරන්න අපි දෙන්නම උත්සාහ කළේ නෑ. තවමත් ඇය කියන්නෙ සිනමා ජීවිතයේ ඇගේ ලොකු අයියා මා කියලයි. ”
 
 එක දවසේ මංගල උත්සව දෙකක සැලසුම
“මේ සම්බන්ධය ගලාගෙන ගියේ ඉතාම අභව්‍ය හා අවාසනාවන්ත සිදුවීම් ගණනාවක් එක්ක. ඒ වකවානුවෙ මගෙ අදහසක් තිබ්බා ප්‍රීතියි මමයි, මාලනීයි විජයයි එක දවසෙ විවාහ වෙන්න. විජයගෙත් ඒ අදහස තිබ්බා. එක දවසේ පල්ලියෙ විවාහ වෙන්න අපි සැලසුම් කළත් මොනව හරි සිදුවීමක් එක්ක ඒක පස්සට ගියා.
 
මේ අවසාන කථිකාව වෙන්නේ ‘පෙම්බර මධු’ චිත්‍රපටයෙ ෂූටින් දවස්වල. ෂූටින් අතර ලැබුණු විරාමයකදී විජය, මම සහ මාලනී අපේ විවාහ ගැන සැලසුම් සකස් කරමින් හිටියා. එක සැරේම දෙන්න අතරෙ නොරිස්සුමක් ඇති වුණා. ඒක දුර දිග ගිහින් ලොකු අමනාපයක් හදාගෙන මාලනී අඬන්න ගත්තා. විජය සද්ද නැතිව කට වහගත්තා. අපි එක දවසෙ පල්ලියෙ විවාහ වෙනවා කියන හීනය හරි යන්නෙ නෑ කියලා මට හිතුණා. මුන් දෙන්න එක්ක බඳින්න හිටියොත් මටත් බඳින්න වෙන්නෙ නෑ කියලා මං හිතුවා. ඒ දෙන්නගෙ විවාහ සැලසුම තවත් කල් ගියා. මමයි ප්‍රීතියි බැන්ඳා.
 
අවමංගල්‍යයකින් අවසන් වූ මංගල්‍යය
මේ වෙනකොට ඔවුන් පාක් රෝඩ් එකේ ෆ්ලැට් එකක හිටියේ. මගෙයි ප්‍රීතිගෙයි විවාහය සිදුවෙලා අවුරුදු දෙකකින් විතර පස්සේ එක දවසක් උදේ අර්නට්ස් වඩුගේගෙන් මට පණිවිඩයක් ආවා. මම හිටියෙ දුර ඈතක ලොකේෂන් එකක. මාව හොයලා බැරිම තැන විජය අර්නට්ස්ව හම්බවෙන්න ගිහින් තිබුණා මට විජයගෙ සහ මාලනීගෙ මංගලෝත්සවය ගැන කියන්න.
 
අර්නට්ස් මට කිව්වෙ, මාලනීගේ උපන්දිනේ යෙදෙන අප්‍රේල් 30දාට විජය, මාලනී දෙන්න විවාහ වෙනවා කියලා. ඉතාම සමීප කීපදෙනෙක් විතරක් සහභාගි වෙන ඒකට මට කොහොමහරි එන්න කිව්වා කියලයි. මට අප්‍රමාණ සතුටුයි. මේක අහලා මම ලොකේෂන් එකෙන් ආවෙ කුරුල්ලා වගේ. පහුවදා උදේම ඇඳගෙන මම ගියා විජයගෙ පාර්ක් රෝඩ් ගෙදරට. 8.30 වෙනකොට මම එතන. ඒත් මඟුල් ගෙදරක් සම්බන්ධව කිසිම හෝඩුවාවක් නෑ. මම උඩට යනකොට මාලනීගේ අම්මා කම්මුලට අත තියාගෙන ජනේලෙන් එපිට බලාගත් අතේ බලාගෙන මහා විස්සෝපයකින් ඉන්නවා. එතකොට මාලනී ආවා ගේ ඇතුළෙ ඉඳන්. හරිම අපේක්ෂා භංග වෙච්චි ගමනකින් ආවේ. ඇවිත් මට කතා කළා.
 
“ රවී... අපි අද බඳින්නෙ නෑ. විජයගේ අයියා අද පාන්දර නැතිවුණා” කියලා. විජයගෙ අයියා, ඒ කියන්නෙ ජීවන්ගෙ තාත්තා සෑහෙන කාලයක් අසනීපයෙන් හිටියෙ. විජය මාලනී දෙන්න කලින් දවසෙ රෑ හොස්පිටල් එකට ගිහින් අයියට වැඳලා ආශීර්වාද අරන් ඇවිත් තිබුණේ. ඊට පැය ගාණකට පස්සේ තමයි ඔහු මැරුණ වග ආරංචි වෙලා තිබුණේ.
 
දෛවය හරිම පුදුමයි කියන්නෙ මේ සිදුවීම් එක්ක. ඔහු ගොඩක් කල් අසනීපෙන් හිටියෙ. ඇත්තටම මේ මරණය තව පැය කීපයක් පහු වුණා නම් බොහෝ දෙනකුගෙ ඉරණම වෙනස් වෙන්න තිබුණා. එහෙනම් විජය- මාලනි විවාහය සිදුවෙනවා. එහෙනම් ඔහු චන්ද්‍රිකා සමඟ විවාහය නොවෙන්න තිබුණා. ඔහුගේ දේශපාලන ගමන මේ තරම් ප්‍රවේගකාරී නොවෙන්න තිබුණා. කොටින්ම විජය තවමත් අප අතර ඉන්න තිබුණා. ඒත් ඒ පැය කීපය රටේ දේශපාලන දිශානතියත් වෙනස් කළා කියලා අද මට හිතෙනවා.
 
