හිරු වගේ වෙන්න පුලුවන් හිරුට විතරයි. ඊයේ රැය පහන් වෙද්දී ශ්‍රී ලාංකීය ප්‍රාසාංගික ඉතිහාසය උඩු යටිකුරු කරමින් එළිමහන් සංගීත ප්‍රසංගයක් සදහා පැමිණි වැඩිම ජන සහභාගීත්වයේ හිරු තබා තිබූ වාර්තාව හිරුම අභිබවා යද්දී කාට කාටත් මෙහෙම තමයි කියවුනේ. ඒ 17වන හිරු අභිමානය සමරමින් අම්පාරේදී පැවති HIRU MEGA BLAST ප්‍රසංගයට පැමිණි ජන ගඟ නිසයි.
ලංකාවේදී ජාත්‍යන්තර මට්ටමේ එළිමහන් සංගීත ප්‍රසංගයක අත්දැකීම ඔබට උරුම කරදෙන එකම කරළිය HIRU MEGA BLAST වේදිකාවයි. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති ගරු
රේනෝ සිල්වා මහතාගේ තවත් අද්විතීය සංකල්පයකට අනුව ඇරඹි HIRU MEGA BLAST යනු අද වන විට ලාංකීය එළිමහන් ප්‍රසංග කලාවේ රන් සළකුණයි.
හිරුගේ 17 වෙනි සංවත්සරයේ උච්ච ස්වරය දසත පතුරන්නට අම්පාර H.M වීරසිංහ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති HIRU MEGA BLAST ප්‍රසංගය ‘ලංකාවේ වැඩිම පිරිසක් එකවර නැරඹූ එළිමහන් සංගීත ප්‍රසංගය’ ලෙසින් ලාංකීය ප්‍රාසාංගික ඉතිහාසයේ රනින් ලියැවුණා.
ප්‍රසංගය ආරම්භය සනිටුහන් වෙද්දිත් ක්‍රීඩාංගණය දෙපසින් දිවෙන ප්‍රධාන මාර්ග දෙක ඇතුළුව අම්පාර නගරයේ ප්‍රධාන මාර්ග සියල්ල හිරුට ලබැඳි දහස් සංඛාත වූ ජනතාවගෙන් පිරී ඉතිරී ගියේ හිරුගේ ශක්තිය බලය ජීවමාන කරවමින්.
රොෂාන් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් ෆ්ලෑෂ්බෑක් සංගීතයෙන් රසවත් වුණු සෙන්සේෂන් දඟකාර නර්තන වින්‍යාසයෙන් හැඩවුණු ඊයේ HIRU MEGA BLAST ප්‍රසංගය දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ හඬින් බැබලෙද්දී .ඒ අපූර්වත්වය යළිත් ඔබම දෑසින් දැක විඳගන්න HIRU MEGA BLAST ප්‍රසංගයේ ඡායාරූප එකතුව මෙතනින් බලන්න.