එතනින් එහාට තිබුණෙ අවමංගල්‍ය සූදානමක්. විජය මහපු මඟුල් ඇඳුම තිබුණේ මාලනීගෙ ගෙදර. ඉතාම ලස්සන ඕෆ් වයිට් නැෂනල් සූට් එකක් ඔහු මස්සවලා තිබුණා. අපි රේමන්ඩ් එකට ගිහින් අයියගෙ දේහයට ඇන්ඳුවෙ විජයගෙ ඒ අලුත්ම මඟුල් ඇඳුම.
 
බොඩි එක ලෑස්ති කරනකම් අපි මිදුලෙ හිටියෙ. පණිවිඩය ආවා දැන් දේහය සූදානම්, ඇවිත් බලන්න කියලා. විජය ඇතුළට ගිහින් එළියට ඇවිත් පොඩි දරුවෙක් වගේ කෑ ගහලා ඇඬුවා. පාරේ බස්වල යන මිනිස්සු පවා ජනෙල්වලින් බෙල්ල එළියට දාලා බැලුවා. ඔහු මහා ඛේදවාචක රැසක ආවේගය පිට කරගත්තෙ එහෙම. මඟුල් ගෙදරට ආපු මම අවමංගල කටයුතුත් කරලා ගෙදර ආවා.
 
මේ සිදුවීමෙන් පස්සේ දෙන්නගෙ සම්බන්ධය ටික ටික ඈත් වුණා. මාලනී හරිම ශක්තිමත් ගැහැනියක්. ඇය විජයගෙ බොහෝ දේවල් දරාගෙන නිහඬව ක්‍රමයෙන් ඔහුගෙන් දුරස් වෙලා ඔහුට ඔහුගෙ ගමන යන්න හැරියා. නමුත් කවදාවත් දෙන්න එක වචනයකින් දෙන්නගෙ නුගුණක් පිටට කිව්වෙ නෑ.”
 
මාලනීගේ දරා ගැනීම
 
“එය මම දැක්කේ එක් තීරණාත්මක සිදුවීමක් එක්ක. ඒ දවස්වල මමත් මාලනීත් වැලිමඩ ෂූටින් එකක හිටියෙ. මම හැමදාම ගෙදර ඉඳන් ලොකේෂන් එකට යන්නේ. ඒ යන ගමන මම සරසවිය පත්තරයක් අරන් ගියා. අන්තිමට ලොකේෂන් එකට යන්නෙ මම. මම ඇත්තටම පත්තරේ පෙරළලා බැලුවෙ නෑ. මම ඒක මාලනී අතට දීලා අනිත් අයත් එක්ක කතා බහේ ඉන්නකොට මම දැක්කා ඇය පත්තරේ පෙරළනවා. එකපාරටම ඇය ගල්වුණා. පත්තරෙත් අරන් හිමින් මගෙ කාර් එකට ගියා. ගිහින් පිටිපස්සෙ සීට් එකේ ඉඳගත්තා. ගොඩාක් වෙලා බලාගත් අතම බලාගෙන හිටියා. මම පස්සෙ දැක්කෙ ඒ පත්තරේ පිරිලා තිබුණෙ විජයගෙ සහ චන්ද්‍රිකාගෙ මංගල ඡායාරූපවලින්.
 
ඇගේ ඒ දරාගැනීම මාවත් කම්පනයට පත් කළා. මම වචනයක්වත් ඇයගෙන් ඇහුවෙ නෑ, ඇයත් එක් වචනයක්වත් කිව්වෙ නෑ. ඒ කාලය ගතකරලා ඇවිත් ඇය කිසිම දෙයක් වුණේ නෑ වගේ ෆිල්ම් එකේ වැඩවලට එකතු වුණා.
 
 වෙන්වීමෙන් පසු
 
වෙන් වුණු පසුත් ඔවුන් කාටවත් පරිභව කරගත්තෙ නෑ. දෙන්නට දෙන්න ගෞරව කළා. ඒක ගැඹුරු අධ්‍යාත්මික බැඳීමක්. ඒ බැඳීම මොකක්ද කියලා මං හිතන්නෙ දෙන්නටම වැටහෙන්න ඇත්තෙ වෙන් වුණාට පස්සේ. මම ඒ ගෞරවනීය බැඳීමට හැමදාම ගරු කරනවා. මාලනී ඇගේ ජීවිතේ වෙච්චි හැම හැල හැප්පීමක්ම සහෝදරයෙක් විදිහට මාත් එක්ක පුළුවන් ප්‍රමාණයෙන් බෙදා ගත්තා. විජයගෙ මරණය අපි කාටවත් දරාගන්න පුළුවන් සිදුවීමක් වුණේ නෑ. ඔහුගෙ මරණය ආරංචි වෙනකොට මම හිටියෙ මැණික් කුරුකුලසූරිය එක්ක ෆොටෝ ෂූට් එකක. මරණයේ ආරංචිය අරන් ආවේ වේෂ නිරූපණ ශිල්පී ලලිත් ධර්මවර්ධන. ඒ මතකය මාව තවමත් කම්පා කරනවා.
 
ආදරයේ, මනුෂ්‍යත්වයේ සාධනීය වටිනාකම් වඩාත්ම දැනෙන්නෙ ඒ සියලු දේ අත්හැරෙන මොහොතෙ. මේ සියලු අතීත ආවර්ජනා අතර දෛවයේ පුදුමාකාර හැසිරීම් රටාව ගැන මම තවම කල්පනා කරනවා.”
 
ටානියා මෝසස්
රසඳුන
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top